නැව් බඳ රක්ෂණය

නැව් බඳ රක්ෂණය

අපගේ නැව් බඳ රක්ෂණය පහත දක්වා ඇති හේතු නිසාවෙන් මුහුදේ යාත්‍රා කරන සහ ජලමාර්ග ඔස්සේ මෙහෙයුම් කටයුතු සිදුකරන යාත්‍රාවල බඳ සහ යන්ත්‍රෝපකරණවලට සිදුවිය හැකි හානි සඳහා පූර්ණ ආරක්ෂාව සපයයි:

  • ගිනි
  • පිපිරීම්
  • බාහිර පාර්ශව සිදුකරන සොරකම්
  • දියබත් කිරීම
  • භූමිකම්පා, ගිණි කදු පිපිරීම්‌ හෝ අකුණු
  • බොයිලේරු පිපිරීම, ඊෂාවන් බිඳුම හෝ ‌බඳේ සහ/හෝ යන්ත්‍රෝපකරණවල ඇතිවන වෙනත් කවර හෝ නිලීන දෝෂ
  • නැව් භාණ්ඩ / ඉන්ධන පැටවීමේදී, බැහැර කිරීමේදී හෝ එහා මෙහා ගෙන යාමේදී සිදුවිය හැකි අනතුරු
  • ප්‍රධාන නිලධාරින්ගේ, නැව් කාර්ය මණ්ඩලයේ සහ නියමුවාගේ නොසැලකිල්ල
  • අතිරේක වාරික ගෙවීම මගින් යුධ, වැඩ වර්ජන, කෝළාහල සහ සිවිල් කැළඹීම් අවදානම් සහ ත්‍රස්තවාදය සඳහා ආවරණ ලබා ගත හැක

 

නැව් බඳ සහ යන්ත්‍රෝපකරණ රක්ෂණ වර්ග
  • මෙහෙයුම් ආවරණය - පූර්ණ අලාභය සහ අර්ධ අලාභය
  • මුහුදු ගමන් ආවරණය - පූර්ණ අලාභය සහ අර්ධ අලාභය
  • නැව් තනන්නන්ගේ අවදානම්
  • නැව් අළුත්වැඩියාකරන්නන්ගේ බැඳීම්
  • ආරක්ෂාව හා හානිපූරණ වගකීම
  • විනෝද යාත්‍රා ආවරණය

 

නැව්ගත කිරීමේ සමාගම්වල නෛතික බැඳීම

එක් එක් නෛතික බැඳීම යටතේ කෙටි විස්තරය පහත පරිදි වේ:

1. නැව් භාණ්ඩ බැදීම් රක්ෂණය

පහත කරුණුවලට අදාළව නැව්ගත කිරීමේ සමාගම්වල නෛතික බැඳීම:

  1. නියම සහ කොන්දේසිවලට යටත්ව නැව් භාණ්ඩ සඳහා භෞතික අලාභය හෝ භෞතික හානි
  2. ඉහත හේතුව නිසා පැන නගින ආනුෂංගික අලාභය
  3. නියම සහ කොන්දේසිවලට යටත්ව පොදු සමානත්වය සහ බේරා ගැනීම සඳහා නැව් භාණ්ඩවල දායකත්වය
2. තෙවන පාර්ශවීය නෛතික බැඳීම් රක්ෂණය

පහත සඳහන් දෑ සම්බන්ධයෙන් නොසැලකිල්ල හේතුවෙන් තෙවැනි පාර්ශවය නෛතික බැඳීම් ආවරණ මත සපයනු ලබන ආවරණය:

  1. ශාරීරික තුවාල
  2. භෞතික අලාභය හෝ භෞතික හානිය
  3. හිමිකම් පෑමකින් සෘජුවම පැන නගින තෙවන පාර්ශවයක් විසින් අත් විඳීන ආනුෂංගික අලාභය
3. හිමිකම්පෑමේ වියදම්

රක්ෂණ සමාගමෙන් පූර්ව අනුමතිය ලබා ගෙන ඇත්තේ නම්, රක්ෂිතයාට එරෙහිව සිදුකරන හිමිකම් ඉල්ලීමක් පිළිබඳව වන විමර්ශනය කිරීමක්, ගැලපිමක්, අභියාචනා කිරීමක් හෝ විත්තිවාචනය කිරීමක් සඳහා දැරීමට සිදුවන හිමිකම් පෑම සඳහා වන වියදම්.

