රහස්‍යතාවය පිළිබඳ ප්‍රතිපත්තිය - ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව

ඔබ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ www.srilankainsurance.com වෙබ් අඩවියට පිවිසෙන අවස්ථාවේ දී, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් ඔබගේ තොරතුරු රැස් කරන ආකාරය, භාවිතා කරන ආකාරය, අනාවරණය කරන ආකාරය සහ ආරක්ෂා කරන ආකාරය මෙම රහස්‍යතාවය පිළිබඳ ප්‍රකාශය මගින් විස්තර කරනු ලබයි. දත්ත ආරක්ෂණ නීතීන් හි අදාළ විධිවිධානවලට අනුකූලව, අප විසින් ඔබගේ දත්තවල රහස්‍යතාව නිසි ලෙස සැලකිල්ලට බඳුන් කරනු ලැබේ. මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙන්, ඔබ මෙම රහස්‍යතාවය පිලිබඳ ප්‍රකාශයේ නියමයන් සහ කොන්දේසි වලට යටත් වේ.

I. අයදුම් විෂය පථය

පහත දක්වා ඇති දත්ත ආරක්ෂණ නිවේදනය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අන්තර්ජාලයෙහි පෙනීසිටීමට සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා යෙදුමට සම්බන්ධ සබැඳීන් අන්තර්ගත වෙබ් අඩවිය ට අදාළ වේ.

 

II. ඔබගේ දත්ත භාවිතා කරන ආකාරය

ඔබ අපගේ වෙබ් අඩවියට පිවිසෙන විට ඔබගේ පෞද්ගලික දත්ත සැකසීමට ලක්වන ආකාරයත්  දත්ත ආරක්ෂණ නීති වල දක්වා ඇති පරිදි ඔබගේ අයිතිවාසිකම් පිළිබඳව ඔබව දැනුවත් කිරීමත් අප විසින් පහත ප්‍රකාශකර ඇත.

අ. දත්ත ආරක්ෂණ නිලධාරියා වෙත පිවිසීම

දත්ත ආරක්ෂණ නිලධාරි

අනුකූලතා දෙපාර්තමේන්තුව

08 වන මහල, සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව

අංක 21, වොක්ෂෝල් වීදිය, කොළඹ 02

දුරකථන: +94 11  2357000

විද්‍යුත් තැපෑල: email@srilankainsurance.com

 

ආ. අප විසින් භාවිතා කරනු ලබන දත්ත කාණ්ඩ සහ අප විසින් පෞද්ගලික දත්ත සැකසීමට ලක්කරනුයේ කුමන අරමුණු සඳහාද යනවග

සාමාන්‍යයෙන්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් එහි වෙබ් අඩවියට පිවිසෙන අමුත්තන්ගේ පෞද්ගලික හෝ අනාවරණය කරගත හැකි දත්ත (උදා: IP ලිපින) වෙබ් අඩවිය තුල සුරැකීමට ලක්නොකරන බැවින්, නිර්නාමිකව අපගේ වෙබ් අඩවියට පිවිසීමට ඔබට නිදහස ඇත.

ඔබ මෙම වෙබ් අඩවියට පිවිසෙන අවස්ථාවේ දී, ඔබගේ අන්තර්ජාල ප්‍රටෝකෝල (IP) ලිපිනය; ඔබ විසින් භාවිතා කරනු ලබන බ්‍රවුසරය හෝ උපාංග වර්ගය පිළිබඳ තොරතුරු; කුකීස්, පික්සල් ටැග් සහ වෙනත් සමාන තාක්ෂණයන් හරහා එකතු කරන ලද දත්ත; ඔබ පිවිසෙන දිනය සහ වේලාව; සහ ඔබ මෙම වෙබ් අඩවියට පිවිසීමට පෙර වහාම පිවිසි වෙබ් පිටුව යනාදිය ඇතුළු ඔබ විසින් භාවිතා කරනු ලබන පරිගණකය හෝ උපාංගය පිළිබඳ නිශ්චිත දත්ත ස්වයංක්‍රීයව අප වෙත ලැබේ. තවද, ඔබ විසින් මෙම වෙබ් අඩවිය තුල නරඹන ලද වීඩියෝ හෝ වෙනත් අන්තර්ගතයන් හි වර්ගය සහ නම සහ නැරඹුම් කාලය වැනි දත්ත අප විසින් රැස් කරනු ලැබේ.

