අප කවුරුන්ද

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම මෙරට විශාලතම රාජ්ය රක්ෂණායතනයයි. 1962 දී පූර්ණ රාජ්ය ව්යස්ථාපිත සංස්ථාවක් ලෙස බිහිවු මෙම ආයතනය වසර 6ක පමණ කෙටි කාලයක් තුළ පාලනය වුයේ සීමාසහිත පුද්ගලික සමාගමක් යටතේය. එසේවුවද අද එය වත්මන් රජය විසින් 2009 ජුනි මස 4 වෙනි දින සිට පූර්ණ වශයෙන් ම රජය වෙත පවරා ගෙන ජාතිය සතු කරන ලදී. වත්මන් රජය යටතේ පාලනයට වන දැවැන්ත රක්ෂණායතනය බවට පරිවර්තනය වී තිබෙන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම රක්ෂණ කර්මාන්තය තුළ බිලියන 90.3 ක විශාලතම ජීවිත රක්ෂණ අරමුදලක් සමඟ රැපියල් බිලියන 6 ක ප්රාග්ධනායනයකින් සමන්විත රුපියල් බිලියන 171.8 කට වැඩි අසමසම වත්කම් සම්භාරයක් සිය විශේෂඥ දැනුමින් සහ මනා කළමනාකාරිත්වයකින් පෝෂණය කරයි.
ශ්රී ලංකා රක්ෂණ කර්මාන්තයේ පුරෝගාමියා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙතාක් කල් දිවයින පුරා දියත් කළ රක්ෂණ මෙහෙයුම් තුළින් ලබා ඇත්තේ අසමසම අත්දැකීම් සම්භාරයකී.

සමාගම සතු මුල්ය ස්ථාවරය හා නව්යවු ප්රතිරක්ෂණ ක්රියාවලිය තුළින් නව මාවත් විවර කර ගනිමින් පසු කළ සෘජු ගමන් මගෙහි ප්රතිඵලය සනිටුහන් කරමින් රුපියල් බිලියන 39.5 ක මුදල් සම්භාරයක් සවකීය රක්ෂණ උරුමකරුවන් වෙත ගෙවීමට සමත්වු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත ප්රදානය කළ රුපියල් බිලියන 5.4 ක ප්රසාද දීමනා නිකුතුව මෙතෙක් රක්ෂණ ඉතිහාසයේ ලියැවුනු දැවැන්තම රක්ෂණ ප්රසාද නිකුතුවයි.

රාජ්ය රැකවරණයත් නිසි මගපෙන්වීමත් මත දශක ගණනාවක් තිස්සේ රක්ෂණ කේෂ්ත්රය තුළ විශදභාවයෙන් ක්රියා කළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාරක්ෂණ කර්මාන්තයෙහි අනාගතය සමෘද්ධිමත් කරමින් සැමගේ ගෞරවයට පාත්රවෙමින් පැමිණි දිගු ගමන්මග තවදුරටත් දිගුකාලින සැබැඳියාවකට මුලපුරනු ඇත.

හිමිකාරිත්වය

පුර්ණ වශයෙන්ම ශ්‍රී ලංකා රජයට අයත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ක්‍රියාත්මක වන්නේ මුදල් අමාත්‍යාංශය යටතේය. දශකයකට අධික කාලයක් රක්ෂණ ක්ෂේත්‍රයෙහි සෙවනැල්ල මෙන් සිටින අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් හා නිසි මගපෙන්වීම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනෙන් දින සාර්ථකත්වය කරා ලඟා වී මේ රහස වන්නේය. බහුවිධි ව්‍යාපාරයන් සඳහා කරන ලද ආයෝජනවලින් සමාගම ලත් ජයග්‍රහණ කොටස් හිමියන්ගේ ප්‍රසාදයට පාත්‍ර වී තිබෙන බව ද කිව යුතුය. මෙතෙක් විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රයන් වෙත උපාය මාර්ගිකව විහිදු රක්ෂණ ආයෝජන සැමවිටම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හී ජයග්‍රහණයට මෙන්ම සාර්ථකත්වයට ද හේතු වී තිබීමෙන් ප්‍රකට වන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතු නොසැලෙන ශක්තියයි.

