රැකියා අවස්ථා

වෘත්තීය ප්‍රගමනය

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙහි අපගේ තිරසර සංවර්ධනයේ මූලාශ්‍රය වනුයේ අප සංවිධානයේ වටිනාම වත්කම වන අපගේ කණ්ඩායමට ඕනෑම දුෂ්කර අවස්ථාවක නොසැලී කටයුතු කිරීමට ඇති හැකියාවයි. පසුගිය දශක කිහිපය පුරා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, දිගුකාලීන සබඳතා පෝෂණය කිරීමේ මූලික ගුණාංගය ලෙස අවංකත්වය අගය කරන්නා වූ සහ ප්‍රවර්ධනය කරන්නා වූ සේවා ස්ථාන සංස්කෘතියක් සමගින් කර්මාන්තයේ තාක්ෂණිකව වඩාත්ම උසස් කණ්ඩායම ගොඩ නංවා තිබේ.

අප සංවිධානය තුළ සහ එය හරහා වෘත්තීය ප්‍රගමනය මෙන්ම පුද්ගල සංවර්ධනය සඳහා අවස්ථා නිර්මාණය කරන්නා වූ කාර්යසාධනය මගින් මෙහෙයවනු ලබන අපගේ සංස්කෘතිය හේතුවෙන් අද අප ඉහළ ඉල්ලුමක් ඇති සේවා යෝජකයෙක් බවට පත්ව තිබේ. සෑම විටම ශූන්‍ය වෙනස්කොට සැලකිම සහ සම අවස්ථා සහතික කරන අතරම, අවශ්‍ය සුදුසුකම් සහ සංස්කෘතික ගැලපීමට සමාන ප්‍රමුඛතාවක් ලබා දෙමින් අපගේ හර වටිනාකම් සහ නිපුණතා අවශ්‍යතා හා එකේළි වන තැනැත්තන් අප රැකියාවේ යොදවන්නෙමු.

අප සමාගමේ සාර්ථකත්වයන්හිදී අපගේ එක් එක් සේවකයන් ඉටුකරනු ලබන කාර්යභාරයට අප සාඩම්බරත්වයක් ලබා දෙන අතර අඛණ්ඩ පුහුණුව සහ සංවර්ධනය හරහා අපගේ තරඟකාරී වාසිය පවත්වා ගන්නෙමු. පසුගිය වසර කිහිපය තුළ පමණක්, 97% ක කාර්ය මණ්ඩල රරඳවාගැනීම් අනුපාතයක් ඇති කර ගනිමින් සොයා නොගත් වෘත්තීය මංපෙත් ගවේෂණය කිරීමට අප කණ්ඩායමට උපකාර වෙමින්, පුහුණුව සහ සංවර්ධනය සඳහා අප රු. මිලියන 50ක් ආයෝජනය කර ඇත්තෙමු.

අපගේ අනන්‍ය සන්නාමය සමගින් පුළුල් වෛද්‍ය රක්ෂණාවරණ සහ සුරක්ෂිත සේවා ස්ථානයක සිට අපගේ සේවකයන්ට යහපත් වැඩ-ජිවිත සමතුලිතබවක් සාක්ෂාත් කර ගැනීමට සහාය වන සුවිශේෂි පහසුකම් මාලාවක් දක්වා අපගේ කණ්ඩායම භුක්ති විඳින අසමසම ප්‍රතිලාභ රාශියක් ඔවුන් වෙත අප පිරි නමන්නෙමු. ප්‍රදාන සහ හදුනාගැනීම මගින් කාර්යසාධන විශිෂ්ඨත්වය පිළිගන්නෙමු.

පුරප්පාඩු
දැනට පුරප්පාඩු නොමැත
දැන්ම අයදුම් කරන්න
සටහන : ඔබගේ CV පහත සඳහන් ආකෘති වලින් එකක් විය යුතුය : MS Word or PDF සහ ලිපි ගොනු ප්‍රමාණය 3MB ට වඩා අඩු විය යුතුය