අප ගැන

AA (lka) Fitch Rating පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ එකම රක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයයි.
යහපත් ව්‍යාපාර ව්‍යුහය සහ අසමසම මුල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් ඇගයීමට ලක්වේ
හැඳින්වීම

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මූල්‍ය ස්ථාවරවත්වය පිළිබඳ පුරෝගාමී උරුමයක් සහ දශක පහක් පුරා විහිද ගිය වීශ්වාසය මත පදනම් වූ, රාජ්‍ය හිමිකාරත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම රක්ෂණ ආයතනයයි.

රාජ්‍ය ආයතනයක් සහ දිවයිනේ පුරෝගාමී රක්ෂණ ආයතනයක් ලෙස 1962 වසරේදී ස්ථාපිත කරනු ලැබූ, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අද වන විට රු. බිලියන 268 ක වත්කම් පදනමක් කළමනාකරණය අතර එය ලංකාවේ රක්ෂණ සමාගමක් සතු විශාලතම වත්කම් පදනමයි. එසේම, රු. බිලියන 152.5ක් වන දේශීය රක්ෂණ ක්ෂේත්‍රයේ වැඩිම ජීවිත රක්ෂණ අරමුදල සහ රු. බිලියන 6 ක ශක්තිමත් ප්‍රාග්ධනීකරණය සතු අප ශ්‍රී ලංකාවේ වඩාත්ම සුරක්ෂිත සහ විශ්වසනීය රක්ෂණ විසදුම් සපයන්නා බවට පත්ව සිටිමු.

විශ්වාසය පිළිබඳ අපගේ කීර්තිනාමය ගොඩ නැගී ඇත්තේ මේ දක්වාම ශ්‍රි ලංකාව තුළ සමකළ නොහැකි සුපොහොසත් සහ පරිපූර්ණ තාක්ෂණික දැනුම් පදනමක් භාවිතා කරන්නාවූ දිවයින පුරා විසිරි ශාඛා 158 ක ජාලයක් පාලනය කරන්නා වූ ඉහළ නිපුණතා සහිත පළපුරුදු රක්ෂණ විශේෂඥයන් කණ්ඩායමක් මතය. දශක ගණනාවක් පුරා බැංකුකරණ සහ මූල්‍ය, සෞඛ්‍යරක්ෂණය, විදුලිබලය සහ බලශක්තිය, සංචාරක සහ විනෝදාස්වාදය මෙන්ම ඉදිකිරීම් සහ ඉංජිනේරු වැනි ප්‍රමුඛ පෙළේ කර්මාන්තයන්හි ආයෝජන සහිතව විවිධාංගීකරණය තුළින් අප වඩා වඩාත් ශක්තිමත්ව ප්‍රගතිය කරා පිය මැන ඇත්තෙමු.