බැංකු හා මුල්‍ය ශක්තිය

කොමර්ෂල් බැංකුව 9.5% ඩී එෆ් සීසී බැංකුව10% හැටන් නැෂනල් බැංකුව 15% සෙලාන් බැංකුව 15% සහ නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව 10.5%

සෞඛ්‍ය හා ආරක්ෂණය

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකා ජනතාවට විශේෂඥ වෛද්‍ය සේවාවක් සැපයෙන ලෝකයේ අති නවීන වෛද්‍ය උපකරණ වලින් සහ විශිෂ්ඨ වෛද්‍ය වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩලයකින් සමන්විත තරැ පන්තියේ ආරෝග්‍යශාලාවක් වන ලංකා හොස්පිටල්ස් හී පාලනයට ප්‍රමාණවත් කොටස් අයිතියකට හිමිකම් කියයි.

විදුලි හා බලශක්ති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ආ‍යෝජන කළඹට එක් කළ නවතම ආ‍යෝජනය ලිට්රෝ ගෑස් සමාගමයි. ෂෙල් ගෑස් ලංකා සමාගම සහ ෂෙල් ටර්මිනල් ලංකා සමාගම සතුව තිබු අමෙරිකානු ඩොලර් මිලියන 63 ක කොටස් ප්‍රමාණයක් තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත් විය. අද නව වෙළඳ නාමයකින් හැඳින්වෙන ලිට්රෝ ගෑස් සමාගම හා ලිට්රෝ ටර්මිනල් ලංකා සමාගම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතු නව ආ‍යෝජන සම්පත් වේ.

සංචාරක හා විනෝදාස්වාද

රක්ෂණ ව්‍යාපාරය තුළ විවිධත්වයට මුල්තැන දෙමින් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන සංචාරක හා විනෝදාස්වාද ක්ෂේත්‍රය හරහා නිවාඩු නිකේතන හා ස්පා ව්‍යාපාර සඳහා ආ‍යෝජනයට ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පිවිස සිටීම ඔවුන් සතු ව්‍යාපාර විවිධාංගකරණීයතාවෙහි තවත් පැහැදිළි ලක්ෂණයකී.

ඉදිකිරීම් හා ඉන්ජිනේරැමය කර්මාන්තය

කලම්බු ඩොක්යාර්ඩ් සමාගමට අයත් 10% ක ව්‍යවසායක හිමිකම් සඳහා ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආ‍යෝජන‍යෙන් දායකව සිටී.

සම්මාන සහ සුදුසුකම්

AAA RAM රේටින්ස්

RAM රේටින්ස් පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම සතු දිගුකාලින ගෙවීම් පිළිබඳ හැකියාව සහා මුල්‍ය ස්ථාවරය අගයමින් ඒ සඳහා වන ඉහළම ශ්‍රේණිගත කිරිම වෙනුවෙන් පිදෙන AAA සම්මානය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම වෙත ප්‍රදානය කර තිබේ.

ISO ජාත්‍යන්තර තත්ත්ව සහතික සම්මානය

ISO 9001:2008 ජාත්‍යන්තර තත්ත්ව සහතික සම්මානයෙන් පිදුම් ලද ශ්‍රී ලංකාවේ පළමුවන හා එකම රක්ෂණායතනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමයි. ගුණාත්මක කළමනාකරණය, නිවැරදි පාලන ක්‍රියා මාර්ග , නිරවද්‍යතාව, කාර්යක්ෂම මෙහෙයුම් ක්‍රියාවලිය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් යනාදි ලක්ෂණ ඇගයුමට ලක් වී තිබේ.

AA (Ika) ෆිච් රේටින්ස්

ෆිච් රේටින්ස් සමාගම විසින් ජාතික දිගුකාලින රක්ෂණයේ ඉහළම ශ්‍රේණිගත කිරීමත්, ජාතික රක්ෂණ මුල්‍ය ස්ථාවරය සඳහා වන ඉහළම ශ්‍රේණිගත කිරිමත් AA (Ika) ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත ප්‍රදානය කර තිබේ. වසර දෙකක් තුළ පැවති මුල්‍යමය අවදානමක් තුළ උවද සිය මෙහෙයුම් වර්ධනය කරමින් යහපත් මුල්‍ය ශක්තියකින් නැගීසිටීම සහ 2010 වසරේ ලාභදායි මුල්‍යස්ථාවරයක් පවත්වා ගැනීම යනාදි කාරණා මෙම උසස් ශ්‍රේණිගත කිරිමේ දී සැලකිල්ලට ගෙන තිබුණි.

අපගේ දැක්ම

ජාතියේ විශ්වාසනීය රක්ෂණ සංස්ථාව වීම.

