සමුද්‍රීය භාණ්ඩ රක්ෂණය

සමුද්‍රීය භාණ්ඩ රක්ෂණය

සමුද්‍රීය භාණ්ඩ රක්ෂණයෙන් මාර්ගස්ථ කාලය ආශ්‍රිත අවදානම් සඳහා දේපල / භාණ්ඩවලට සිදුවිය හැකි අලාභ හෝ හානි සදහා රක්ෂණය පිරිනමයි. එය විශේෂයෙන්ම රක්ෂණය කර ඇත්තේ ආනයන සහ අපනයනකරුවන්ගේ නියාමන අවශ්‍යතා සපුරාලීම පිණිසය. ආවරණයේ කාලය පහත සදහන් දෑ මත රඳා පවතිනු ඇත. :

  • වෙළඳ භාණ්ඩය
  • ඇසුරුම්කරණය
  • යාත්‍රා වර්ගය සහ ඒවායේ හානි නම්‍යතාව
  • මුහුදු ගමන
ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
නැව් භාණ්ඩ වගන්තීය (අ) - යටතේ නම් කරන ලද උපද්‍රව ආවරණය

ආයතනික නැව් භාණ්ඩ වගන්තීය (අ) යටතේ අලාභ හෝ හානි පිළිබඳ සියලු අවදානම් - බහිෂ්කරණයන්ට යටත්ව

නැව් භාණ්ඩ වගන්තීය (ආ) සහ (ඇ) යටතේ නම්කරන ලද උපද්‍රව සඳහා ආවරණ

ආයතනික නැව් භාණ්ඩ වගන්තීය (ආ) සහ (ඇ) යටතේ නම්කරන ලද උපදුව සඳහා ආවරණ

අලාභ ආවරණය

පූර්ණ අලාභ ආවරණය

අභිප්‍රේත ආවරණය

අභිප්‍රේත ආවරණය ප්‍රදානය කිරිම පිණිස ප්‍රකාශකයාගේ එකඟතාව.

පුළුල් ආවරණය

අතිරේක වාරික ගෙවීම යටතේ යුධ, වැඩවර්ජන, කෝළාහල සහ සිවිල් කැළඹීම් අවදානම්, ත්‍රස්තවාදය, ප්‍රතිනැව්ගත කිරිම සහ මාර්ගස්ථ ආනුෂංගික ගබඩා ආවරණය සඳහා ආවරණය ලබාගත හැක.

අභ්‍යන්තර මාර්ගස්ථ ආවරණය

අභිප්‍රේත ගමනාන්තය වෙත අභ්‍යන්තර මාර්ගස්ථ ආවරණය

දේශීය ප්‍රවාහනකරුවන්ගේ අවශ්‍යතා සපුරාලයි

පැටවීම / ගොඩබෑම අතරතුර මුහුණ දෙන අවදානම් ඇතුළුව ආනුෂංගික හානි සඳහා රට තුළ භාණ්ඩ ප්‍රවාහණය කරන දේශීය ප්‍රවාහනකරුවන්ගේ අවශ්‍යතා සපුරාලයි

සාධික ආවරණ

සාධික ආවරණ (උදා: තේ සහ ඇඟළුම් අපනයනකරුවන්)

මහා පරිමාණ ආනයනකරුවන් / අපනයනකරුවන් හට විශේෂ පහසුකම්

මහා පරිමාණ ආනයනකරුවන් / අපනයනකරුවන් හට අපගේ ඊ-මැරින් ඉන්ෂුවරන්ස් මගින් ඔබගේ ආයතනයේදීම සමුද්‍රීය රක්ෂණ ඔප්පු ලබාගැනීම සඳහා පහසුකම.

යෝග්‍යතාව
  • රක්ෂණ ඔප්පුහිමියාට වත්කම වෙත රක්ෂණීය බැඳියාවක් තිබිය යුතුය
  • රක්ෂණ ඔප්පු හිමියා ශ්‍රී ලංකා නෛතික රාමුව ප්‍රකාරව රක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීම සදහා සුදුසුකම් ඇති අයෙකු විය යුතුය
  • භාණ්ඩ තොගය සමුද්‍රීය ප්‍රවාහණය සඳහා නෛතිකව පිළිගත් භාණ්ඩවලින් සමන්විත විය යුතුය
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න