ස්වර්ණ ධජ – ජීවිත රක්ෂණාවරණය

විශාලතම හා ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට ආවරණය

ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රයේ සැමවිටම පෙරමුණේ සිටින ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් සිය අභිමානවත් 50 වසරක සේවය සමරමින් ශ්‍රී ලංකා වාසි සැමට ‘ස්වර්ණ ධජ’ නමින් ජීවිත රක්ෂණාවරණයක් තිළිණ කරයි.
‘ස්වර්ණ ධජ’ නවතම ජීවිත රක්ෂණාවරණය මගින් ශ්‍රි ලංකා ඉන්ෂවරන්ස් තවදුරටත් ශ්‍රී ලංකා වාසි සැමට මෙතෙක් නොවු ප්‍රතිලාභ ලබාදෙන පහසු විශ්වාසවන්ත හා දැරිය හැකි වටිනා ජීවිත රක්ෂණාවරණයක් තිළිණ කරයි. ඔබ සැමට පහසුවෙන් ලබා ගත හැකි මෙම ජීවිත රක්ෂණාවරණය මගින් මෙරට සෑම පුරවැසියෙකුම ජීවිත රක්ෂණ පවුලේ සමාජිකයෙකු වනු දැක්ම ශ්‍රි ලංකා ඉන්ෂවරන්ස් හී පැතුමයි.

ජීවිතයේ වටිනාකම ගැන මොහොතකට සිතන්න……!

ඔබේ ජිවිතයේ වටිනාකම මිළ කළ නොහැකිය. එහි වටිනාකම ඔබට පමණක් නොව, ඔබ පවුලේ සැමටත් වටීන බව සිතන්න. මේ නිසා ජීවිත සුරක්ෂිතතාවය ගැන තීරණ ගැනීම හෙටට කල් නොදැමිය යුතුය. ජීවිතයේ සිදුවීම් අනපේක්ෂිත ව නොසිතු අයුරින් සිදුවිය හැකි එවැනි අවස්ථාවක ඔබ සතුව ජීවිත රක්ෂණාවරණයක් තිබුනහොත් ඔබට පමණක් ම නොව ඔබ යැ‍පෙන්නන්හට ද ඉන් සහන සැලසෙනු ඇත.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණාවරණය හඳුන්වාදෙන්නේ මේ නිසාය. ‘ස්වර්ණ ධජ’ දැරිය හැකි වටිනාකමකට පවුලේ සැමට රැකවරණය සලසයි.

  • රැ.100,000‍‍ ‍‍‍‍‍‍‍‍‍/- , රැ.200,000/- , 300,000/- අතුරින් කැමති මුලික රක්ෂිත මුදලක් සහිත ආවරණයක් ඔබට තෝරාගත හැකිය.
  • වයස අවුරැදු 18-60 අතර ඕනෑම අයෙකුට මෙම රක්ෂණාවරණය ලබාගත හැකිය. (රක්ෂණාවරණ‍ කල්පිරීමේ උපරිම වයස් සීමාව අවුරැදු දක්වා පමණි.)
  • ඉතා සරල වෛද්‍ය වාර්තා අයදුම් පත්‍රයක් පිරවීමෙන් රක්ෂණාවරණ‍ය ලබාගත හැකිය.
  • ඔබේ කැමැත්ත පරිදි මුදල් ගෙවා රක්ෂණාවරණ‍ය ලබාගත හැකිය.
  • රක්ෂණ ඔප්පුහිමියාගේ අභාවයක දී (ඔප්පුව බල පවත්නේ නම් ) මුලික රක්ෂිත මුදලට සමාන මුදලක් ගෙවනු ලැබේ. අභාවය සිදුවුයේ හදිසි අනතුරක් හේතුකොටගෙන නම් එම මුදල මෙන් දෙගුණයක් ගෙවනු ඇත.
  • රක්ෂණ ඔප්පුහිමියා තම රක්ෂණාවරණ‍යට නියමිත ගෙවීම් නිසි පරිදි සිදුකරමින් කල් පිරෙන තුරා සාර්ථකව පවත්වාගෙන යාමට සමත්වුවහොත් එතෙක් ගෙවා ඇති සම්පූර්ණ මුදල පොලී රහිතව නැවත ‍ගෙවනු ලැබේ.

මාගේ රක්ෂණ සහකරු වශයෙන් ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරා ගත යුතු වන්නේ ඇයි?

වසර 55ක් පුරා විහිදුනු අතීතයක් ඇති ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිවයිනේ පුරෝගාමී රක්ෂණ සමාගමයි. රාජ්‍ය පිටුබලය එහි ශක්තිය හා විශ්වාසනීයත්වය තහවුරු කරණ අතර අත්දැකීම් බහුලතම ආක්ෂණික දැනුම් පදනමටද හිමිකම් කියයි. රුපියල් බිලියන 90.3 ක් වූ ජීවිත අරමුදලද, රුපියල් බිලියන 171.8 ක් වූ වත්කම් ප්‍රමාණයද ක්ෂේත්‍රයේ අසමසම වේ.

      ක්ෂණික විමසීම්