හෝම් ප්‍රොටෙක්ට්

විශාලතම හා ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට ආවරණය

ඔබට ඔබේ නිවසත් එහි ඇති වටිනා බඩු භාහිරාදිය ගැනත් නිතර අවදානමකින් සිටීමට සිදුව ඇත්තේ එයට ගැලපෙන නිසි ආරක්ෂාව හා සුරක්ෂිතභාවය නොමැතිකම නිසාය. ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් එම අවදානමට විසඳුමක් වශයෙන් එයට ගැලපෙන නිවාස රක්ෂණාවරණයක් ඔබට ඉදිරිපත් කරයි. හෝම් ප්‍රොටෙක්ට් රක්ෂණාවරණය තුලින් පහත දැක්වෙන අවස්ථාවලදී අවශ්‍ය නිසි ආවරණය ලබා දීමට සුදානම්ය.

  • ගිනි හා අකුණු
  • ත්‍රස්තවාදී ක්‍රියා
  • කැරළිකෝලාහල වැඩවර්ජන සහ සිවිල් ගැටුම්
  • ද්වේෂසහගත ලෙස කරනු ලබන අලාභහානි
  • පිපිරීම්
  • භුමි කම්පා
  • ස්වභාවික විපත්
  • සුළි සුලං, කුණාටු, චන්ඩමාරුත සහ ගංවතුර
  • වෙනත් බලපෑම් හේතුකොටගෙන ඇති වන හානි
  • ඝට්ටන මගින් වන හානි
  • ගස්, ‍දුරකථන කණු සහ විදුලි කණු කඩාවැටීම්
  • ගුවන්යානා මගින් ඇති වන අලාභහානි
  • ගෙවල් බිඳීම්, මංකොල්ලකෑම්, තර්ජන හා බිය වැද්දීම්
  • හදිසි අනතුරුවලින් අත්කන්නාඩ් වලට හැර අනෙකුත් කණ්නාඩි බිදී යාම
  • ස්වර්ණාභරණ ආවරණය – සීමාවන්ට යටත්ව සංයුක්ත වටිනාකමෙන් 25% ක්
  • නිවසේ තිබෙන මුදල්
  • නම් කළ පවුලේ සාමාජිකයින්හට පුද්ගල හදිසි අනතුරු ආවරණයක් (වයස් සීමාව අවු.70 යි)
  • ගෘහස්ථ කාර්ය මණ්ඩලයේ කිසිවකු හදිසි මරණයකට පත්වීම හෝ සදාකාලික අකර්මන්‍යතාවයට පත්වීම, සේවයේ යෙදී සිටිය දී හදිසි තුවාල සිදුවීම් හේතුකොටගෙන රෝහල් ගතකිරිමක් (වයස සීමාව අවු. 60 යි )
  • විදුලි උපකරණවලට සිදුවන හානි
  • රන්ආභරණ යනාදියට පුර්ණ ආවරණය (මැණික් ගල්,පුද්ගලික කැමරා,සංගීතභාණ්ඩ,ලැප්ටොප් යනාදිය ද ඇතුලත්ය)
  • විද්‍යුත් උපකරණවලට පුර්ණ ආවරණය
  • සවිකරන ලද විදුරු සහ තැටි විදුරුවලට වන හදිසි හානි
  • විකල්ප වාසස්ථාන
  • සුන්බුන් ඉවත් නිරිම
  • වෘත්තීය දිමනා (ඉන්ජිනේරුවන්,මිනින්දෝරුවන් සහ ගෘහනිර්මාණ ශිල්පීන්ගේ වියදම්)
  • ඔප්පු සහ ලේඛන ප්‍රතිනිෂ්පාදනය කිරීමට යන වියදම්
  • පොදු හිමිකම් ආවරණය
  • රක්ෂිතයාට පුද්ගලික හදිසි අනතුරු හා ස්වභාවික මරණ ආවරණය. (වයස අවු.70 දක්වා)
  • සේවා නල හා රැහැන් මාර්ග සඳහා ආවරණය

මාගේ රක්ෂණ සහකරු වශයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරා ගත යුතු වන්නේ ඇයි?

වසර 55ක් පුරා විහිදුනු අතීතයක් ඇති ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිවයිනේ පුරෝගාමී රක්ෂණ සමාගමයි. රාජ්‍ය පිටුබලය එහි ශක්තිය හා විශ්වාසනීයත්වය තහවුරු කරණ අතර අත්දැකීම් බහුලතම ආක්ෂණික දැනුම් පදනමටද හිමිකම් කියයි. රුපියල් බිලියන 90.3 ක් වූ ජීවිත අරමුදලද, රුපියල් බිලියන 171.8 ක් වූ වත්කම් ප්‍රමාණයද ක්ෂේත්‍රයේ අසමසම වේ.

      ක්ෂණික විමසීම්