අප සතු මෙහෙවර

අපගේ පාරිභෝගිකයින් වෙත නිරන්තරයෙන් නව්‍ය වු ද ඵලදායි වු ද රක්ෂණ සේවාවක් සැපයීම සහ එමගින් අපගේ කාර්ය මණ්ඩලය වෙත එහි ප්‍රතිලාභ ලබා දෙන අතරම අපගේ කොටස් හිමියන් වෙත වැඩි වටිනාකම් ලබා දෙමින් හා අපගේ පාරිභෝගිකයින්ගේ විශ්වාසය හා ප්‍රසාදය දිනා ගන්නා රක්ෂණ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරිම

ndbcha

හේමක ඩී.එස්.අමරසූරිය මහතා

සභාපති

කීර්තිමත් වෘතිකයකු වන හේමක අමරසූරිය මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ සාඩම්බර නිර්මාණයකි. පරිපාලකයකු ලෙස සිය වෘතීය දිවිය ආරම්භ කල ඒ මහතා සින්ගර් ශ්‍රී ලංකා සමූහයේ සභාපති හා හිටපු කළමනාකාර අධ්‍යක්ෂ, NDB බැංකුවේ හිටපු සභාපති වශයෙන් තනතුරු දරා ඇත. තවද, ශ්‍රී ලංකා බාටා පාවහන් සමාගම, බාටා අපනයන (පුද්.) සමාගම, සී.ස.ACL කේබල්ස්, සී.ස. සී.ඩබ්.මැකී, සී.ස. ලංකා ඇළුමීනියම්, සී.ස. ඇක්මී ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජිං සහ තවත් පුද්ගලික සමාගම් ගණනාවක අධ්‍යක්ෂක ධූර හොබවයි. එක්සත් ජනපදයේ රීටේල් හෝල්ඩිං හි හා සින්ගර් ඒෂියා හි  හිටපු උප සභාපති, සිංගර් බිස්නස් කවුන්සිල් වර්ල්ඩ්වයිඩ් හි සභාපති වශයෙන්ද එතුමා කටයුතු කර ඇත.

bangsa

ටී.එම්. ආර්.බන්ස ජයා මහතා

සම කළමණාකාර අධ්‍යක්ෂ

හිටපු පොලිස් කොමිසම් නිලධාරියකු වන ටී.එම්. ආර්.බන්ස ජයා මහතා වසර 29ක් පොලිස් සේවයේ මහඟු මෙහෙවරක් කර ඇත. එතුමාගේ නිළ කාලය තුල නියෝජ්‍ය කථානායක වරයාගේ හා උතුරු නැගෙනහිර ආන්ඩුකාරවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ලෙස කටයුතු කර ඇත.

MD6

අරුණ සිරිවර්ධන මහතා

සම කළමණාකාර අධ්‍යක්ෂ

අරුණ සිරිවර්ධන මහතා ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු හා ගිනිකොණ දිග ආසියාවේම ප්‍රථම සෙලියුලර් දුරකථන සමාගම වන සෙල්ටෙල් ලංකා පුද්ගලික සමාගමේ (දැන් එටිසලාට්) සම නිර්මාතෘ සහ පළමු සභාපති වේ. මෙම දුරකථන ජාලය 80 දශකයේ අග භාගයේදී දියත් කිරීම සඳහා ඇමරිකානු සමාගමක් වන මිලිකොම් ඉන්ටනැෂනල් ලංකාවට හඳුන්වා දීම සඳහා මුල් වූයේද ඔහුය

මහාචාර්ය ලාල් ගෝඨාභය චන්ද්‍රසේන

විධායක නොවන අධ්‍යක්ෂ

වෘත්තියෙන් සායනික ජීව රසායනඥයකු වන මෙතුමා වසර 24ක් විශ්වවිද්‍යාල අධ්‍යයන අංශයේ ක්ෂේත්‍රයේ හා වසර 22ක් රෝහල්, සෞඛ්‍ය පරිපාලන හා විද්‍යාගාර ක්ෂේත්‍රයේ නියුතුව සිට ඇත. කැළණිය විශ්වවිද්‍යාලයේ ජීව රසායන හා සායනික රසායන විද්‍යා මහාචාර්ය ලෙස කටයුතු කර 2011 වසරේදී විශ්‍රාව්ම ගත් මහාචාර්ය ලාල් ගෝඨාභය චන්ද්‍රසේන ගෞරවනීය විශ්‍රාමලත් මහාචාර්ය පදවි දරයි

ප්‍රියංග අල්ගම මහතා

විධායක නොවන අධ්‍යක්ෂ

දැනට රාජ්‍ය මුදල් කටයුතු, පොදු භාන්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ අධ්‍යක්ෂ ජනරාල් තනතුරු හොබවන මෙතුමා එක්සත් ජනපදයේ මැසචුසේට්ස් විශ්වවිද්‍යාලය හා අනුබද්ධ සිංගප්පූරුවේ නන්යන් තාක්ෂණික ආයතනයෙන් ව්‍යාපාර කළමණාකරන පස්චාත් උපාධියක්ද කැළණිය විශ්වවිද්‍යාලලෙන් වානිජ්‍ය විෂයෙන් ගෞරව උපාධියක්ද දරයි. තවද ඔහු ඕස්ටේලියාවේ CPA (සහතිකලත් ගණකාධිකාරී) හි සාමජිකත්වය දරයි.

