ඇගයීම්

ISO තත්ත්ව සහතිකය

විධිමත් පාලන පරිපාටි, ජාත්‍යන්තර ප්‍රමිති හා සම තත්ත්වයේ ඇති නිරවද්‍ය සහ කාර්යක්ෂම මෙහෙයුම් ක්‍රියාදාම කෙරෙහි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි කැපවීම තහවුරු කරමින් සිය තත්ත්ව කළමනාකරණය වෙනුවෙන් ISO 9001:2015 සහතිකය ප්‍රදානය කරනු ලැබූ ලංකාවේ ප්‍රථම සහ එකම රක්ෂණ ආයතනයයි.

ෆිච් ශ්‍රේණිගත කිරිම්

දේශයේ රක්ෂකයා ලෙසින් තරඟකාරී ව්‍යාපාර පරිසරයක් තුල යහපත් ව්‍යාපාර ව්‍යුහය, ශක්තිමත් මුල්‍ය ක්‍රියාකාරීත්වය හා අසමසම මුල්‍ය ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වගෙන යාම වෙනුවෙන් AA (lka) මුල්‍ය වර්ගීකරණය හිමිකරගත් එකම ආයතනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වේ.

සදාතනික රැකවරණයේ නොසැලෙන විශ්වාසය

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෙරෙහි ඔබගේ මාහැඟි හවුල්කාරිත්වය, විශ්වාසය සහ ආදරය යළිත් සහතික කරමින් බ්‍රෑන්ඩ්ස් ෆිනැන්ස් අපට ගෞරවාන්විත සම්මාන දෙකක් ප්‍රදානය කරන ලදී.

 

ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී කාර්යසාධන විශිෂ්ඨත්වය සඳහා ඇගයීම් ලැබූ ප්‍රථම සහ එකම රක්ෂණ ආයතනය

2019 ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී කාර්යසාධන විශිෂ්ඨත්වය වෙනුවෙන් මහා පරිමාණ සේවා කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත සහතිකයක් පිරිනමන ලදී.