ඇ. නීතිමය රාමුව

2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත, 2006 අංක 30 දරන ගෙවීම් උපකක්‍රම වංචා පිළිබඳ පනත, බුද්ධිමය දේපළ හිමිකම් පනත සහ 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත සහ පෞද්ගලික දත්ත සැකසීමට අදාළ අනෙකුත් සියලුම නීතිවල විධිවිධාන මත පදනම්ව අප විසින් ඔබගේ දත්ත සැකසීමට ලක් කරනු ලැබේ.

ඈ. දත්ත භාවිතය

අවදානම් ප්‍රාරක්ෂණය, හිමිකම් තක්සේරු කිරීම සහ වඩාත්ම කැමති රක්ෂණ විසඳුම්/සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් එහි ගනුදෙනුකරුවන්ගේ සහ අනාගත ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලික දත්ත රැස්කර සැකසුම් කිරීම සඳහා කටයුතු කරනු ලැබේ. ජීවගණක ගණනය හෝ සංඛ්‍යානමය මෙහෙයුම් වැනි නීති හෝ රෙගුලාසි මගින් ඉල්ලා සිටිනු ලබන කාර්යයන් ඉටුකිරීම; භාණ්ඩ සහ සේවා සංවර්ධනය; දත්ත සුරක්ෂතතාව ප්‍රවර්ධනය, අලෙවිකරණය සහ අනෙකුත් අවශ්‍ය පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ කාර්යයන් ප්‍රවර්ධනය කිරීම සහ අවභාවිතය වැලැක්වීම යනාදිය ඇතුළුව වෙනත් අංශවලට අදාළව ද පෞද්ගලික දත්ත සකස්කිරීම සිදුකල හැකිය. මෙම අවශ්‍යතාවලට සරිලන පරිදි පූර්ව නිශ්චිත අරමුණු සහ අදාළ කාරණා සඳහා පමණක් පෞද්ගලික දත්ත භාවිතා කරනු ලබන අතර වලංගු නීත්‍යානුකූල හේතුවක් පවතින බව සහතික කරමින් දත්ත සැකසීමට ලක්කරනු ලැබේ.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත මගින් අවසර දී ඇති ප්‍රමාණයට පහත ප්‍රකාශිත පාර්ශව වෙත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් පෞද්ගලික දත්ත හෙළිදරව් කිරීම සිදුකළ හැකිය.

අ) සමාගම් සමූහයට

ආ) සේවා හවුල්කරුවන්ට සහ තෙවන පාර්ශවීය සේවා සපයන්නන්ට

ඇ) ආයතනික ගනුදෙනුවක සන්දර්භය තුළ ව්‍යාපාරික හවුල්කරුවන්ට (උදා: ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම් ආදිය)

ඈ) නියාමන සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත

ඉ) නිසි හෙළිදරව් නොකිරීමේ ගිවිසුම් වලට යටත්ව, දත්ත සඳහා ගබඩා පහසුකම් සපයනු ලබන තෙවන පාර්ශවයන් වෙත

ඊ) නීතිඥවරුන් සහ වෙනත් වෘත්තීය සේවා සමාගම් (අපගේ විගණකවරුන්, ජීවගණකඥයින් සහ ප්‍රතිරක්ෂණකරුවන් ඇතුළුව)

