කාර්මික / ව්‍යාපාර පරිශ්‍ර සඳහා ගිනි රක්ෂණය ඔබේ කාර්මික / ව්‍යාපාර පරිශ්‍ර වලට සිදුවන අලාභ සහ හානි සඳහා ආරක්ෂාව පිරිනමන ඔබ වෙනුවෙන්ම සැකැසූ රක්ෂණාවරණයකි. මෙම රක්ෂණ ඔප්පුවෙන් ගොඩනැගිලි, කාර්යාල, නිෂ්පාදන ආයතන, ගබඩා සහ පාසල් ආදිය ගිනි, සොරකම්, ස්වභාවික ආපදා සහ ඒ හා ආශ්‍රිත උපද්‍රව වැනි වාණිජ සහ කාර්මික අවදානම්වලින් ආවරණය කරන අතර පරිශ්‍රයට සිදුවන අනපේක්ෂිත අලාභයකදී හෝ හානියකදී අවම අවහිරයකින් හෝ කිසිදු අවහිරයකින් තොරව ඔබේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදුවන බව සහතික කරයි. පිහිටි ස්ථානය, ඉදිකිරීම සහ එහි සිටින පිරිස අනුව ඔබේ රක්ෂණාවරණය වෙනස් වනු ඇත.
ආවරණය:
- මූලික ආවරණයෙන් ගිනි සහ අකුණු මගින් සිදුවන හානි සඳහා රක්ෂණය පිරිනමයි
අතිරේක වාරිකවලට පහත දැක්වෙන රක්ෂණාවරණ හිමිවනු ඇත:
- කොළහල සහ වැඩ වර්ජන
- ද්වෙශ සහගත හානි
- පිපිරීම්
- ගුවන් යාන මගින් සිදුවන හානි
- ඝට්ටන බලපෑම්
- සුළිසුළං / කුණාටු / මාරුත / ගංවතුර
- භූමිකම්පා (ගිනි සහ කම්පන ඇතුළුව)
- ජල ටැංකි පුපුරායාම හෝ පිටාර ගැලීම
- විදුලි අනතුරු
- ස්වභාවික ආපදා
- ත්‍රස්තවාදය
- ස්වයංදහනය
- සොරබිය ආවරණය
- රක්ෂණ ඔප්පුහිමියාට වත්කම වෙත රක්ෂණීය බැඳියාවක් තිබිය යුතුය
- රක්ෂණ ඔප්පු හිමියා ශ්‍රී ලංකා නෛතික රාමුව ප්‍රකාරව රක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීම සදහා සුදුසුකම් ඇති අයෙකු විය යුතුය
- රක්ෂණය කරනු ලබන දේපල / වත්කම් ශ්‍රී ලංකාවේ භූගෝලීය සීමාව තුළ විය යුතුය
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.