ආයතනික සමාජ වගකීම

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ආයතනික සමාජ වගකීම

ජාතියේ පුරෝගාමී රක්ෂක ලෙස අප ඉටුකරන තීරණාත්මක කාර්යභාරය සහ අප ක්‍රියාත්මක වන ප්‍රජාවන් තුළ වගකිවයුතු ආයතනික පුරවැසියකු වශයෙන් අප ඇති කරන බලපෑම අප අවබෝධ කරගෙන ඇත්තෙමු. ශ්‍රී ලංකාව පුරා සමාජ ආර්ථික තිරසරභාවය පෝෂණය කිරීමේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ප්‍රබල දායකත්වයක් සපයන ප්‍රධාන අංශ තුනක් ඔස්සේ ප්‍රජා මූලාරම්භයන් අප දියත් කර ඇත්තෙමු.

දරුවන්

අධ්‍යාපනයේ පදනම හරහා අප රටේ අනාගත පරම්පරාවන් ශක්තිමත් කිරීමේ දිගු කාලීන දැක්ම සහිතව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2018 වසරේදී සුබ පැතුම් ජාතික ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය දියත් කරන ලදී. මෙම මූලාරම්භය මගින් 5 වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වලදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළම ලකුණු ලබා ගන්නා සිසුන් 300 දෙනෙකුට සෑම වසරකම, ඔවුන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ඔප්පු හිමියන්ද යන්න නොතකා ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ.

ප්‍රජාව

2015 දී දියත් කරනු ලැබූ අපගේ පරිත්‍යාග ඉල්ලීම් වැඩසටහන (Call to Donate), පිළිකා රෝගය පිළිබඳව ශ්‍රී ලාංකිකයන් අතර දැනුවත්බව ඉහළ නැංවීම අරමුණු කරගත් සුවිශේෂි ආයතනික සමාජ වගකීම් මුලාරම්භයක් වන අතර එහි සර්වග්‍රාහී අරමුණ වනුයේ මහරගම අපේක්ෂා පිළිකා රෝහලට අවශ්‍ය කරන්නා වූ අරමුදල්, උපකරණ සහ යටිතල පහසුකම් සැපයීමයි. මග හැරුණු සෑම දුරකථන ඇමතුමකටම රු. 10 ක පරිත්‍යාගයක් කිරීමේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලබා දුන් ප්‍රතිඥාවත් සමගින්, සෑම වසරකම මේ කාර්යය සඳහාම වෙන්කරනු ලැබූ දුරකථන අංකයකට ඇමතීමෙන් ශ්‍රි ලාංකිකයන් මෙම ප්‍රයත්නයට සහභාගි වී ඇත.

එය දියත් කළ දිනයේ සිට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, අනෙකුත් පරිත්‍යාගයන් අතර CPAP යන්ත්‍රයක්, අත්‍යාවශ්‍ය ඖෂධ, සංලග්න අවයව අපේක්ෂා රෝහලට පරිත්‍යාග කර ඇති අතර වඩාත් මෑතකදී සිදුකළ පරිත්‍යාගය වූයේ රෝහලේ ළමා වාට්ටුව සඳහා විසංගමන කාමරයක් ඉදිකිරීමට සහාය වෙමින් මගහැරුණු දුරකථන ඇමතුම් 480,000 කට වැඩි ප්‍රමාණයකට පසුව රු. මිලියන 5ක් ප්‍රදානය කිරීමයි.

සංස්කෘතිය

හදිසි අවස්ථා සහ අවශ්‍යතාවය මත පදනම්ව අප බොහෝ ආයතනික සමාජ වගකීම් රැසක් අප ඉටුකරන අතර, පසුගිය දශක කිහිපය මුළුල්ලෙහි අප ගොඩ නගා ඇති ශක්තිමත් සම්ප්‍රදායන්හි කොටසක් ලෙස අප ක්‍රියාත්මක කරන වැඩසටහන් කිහිපයක් ද ඇත. එබදු එක් වැඩසටහනක් වනුයේ, 1990 සිට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සපයනු ලබන සේවාවක් වන, පොසොන් වන්දනා සමයේදී වන්දනාකරුවන්ට සහාය විමයි. මෙම සුවිශේෂී සේවාවට අනුරාධපුර පූජා නගරය තුළ සහ ඒ අවට අතරමං වූ පුද්ගලයන් සහ නැතිවූ භාණ්ඩ සොයා දීම ඇතුළත් වේ.

පෙත්මග පිහිටි මධ්‍යගත ස්ථානයක සිට පැය 24 පුරා ක්‍රියාත්මක වෙමින් මහමෙව්නා උයන, සිංහ කුළුණ, මිරිසවැටිය, ථුපාරාමය සහ සඳහිරු සෑය යන ස්ථානයන්හි පිහිටි උප මධ්‍යස්ථාන 5ක් හරහා අප ක්‍රියාත්මක වන අතර අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව පොසොන් පෝය සැමරීම පිණිස මෙම ‌ඓතිහාසික නගරයට පැමිණෙන දහස් ගණන් බැතිමතුන් වෙනුවෙන් මෙම මහඟු සේවාව සපයන්නෙමු. එසේම මිහින්තලය පුදබිම ආලෝකමත් කිරිමට ද අප දායක වන අතර වන්දනාකරුවන් අතර බෝධි පූජා කවි අන්තර්ගත පොත් පිංචක්ද බෙදා හරින්නෙමු.

මීට අමතරව, පෙරහර සමයන්හිදී වන්දනාකරුවන් සහ නරඹන්නන් සඳහා ඔවුන් ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ඔප්පු හිමියන් ද යන්න නොතකා අනතුරු ආවරණ සහ වාහන ආපාදාවන්හිදී සහායවීම මගින් ආරක්ෂාව පිරිනමමින් ලංකාවේ ඉතා දිගු කලෙක සිට පැවතෙන විශිෂ්ඨ සම්ප්‍රදායක් වන පෙරහර ආරක්ෂා කිරීම සඳහා ද අපගේ සහාය ලබා දෙන්නෙමු. මේ අන්දමින් ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් නුවර ඇසළ පෙරහර, රුහුණු මහා කතරගම දේවාල පෙරහර, ගංගාරාම නවම් පෙරහර සහ ගැටබරු දේවාල පෙරහර වැනි ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරයට පාත්‍රවූ සහ ලක්ෂ ගණන් ජනයා ආකර්ෂණය කරන්නා වූ පෙරහර ආවරණය කරයි.