බිස්නස් ක්ලබ්

බිස්නස් ක්ලබ්

වෙළද රක්ෂණ ඔප්පුව සිල්ලර හෝ තොග වෙළඳමේ නිරත සාප්පු හිමියන් සහ ගබඩා හිමිකරුවන් සදහා අතිශයින් යෝග්‍ය වේ. අවශ්‍යතා අනුව රක්ෂණ ඔප්පුව තමන්ට අවශ්‍ය පරිදි සකස්කර ගැනීමේ විකල්පය ඔප්පු හිමියාට ලබාදෙමින් වෙළද රක්ෂණාවරණය අංශ දෙකකට වෙන්කර තිබේ.

අංශය A: ගිනි, අකුණු, ද්වේශ සහගත හානි, පිපිරීම්, කුණාටු, සුළිසුළං, මාරුත, ගංවතුර, භූමිකම්පා, ස්වභාවික ආපදා සහ සොරකම් ඇතුළුව ඒ හා සම්බන්ධ උපද්‍රව ගණනාවක් ආවරණය කරයි.

අංශය B: අමතර වාරික ගෙවීම මඟින් පහත සඳහන් අමතර ආවරණ ලබා ගත හැක. විකල්ප ආවරණ පිරිනමයි.

  • මුදල් රක්ෂණය (මාර්ගස්ථ, සේප්පු සහ ලාච්චුවල ඇති මුදල්)
  • මාර්ගස්ථ භාණ්ඩ රක්ෂණය
  • හදිසි අනතුරකදී වීදුරු බිඳීම්
  • සංඥාපුවරු ආවරණය
  • විද්‍යුත් උපකරණ ආවරණය
  • අවමංගල වියදම් ආවරණය
  • විශ්වස්‍යතා බැඳුම්කර ආවරණය
  • ආහාර හානිවීම
  • ඔප්පු හානිවීම
ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
අතිරේක වියදමකින් තොරව පහත දැක්වෙන රක්ෂණාවරණ පිරිනමනු ලැබේ:
  • රක්ෂණ ඔප්පු හිමියා හෝ නාමිකයකු සඳහා පුද්ගල හදිසි අනතුරු රක්ෂණය
  • නෛතික බැඳීම් ආවරණය
  • සුන්බුන් ඉවත් කිරීම
  • මිනින්දෝරු / උපදේශක ගාස්තු
  • උපයෝගිතා සේවා සැපයුම් මාර්ග හානි
  • අගුළු ආවරණ ප්‍රතිස්ථාපනය
  • සේවකයන් 5 දෙනෙකු සඳහා නොමිළයේ සේවක වන්දි රක්ෂණ ආවරණය
යෝග්‍යතාව
  • රක්ෂණ ඔප්පුහිමියාට වත්කම වෙත රක්ෂණීය බැඳියාවක් තිබිය යුතුය
  • රක්ෂණ ඔප්පු හිමියා ශ්‍රී ලංකා නෛතික රාමුව ප්‍රකාරව රක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීම සදහා සුදුසුකම් ඇති අයෙකු විය යුතුය
  • රක්ෂණය කරනු ලබන දේපල / වත්කම් ශ්‍රී ලං‍කාවේ භූගෝලීය සීමාව තුළ විය යුතුය
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න