සංජය පද්මපෙරුම මහතා

විධායක නොවන අධ්‍යක්ෂ

ඇමරිකාවේ බටහිර කැරොලිනා විශ්වවිද්‍යාලයෙන් පරිගණක තොරතුරු පද්ධති පිළිඹඳ විශේෂ වූ ව්‍යාපාර කලමණාකරන උපාධියක් දරයි. තවද පරිගණක පද්ධති විශ්ලේෂණය හා නිර්මාණකරණය පිළිඹද ඩිප්ලෝමාවක්ද, කැලිෆෝනියාවේ ඩියැබ්ලෝ වැලී විද්‍යාලයෙන් පරිගණක තොරතුරු පද්ධති අංශයේ ජයග්‍රහණ සම්බන්ධයෙන් සහතිකයක්ද ලබා ඇති සංජය පද්මපෙරුම මහතා සවුත් ඒෂියන් ටෙක්නොලොජීස් පුද්. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙසද ක්‍රියා කරයි.

ප්‍රදීප් ලියනමාන්න මහතා

විධායක නොවන අධ්‍යක්ෂ

ප්‍රදීප් ලියනමාන්න මහතා දශක දෙකකට වැඩි දෙස් විදෙස් අත්දැකීම් වලීන් පරිපූර්ණ ආර්ථික සංවර්ධනය පිළිඹද වෘත්තීයවේදියෙකි. එතුමා තරඟකාරී බව ප්‍රගුණ කරීම, ආයෝජන, ඵලදායීතාවය හා සේවා නියුක්තිය වැඩිදියුණු කිරීම අංශයෙන් කර්මාන්ත ගණනාවක සේවය කර ඇත. ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයේදී පොදු-පුද්ගලික සම්බන්ධතා ගොඩනැගීම හා ක්‍රියාවට නැංවීමෙන්ද මනා දායකත්වයක් ලබා දී ඇත.

අප තෝරාගත යුත්තෙ ඇයි

රක්ෂණ සහකරු ලෙස ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් තොරාගත යුත්තේ ඇයි

  1. රජයට අයත් සමාගමක් වීම

50 වසරක රක්ෂණ ක්ෂේත්රයේ දැවැන්තයා ලෙස ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් දිනෙන් දින දියුණුවෙන් දියුණුවට ගමන් කරමින් සිටී.තම දීර්ඝ කාලීන පලපුරුද්ද ඉහළ තාක්ෂණික දැනුම මනා පුහුණු කාර්යය මණ්ඩලය සහ රට පුරා විසිරී ඇති ශාඛා ජාලයෙන් පෙන්වන්නේ ඉහළ පාරිභෝගික සේවාවත්,විශ්වාසවන්තභාවයත්ය, ශක්තිමත්බව හා මූල්‍ය ස්ථාවරත්වය නිසා දෙවතාවක් නොසිතා විශ්වාසය තැබිය හැකි ශ්‍රි ලන්කවේ එකම රක්ෂණ සමාගම ලෙස ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් හදුන්වාදිය හැක්කේ සමාගමට පමනක් උරුම වූ , ජාත්යන්තරව පිලිගැනීමට ලක්ව ඇති හේතු කාරණා නිසාවෙන්ය.

  1. විශාල වත්කම් ප්‍රමානයකට උරුමකම් කීම

රු බිලියන 167.8 ක දැවැන්ත වත්කම් ප්‍රමාණයක් කළමණාකරනය කරන රාජ්‍ය ආයතනයක් වන ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් මෙරට විශාලතම රක්ෂණ සමාගම වන නිසා ඔබේ ආරක්ෂාව සහතිකයි.