සමාගමේ වෙබ් අඩවිය පරිපාලනය සහ කළමනාකරණය කිරීම සඳහා ද දත්ත භාවිතා කළ හැකිය; එහිදී ඔබගේ පරිශීලක අත්දැකීම පාරිභෝගිකකරණය; ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිෂ්පාදන සහ සේවා සම්බන්ධයෙන් ඔබව සම්බන්ධ කර ගැනීම; ප්‍රවර්ධන අයිතම සහ දීමනා ප්‍රචාරණය (සාමූහිකව "අලෙවිකරණ සන්නිවේදනය" ලෙස හැඳින්වේ); ව්‍යාපාරික ගණුදෙනු, විගණන සහ දත්ත විශ්ලේෂණය වැනි ඉටුකිරීම වැනි අපගේ අභ්‍යන්තර ව්‍යාපාරික අරමුණු; ඔබ විසින් මෙම වෙබ් අඩවිය භාවිතා කිරීම සහ අප සමඟ අන්තර්ක්‍රියා කිරීම පිළිබඳ පර්යේෂණ සහ විශ්ලේෂණ සිදුකිරීම; නව නිෂ්පාදන සංවර්ධනය කිරීම; මෙම වෙබ් අඩවිය සහ අපගේ පවතින නිෂ්පාදන සහ සේවා වැඩිදියුණු කිරීම; භාවිතයේ ප්‍රවණතා හඳුනා ගැනීම; අපගේ වෙළඳ දැන්වීම්වල කාර්ය සාධනය තක්සේරු කිරීම; අපගේ වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාර වැඩි දියුණු කිරීම; සහ අපගේ සන්නිවේදනයේ කාර්යක්ෂමතාව තීරණය කිරීම සඳහා මෙම දත්ත භාවිතා කරනු ලැබේ.

 

III. කුකීස් සහ අනෙකුත් අන්තර්ජාල තාක්ෂණයන්

ඇතැම් විශේෂාංග සහ ක්‍රියාකාරීත්වය සක්‍රීය කිරීමට සහ මෙම වෙබ් අඩවිය සහ අපගේ සේවාවන් වැඩිදියුණු කිරීම උදෙසා අප වෙත පහසුකම් සලසන අමතර තොරතුරු රැස් කිරීමට, තුන්වන පාර්ශ්ව සපයන්නන්ගේ කුකීස් සහ තාක්ෂණයන් ඇතුළුව කුකීස් සහ සමාන තාක්ෂණයන් මෙම වෙබ් අඩිවිය විසින් භාවිතා කරනු ලැබේ. මෙම වෙබ් අඩවිය විසින් සැසි කුකීස් (ඔබගේ බ්‍රවුසරය වසා දැමූ විට කල් ඉකුත් වන) සහ නොනැසී පවතින කුකීස් (ඔබ ඒවා මකා දමන තුරු හෝ ඒවා කල් ඉකුත් වන තුරු ඔබගේ බ්‍රවුසරය වැසූ පසු ඔබේ උපාංගයේ පවතින) භාවිත කළ හැකිය. කුකීස් හරහා ඔබගේ උපාංගය වෙතින් දත්ත රැස් කිරීමට ඔබ අකමැති නම්, ඔබට කුකීස් භාවිතය ප්‍රතික්ෂේප කළ හැකිය.

 

IV. දත්ත ආරක්ෂාව

අන්තර්ජාලය හරහා දත්ත සම්ප්‍රේෂණය හෝ දත්ත ගබඩාකිරීම 100%ක් සුරක්ෂිත බව සහතික කළ නොහැකි වුවද එවැනි අවදානම් අවම කිරීම සඳහා අප විසින් සුදුසු ක්‍රියාමාර්ග භාවිතා කරනු ලැබේ. දත්තවල ආරක්‍ෂාව අවධානමට ලක් වී ඇති බව ඔබට හැඟේ නම්, කරුණාකර ඉහත දී ඇති විද්‍යුත් තැපැල් ලිපිනයෙන් වහාම දත්ත ආරක්‍ෂක නිලධාරියා අමතන්න.

 

V. රහස්‍යතාවය පිළිබඳ ප්‍රකාශය යාවත්කාලීන කිරීම

අවශ්‍ය පරිදි සහ අවශ්‍ය අවස්ථාවන්හි දී අප විසින් මෙම රහස්‍යතාවය පිළිබඳ ප්‍රකාශය සමාලෝචනයට ලක්කරනු ලැබේ.