සුබපැතුම් ශිෂ්‍යත්ව

සුබපැතුම් ශිෂ්‍යත්ව

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘සුබ පැතුම්’ ජාතික ශිෂ්‍යත්ව යෝජනා ක‍්‍රමය මගින් සෑම වසරකම 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස.(සාමාන්‍ය පෙළ), අ.පො.ස‍‍. (උසස් පෙළ) විභාගවලින් විශිෂ්ඨ දස්කම් දක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 225 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනමයි.

වසරක් පාසා පැවැත්වෙන මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානය තරුණ පරපුරට සිය අනාගත සිහින සපුරා ගැනීමට අත්වැලක් සපයයි. 2014 වසරේ සිට ශ‍්‍රි ලංකා ඉන්ෂුවරන්ස් දිවයින පුරා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රු. මිලියන 60කට වැඩි වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව 1400 කට වැඩි සංඛ්‍යාවක් පිරිනමා ඇත.

‘සුබ පැතුම්’ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සෑම වසරකම අයදුම්පත් කැඳවන අතර ශ‍්‍රි ලංකා ඉන්ෂුවරන්ස් වෙබ් අඩවිය වන www.srilankainsurance.com හරහා ඒ සඳහා අයදුම් කළ හැක.

ලැබෙන අයදුම්පත් අතුරින් ඒ ඒ විභාගයේ හොඳම දක්ෂතා දක්වූ 75 දෙනා  ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සුදුසුකම් ලබන අතර ඒ අනුව 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස.(සාමාන්‍ය පෙළ), අ.පො.ස‍‍. (උසස් පෙළ) විභාග සඳහා පිරිනමන මුළු ශිෂ්‍යත්ව සංඛ්‍යාව 225 කි. 5 වසර ශිෂ්‍යත්වය සහ අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාග සඳහා දිස්ත‍්‍රික්ක අනුව ඉහළම ලකුණු ලබාගත් දරුවන් තෝරා ගන්නා අතර අ.පො.ස‍‍. (උසස් පෙළ) අයදුම්කරුවන් සඳහා තෝරා ගැනීම සිදුකරනුයේ ජාතික මට්ටමේ දක්ෂතාවය අනුවය.

5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස.(සාමාන්‍ය පෙළ), අ.පො.ස‍‍. (උසස් පෙළ) විභාගවලින් ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලබන දරු දැරියන්ට පිළිවෙලින් රු. 20,000, රු 40,000 සහ රු. 50,000 ලෙස මුදල් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරනු ලැබේ.

 ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් ගේ දරුවන් හට  පමණක් මෙම ශිෂ්‍යත්ව යෝජනා ක‍්‍රමය විවෘත වන අතර පහත සඳහන් අයුරින්  ශිෂ්‍යත්ව ප‍්‍රතිලාභ ලැබෙනු ඇත.

 

පෙනී සිටි විභාගය ශිෂ්‍යත්ව මුදල (වසරකට) වසර ගණන
5 වසර ශිෂ්‍යත්වය 20,000 වසර 5ක්
අ.පො.ස.(සාමාන්‍ය පෙළ) 40,000 වසර 2ක්
අ.පො.ස. (උසස් පෙළ) 50,000 වසර 3ක්