  1. ශ්‍රි ලංකා රක්ෂණ ක්ෂේත්රයේ විශාලතම ජීවිත රක්ෂණ අරමුදල

ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ක්ෂේත්රයේ විශාල මුල්‍ය ශක්තියක් ඇති ස්ථාවරම රක්ෂණ සමාගම වන අතර, බිලියන 77.8 ක් ඉක්මවූ ශ්‍රි ලංකා රක්ෂණ ක්ෂේත්රයේ විශාලතම ජීවිත රක්ෂණ අරමුදලට හිමිකමි කියයි

  1. පලමුවන වසරේ සිට බෝනස් මුදල සහතික වීම

ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් විසින් පලමුවන අවුරුද මුල සිටම බෝනස් මුදල් රක්ෂිතයන්ට ගෙවීම සිදු කරයි තව දුරටත් පැහදිලි කරන්නේනම් මෙම බොනස් මුදල ගනනය කිරීම සිදු කරන්නේ මුළු රක්ෂිත මුදල මත පදනම්ව වන අතර රක්ෂණ වාරිකය මත පදනම්ව නොවේ.

  1. ස්වාධීන මූල්‍ය ඇගයීම්

AA ( ika) Fitch Ratings, මූල්‍ය ශක්තිය හා ස්ථාවරත්වය වෙනුවෙන් Fitch Ratings ලන්ඩන් සහතිකය දිනා ඇති ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් එවැනි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමකින් පිදුමි ලැබූ මෙරට පළමු රක්ෂණ සමාගමයි.එය අපගේ දිගුකාලීන මූල්‍ය ස්ථාවරත්වයට ලැබුණු ස්වාධීන ඇගයීමකි.

AAA Ram Ratings, ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් RAM ශ්‍රේණිගත කිරීම අනුව AAA ශ්‍රේණීය ලැබූ මෙරට එකම රක්ෂණ සමාගමයි.අපගේ දිගුකාලීන හිමිකමි පියවීමේ හැකියාව අගයමින් ලබාදුන් මෙය රක්සණ හිමියාගේ අවශ්‍යතා නිසි පරිදි ඉටු කිරීමට අපසතු හැකියාව පිලිබද සහතිකයයි

  1. අන්තර්ජාතික තත්ව සහතික වලින් පිදුම් ලැබීම

ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් හිමිකම් නිරාකරණ ක්‍රියාවලිය, ඉතා ඉහල තත්වයකින් පවත්වාගෙන යන්නකි. ශ්‍රි ලංකා රක්ෂණ ක්ෂේත්‍රයේ අනෙක් කිසිම සමාගමක නොමැති සේවා ප්‍රමිතීන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතුව ඇති අතර ඒ බව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහුටවා ඇති ජාත්‍යන්තර ප්‍රමිතීන් සදහා වූ ආයතනය  ISO මගින්  ISO 9001 ත 2008 ප්‍රමිති සහතික ලබා ගැනීමෙන් ඔප්පු කර පෙන්වා ඇත.

  1. දශක 5ක නොසැලෙන විශ්වාසය

දශක පහක් තිස්සේ රැස්කරගත් අත්දැකීම් හා විශේෂඤ භාවය උපයෝගීකොට ගනිමින් මෙරට රක්ෂණ පාරිභෝගිකයින්ගේ සුවිශේෂී අවශ්යතාවයන් මැනවින් හදුනාගෙන පුඵල් පරාසයක විහිදුණු රක්ෂණ විසදුම් සැපයීමේ අසම සම මෙහෙවරක යෙදී සිටී

  1. ඔබගෙ අවශ්යතා සියලටම ගලපෙන අති විශාල රක්ෂණ සහතික ප්‍රමානයක්

ඔබගේ සියලුම රක්ෂණ අවශ්යතා සදහා රක්ෂණ සහතික අප සතුය එය රථ වාහන, වෙළඳ, ජීවිත රක්ෂණ, අනතුරු ආවරන ආදී රක්ෂණ කෙරෙහි විහිදී යයි

  1. සුවිසල් ශාඛා ජාලය

දිවයින පුරා පිහිටි 125 ශාඛා සමූහය නිසා රක්ෂණාවරන ලබා ගැනීම, වාරික මුදල් ගෙවීම හා හිමිකමි මුදල් ලබාගැනීම ඉතාම පහසුය.

  1. ශක්තිමත් ප්රතිරක්ෂණ

Unique Reinsurance සහ Swiss Reinsurance වන ලොව ප්‍රසිද්ධ ප්‍රති රක්ෂණ සමාගම් සමග ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් වල ප්‍රති රක්ෂණය කර අති අතර, එම ප්‍රති රක්ෂණ සමාගම් රක්ෂණ ලොව හිනිපෙත්තට ලගාවී අති සමාගම් ලෙස ආසියවේ විශාල්තම රක්ෂණ හිමිකම වන රුපියල් මිලියන 39.5 ගෙවා අත.