දේශයේ විශ්වසනීය රක්ෂකයා වීමේ අප සමාගමේ සර්වග්‍රාහී දැක්ම සාක්ෂාත් කරගැනීම උදෙසා වන අපගේ ගමන අප සාර්ථකව ඉදිරියට පවත්වා ගෙන යාමේදී, අප ශ්‍රි ලංකාව තුළ මූල්‍ය ස්වාධීනත්වය පිළිබඳ සංස්කෘතියක් අප දිරිගන්වා ඇත්තෙමු.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්
ලංකා හොස්පිට්ල්ස් පීඑල්සී54.61%
54.61% ක කොටස් හිමිකාරත්වය දරමින් ලංකා හොස්පිට්ල්ස් පීඑල්සී හි වැඩිම කොටස් හිමියා වනුයේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වේ. ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීම හා සම්බන්ධව සිටින ලංකා හොස්පිට්ල්ස් කොටස් වෙළඳපොළේ ලැයිස්තු ගත කර ඇති සමාගමකි.
ලංකා හොස්පිට්ල්ස් ඩයග්නෝස්ටික්ස් (පුද්) සමාගම 100%
ලිට්රෝ ගෑස් ලංකා සමාගම99.94%
99.94% ක කොටස් හිමිකාරිත්වයක් දරමින් ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ ප්‍රධාන කොටස් හිමියා වන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වේ. ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම එල්.පී. ගෑස් ආනයනකරු සහ බෙදාහරින්නා වනුයේ ලිට්රෝ ගෑස් සමාගමයි.
ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම100%
ලිට්රෝ ගෑස් ටර්මිනල් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත පූර්ණ හිමිකාරිත්වය සහිත පරිපාලිත සමාගමක් වන අතර ගෘහස්ථ, වාණිජ සහ තොග වශයෙන් මිළදී ගන්නා පාරිභෝගිකයන් සඳහා එල්පී ගෑස් ගබඩා කිරීමේ ව්‍යාපාරයක නිරත වේ.
කැනොවින් හොටෙල්ස් ඇන්ඩ් ස්පා (පුද්) සමාගම 100%
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත පූර්ණ හිමිකාරිත්වය සහිත මෙම පරිපාලිත සමාගම දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා ප්‍රදේශයේදී දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ට විවිධ සේවා සපයයි.
කැන්විල් හෝල්ඩිංග්ස් (පුද්) සමාගම45.95%
හෝටල් ව්‍යාපෘති කළමනාකරණය කිරීමේ සහ ආයෝජනය කිරීමේ ව්‍යාපාරයේ නිරත කැන්විල් හෝල්ඩිංග්ස් (පුද්) සමාගමේ කොටස්වලින් 45.95% ක් හිමි වනුයේ ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් වෙතය.
සිනොලංකා හොටෙල්ස් ඇන්ඩ් ස්පා (පුද්) සමාගම45.95%
හෙලංකෝ හොටෙල්ස් ඇන්ඩ් ස්පා (පුද්) සමාගම45.95%
මැනේජ්මන්ට් සර්විසස් රක්ෂණ (පුද්) සමාගම100%
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සඳහා වැටුප් ලේඛන කළමනාකරණ සේවා සැපයීම පිණිස එහි පූර්ණ හිමිකම සහිත පරිපාලිත සමාගමක් ලෙස මැනේජ්මන්ට් සර්විසස් රක්ෂණ (පුද්) සමාගම ස්ථාපනය කර තිබෙන අතර බාහිර වෙළඳපොළට හෝ බාහිර පාර්ශවයන්ට කිසිදු සේවාවක් හෝ නිපැයුමක් සැපයීමට සම්බන්ධව නොමැත.
 
මුළු වත්කම්
2022
රුපියල් බිලියන 274
2021
රුපියල් බිලියන 268
 
PBT
2022
රුපියල් බිලියන 12.47
2021
රුපියල් බිලියන 11.7
මුළු ආදායම
2022
රුපියල් බිලියන 63.6
2020
රුපියල් බිලියන 64
GWP
2022
රුපියල් බිලියන 41.2
2021
රුපියල් බිලියන 43.2
 
ප්‍රකාශිත ප්‍රසාද දීමනා
2022
රුපියල් බිලියන 10.49
2021
රුපියල් බිලියන 9.8
ජීවිත රක්ෂණ අරමුදල
2022
රුපියල් බිලියන 156.7
2021
රුපියල් බිලියන 152.5
 
ආචාරධර්ම

  • අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගරුත්වය
  • එකමුතු බව
  • වෘත්තීමය කැපවීම
  • නිවැරදි ආචාරධර්ම සහ අවංක බව
  • නොනවතින විශිෂ්ටත්වය

තත්ව ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගික රක්ෂිත හානිපුරණය සපුරාලීම අඛණ්ඩව දියුණු කිරීමෙන්, පාරිභෝගික හා බැඳියාවක් ඇති පක්ෂයන්ගේ තෘප්තිය ඉටු කිරීමට කැප වී සිටී.

තත්ව අරමුණු ස්ථාපිත කිරීම සඳහා යෝග්‍ය ක්‍රියාවලියක් අප විසින් සකසා ඇති අතර එය සේවක සේවිකාවන්ගේ අවබෝධය, ඵලදායි සන්නිවේදනය, දිරිගැන්වීම සහ පුහුණුව තුලින් කාලීනව ප්‍රතිශෝධනය කෙරේ.