4. වෘත්තික හානිපූරණ රක්ෂණ දිගුව

ඉහත ආවරණයට:

  1. නැව් භාණ්ඩ වැරදි සහ සාවද්‍ය ලෙස බෙදා හැරීම
  2. හැසිරවීමේ ප්‍රමාද 
  3. රක්ෂිතයාගේ ගිවිසුම්කර බැඳීම් සපුරාලීමට අපොහසත්වීම

ආදියේ ප්‍රතිඵලයක් ලෙස රක්ෂණකරුගේ නොසැලකිල්ල සහ ප්‍රමාද දෝෂ සඳහා නෛතික බැඳීම අයත් වේ.

5. දඩ සහ බදු බැදීම් රක්ෂණ දිගුව

කිසියම් රෙගුලාසියක්, නෛතික හෝ ව්‍යවස්ථාපිත විධිවිධානයක් නොදැනුවත්ව උල්ලංඝනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බලධාරියකු විසින් රක්ෂිතයා හෝ රක්ෂිතයා වෙනුයෙන් තම අධිකාරිය තුළ කටයුතු කරන වෙනත් තැනැත්තන් මත පනවන ලබන දඩ, රේගු බදු, විකුණුම් බදු, නිෂ්පාදන බදු, අගය එකතුකළ බදු හෝ ඒ හා සමාන මුල්‍ය ගාස්තු හෝ වෙනත් දඩයක්, එවැනි උල්ලංඝනය කිරීමක් පහත කරුණු හා සෘජුවම සම්බන්ධ වන්නේ නම්:

  1. රක්ෂිතයාට අයත් නොවන හෝ කල්බදු ලෙස ලබාගෙන නොමැති නැව් භාණ්ඩ හෝ රැගෙන යාමේ උපකරණ ආනයනය හෝ අපනයනය
  2. සංක්‍රමණය හෝ
  3. පරිසර දූෂණය හෝ
  4. සේවා තත්ත්වයන්හි සුරක්ෂිතතාව
ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
බහු විකල්ප

අර්ධ අලාභය, පූර්ණ අලාභය හෝ සම්මුතික මුළු අලාභය සදහා රක්ෂණ ඔප්පුව ලබා ගත හැක

ධීවර බෝට්ටු සඳහා පූර්ණ අලාභ ආවරණය

ධීවර බෝට්ටු සඳහා පූර්ණ අලාභ ආවරණය

ශීතකරණ බහාලුම් සහ පොදු නැව් භාණ්ඩ බහාලුම් යන දෙවර්ගයම සදහා ආවරණය ප්‍රධානය

ශීතකරණ බහාලුම් සහ පොදු නැව් භාණ්ඩ බහාලුම් යන දෙවර්ගයම සදහා ආවරණය ප්‍රධානය කරනු ලැබේ.

යෝග්‍යතාව
  • රක්ෂණ ඔප්පුහිමියාට වත්කම වෙත රක්ෂණීය බැඳියාවක් තිබිය යුතුය
  • රක්ෂණ ඔප්පු හිමියා ශ්‍රී ලංකා නෛතික රාමුව ප්‍රකාරව රක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීම සදහා සුදුසුකම් ඇති අයෙකු විය යුතුය.
  • යාත්‍රාව අදහස් කරනු ලැබූ සමුද්‍රීය කාර්යය / ගමන සඳහා සුදුසු විය යුතු අතර මනා තත්ත්වයේ තිබිය යුතුය.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න