සේවක වන්දි රක්ෂණය

සේවක වන්දි රක්ෂණය

තම‌ සේවා කාලය තුළ තුවාල ලබන කම්කරුවන්ට වන්දි ගෙවීම පිණිස, 2005 අංක 10 දරන පනත මගින් අවසන් වරට සංශෝධිත කම්කරු වන්දි පනතේ නිර්දේශ කර ඇති සේවයේ බැඳීම් ආවරණය කිරීම පිණිස විශේෂයෙන්ම සැකැසු රක්ෂණ ක්‍රමයකි.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
කම්කරු වන්දි ආඥාපනතේ නිර්දේශිත සියලු බැඳිම්
පොදු නීතිය යටතේ බැඳීම
කම්කරුවකු ලැබූ තුවාල සඳහා වන්දි ගෙවීමේ බැඳීම
කම්කරුවෙකුට වැළඳෙන වෘත්තීය රෝග සඳහා වන්දි ගෙවීමේ බැඳීම
පනතේ නිර්දේශ කර නොමැති :
  • කෝළහාල සහ වැඩවර්ජන ආවරණය
  • ත්‍රස්තවාදය ආවරණය
  • ගමන් ආවරණය - ගෙදර සිට සේවා ස්ථානයට සහ එහි සිට ආපසු පැමිණීම
  • රාජකාරියෙන් බැහැර හදිසි අනතුරු ආවරණය
  • පූර්ණ වැටුප් ආවරණය- ඔප්පුව යටතේ ගෙවියයුතු යැයි අර්ථ දක්වා ඇති මාසික වැටුපේ උපරිම සීමාවට යටත්ව දින 30ක් සඳහා තාවකාලික ආබාධිතබවට මාසික වැටුප ගෙවීම (සති 26 ක උපරිම ගෙවීම් කාලසීමාවකට යටත්ව සතියකට උපරිම රු. 5.500/-)
  • ස්වභාවික මරණ ආවරණය
යෝග්‍යතාව
  • තම සේවය අතරතුර තම සේවකයකුගේ මරණය හෝ තුවාල සඳහා නෛතිකව බැඳී සිටින සියලු සේවා යෝජකයන්
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න