කොවිඩ් 19 ආරක්ෂණ ප්‍රතිපත්තිය

ජාතියේ රක්ෂණ සැපයුම්කරු වන ශ්‍රී  ලංකා  ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ්  රක්ෂිත හානිපූරණය කරමින් සිය කාර්ය මණ්ඩලයේත්, පාරිභෝගිකයන්ගේ සහ සමාගමේ අනෙකුත් පාර්ශවකරුවන්ගේත් සෞඛ්‍යාරක්ෂාව මෙන්ම කොවිඩ් 19 සෞඛ්‍යාරක්ෂණ කළමනාකරණ පද්ධතිය අඛණ්ඩව වැඩිදියුණු කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශ, නීති සහ අනෙකුත් නියාමන අවශ්‍යතාවයන්ට අනුකූලව කටයුතු කිරීමට කැපවී සිටියි.

කොවිඩ් 19 සෞඛ්‍යාරක්ෂණ පාලන සැලසුම් හරහා ඵලදායි සන්නිවේදන අභිප්‍රේරණය මෙන්ම කොවිඩ් කාර්ය සාධන බලකාය පිහිටවීම මගින් සමාගමේ සියලුම කාර්ය මණ්ඩලයට අවබෝධ කරගත හැකි ආකෘතියක් අපි ඉදිරිපත් කරමු. කොවිඩ් සෞඛ්‍යාරක්ෂණ පාලන සැලසුම් අපගේ ආයතනයේ අරමුණු වලට අනුකූල වන පරිදි අපි සලකා බලන්නෙමු.

ඔබ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

මුල්‍ය ස්ථාවරත්වය හා රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම තාක්ෂණික විශේෂඥතාවය හිමි රාජ්‍ය රක්ෂණ ආයතනයක් ලෙසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතු කීර්තිනාමය සමඟින් පුද්ගල හා ව්‍යාපාරික වගකීම් සඳහා විශ්වාසදායි හා දිගුකාලීන රක්ෂණ විසඳුම් ලබාදීමේ හැකියාව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතුය.

රු. බිලියන 268කට අධික වත්කම් සම්භාරයකට සහ ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ අරමුදල වන රු. බිලියන 152.5ක අරමුදලකට හිමිකම් කියන අප ශ්‍රී ලංකාවේ රක්ෂණ ඉතිහාසයේ විශාලතම බෝනස් දීමනාව වන රු. බිලියන 9.8ක මුදල ප්‍රකාශයට පත්කර ඇත්තෙමු. සියලු ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා පළමූ වසරේ සිට මුලික රක්ෂිත මුදල මත පදනම්ව ගණනය කරනු ලබන ඉහළ බෝනස් දීමනාවක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහතික කරයි. ලොව ප්‍රකට ප්‍රතිරක්ෂණ සමාගම් වන යුනියන් සහ ස්විස් රේ යන සමාගම්වල ප්‍රතිරක්ෂණ පහසුකම් සමඟින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ මෙතෙක් සිදුකර ඇති විශාලම රක්ෂණ හිමිකම් පියවීම සිදුකිරීමට අප සමත් වූයෙමු.

ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් ෆිච් ශ්‍රේණිගත කිරීම් වලට අනුව AA (lka) ශ්‍රේණිගත කිරීම ලබාගත් එකම රක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වේ. රක්ෂණ ක්ෂේත්‍රය තුල විශාලතම ජීවිත රක්ෂණ අරමුදල වන රු. බිලියන 152.5ක ජීවිත රක්ෂණ අරමුදල සහ රු.බිලියන 268ක විශාලතම වත්කම් සම්භාරයද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතුය.

ඉතිහාසය
1962 – ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ස්ථාපිත කිරිම
2001 – ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අනතුරුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත එතෙක් මෙතෙක් ගෙවූ විශාලතම වන්දි මුදල වන රු . බිලියන 39.5ක් ගෙවීම
2003 – සීමිත වගකීම් සහිත පුද්ගලික සමාගමක් බවට පරිවර්තනය කරන ලදී.
2009 – ජනසතුකරන ලද ආයතනයක් බවට ප්‍රතිස්ථාපිත කරන ලදී.
2019 – AAA (lka) ශ්‍රේණිගත කිරීම ලද එකම රක්ෂණ සමාගම බවට පත්වීම