ඉදිකිරිම් සියළු අවදානම් රක්ෂණය

ඉදිකිරිම් සියළු අවදානම් රක්ෂණය

වත්මනෙහි වේගයෙන් ඉදිරිය කරා ගමන් කරන සහ ඉතා අභියෝගාත්මක ඉදිකිරීම් කර්මාන්තය හා බැඳුණු බොහෝ අවදානම් අවබෝධ කරගනිමින් ගොඩනැගිලි, පාලම්, මාර්ග සංවර්ධන සහ වේලි ඇතුළු සිවිල් ඉදිකිරීම් ව්‍යාපෘති සිදුකරන්නා වූ කොන්ත්‍රාත්කරුවන් සදහා සියලු අංශ ආවරණය කරමින් පුළුල් රක්ෂණාවරණයක් අපි නිර්මාණය කර ඇත්තෙමු. එම රක්ෂණය සිවිල් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ආරක්ෂිත දැලක් පමණක් නොව ගිවිසුම්කර අවශ්‍යතාවයක් ද වෙ.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
ඉදිකිරීම් කටයුතු සහ ආශ්‍රිත උපද්‍රව සඳහා

 

  • කොන්ත්‍රාත් මිල
  • පිරියත හා යන්ත්‍රෝපකරණ 
  • පිරියත හා උපකරණ
  • සුන්බුන් ඉවත්කිරීම
  • සේවාලාභියාගේ වත්මන් දේපල

 

තෙවන පාර්ශවීය බැඳීම් සහ ආශ්‍රිත උපද්‍රව 

 

  • ශාරීරික තුවාල
  • දේපල හානි
  • කම්පන, ආධාරක ඉවත්කිරීම හෝ දුර්වල වීම
  • පොළොව යටින් දිවෙන කේබල

 

අතිරේක ආවරණ

 

  • වැඩ වර්ජන, කෝළාහල සහ සිවිල් කැළඹීීීම් ආවරණය
  • ත්‍රස්තවාද ආවරණය

 

යෝග්‍යතාව
  • රක්ෂණ ඔප්පුහිමියාට වත්කම වෙත රක්ෂණීය බැඳියාවක් තිබිය යුතුය
  • රක්ෂණ ඔප්පු හිමියා ශ්‍රී ලංකා නෛතික රාමුව ප්‍රකාරව රක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීම සදහා සුදුසුකම් ඇති අයෙකු විය යුතුය
  • රක්ෂණය කරනු ලබන දේපල / වත්කම් ශ්‍රී ලං‍කාවේ භූගෝලීය සීමාව තුළ විය යුතුය.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න