මෝටර් ෆ්ලීට් සොලුයුෂන්ස්

මෝටර් ෆ්ලීට් සොලුයුෂන්ස්

අනතුරුවලින් වාහනවලට සිදුවිය හැකි අවදානම් සහ හානිවලින් ආයතනවලට අයත් වාහන ඇණි රක්ෂණය කරන්නා වූ පුළුල් සහ දැරිය හැකි මිලකට ලබා ගත හැකි රක්ෂණ ආවරණයකි. මෝටර් ෆ්ලීට් සොලුයුෂන්ස් රක්ෂණය ඔබගේ වාහන ඇණියේ ආරක්ෂාව සහ ආයෝජනය සහතික කරයි. ඔබේ වාහන ඇණියේ අවශ්‍යතා සහ ප්‍රායෝගිකතාවයට ගැලපෙන පරිදි රක්ෂණාවරණ සකස් කළ හැකිය.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
වාහන සංඛ්‍යාව අනුව විශේෂ රක්ෂණ වාරික
නිවැරැදිව පියවීම

මුළු රක්ෂණ ඉල්ලුම නිවැරැදිව පියවීම

මෝටර් ප්ලස් රිවෝඩ්ස් වැඩසටහනට ඇතුළුවීමට හැකිවීම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම සමාගම් වෙතින් සුවිශේෂී ත්‍යාග ලබා ගැනීමේ අවස්ථාව හිමිවන මෝටර් ප්ලස් රිවෝඩ්ස් වැඩසටහනට ඇතුළුවිමට හැකිවීම

ස්ථානීය පරීක්ෂණය

වෘත්තීය සුදුසුකම් සහිත 175 කට වැඩි පිරිසකගෙන් සමන්විත අපගේ තාක්ෂණික නිලධාරී කණ්ඩායම අනතුර සිදුවූ ස්ථානයට කඩිනමින් ගොස් අළුත්වැඩියා කටයුතු සඳහා අනුමැතිය ලබාදීම පිණිස ඕනෑම තැනක ඕනෑම වෙලාවක අනතුරු හානිය තක්සේරු කරන ස්ථානීය පරීක්ෂණය

වැඩකරන පැය 3ක් ඇතුලත ප්‍රතිපූරණය

අළුත්වැඩියා ඇස්තමේන්තු, අළුත්වැඩියා බිල්පත්,‍ සුන් බුන් සහ වැඩ කුලී, අළුත්වැඩියාවෙන් පසු පරීක්ෂාකිරීම් නොමැතිව රු. 75,000ට අඩු හිමිකම් වැඩකරන පැය 3ක් ඇතුලත ප්‍රතිපූරණය

ලේඛන ඉදිරිපත් කිරිමකින් තොරව වාහනය අළුත්වැඩියා කරගැනීම

රු. 75,000 - රු. 500,000 අතර හිමිකම් සඳහා අළුත්වැඩියා බිල්පත් සහ සුන් බුන් ඉදිරිපත් කිරිමකින් තොරව ඔබේ වාහනය අළුත්වැඩියා කරගැනීම

මුදල් ගෙවීමකින් තොරව අළුත්වැඩියා පහසුකම

වාහනය නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 5 ක් දක්වා, හිමිකරුගේ ගිණුමක් නොමැතිව අනුමත නියෝජිතයකුගෙන් මුදල් භාවිතය රහිත අළුත්වැඩියා පහසුකම

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හවුල්කාර ගරාජයකින් ප්‍රතිලාභ අත්විඳින්න

ඔබේ වාහනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හවුල්කාර ගරාජයකින් අළුත්වැඩියා කොට පහත දැක්වෙන ප්‍රතිලාභ අත්විඳින්න.

o මුදල් භාවිතයෙන් තොර පියවීමේ පහසුකම
o ඔ‍බේ රක්ෂණ හිමිකමෙන් හිමිකාර ගිණුම් දායක මුදල් අඩුකිරීමක් නොකෙරේ
o උපරිම දින 10ක් දක්වා වාහන කුලී දීමනා

මෝටර් ප්ලස් හවුල්කාර ගරාජ
ගරාජයේ නම ලිපිනය ඇමතුම් අංකය
ක්‍රියේටිව් ඔටෝ ෂයින් කළගෙඩිහේන 332 289873 / 779 406799
ආර්.එම්. මෝටර් වර්ක්ස් මුදුන්ගොඩ 332 222867
සිලෝන් මෝටර් වර්ක්ස් (පුද්) සමාගම කැළණිය 112 917207 / 777 387300
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස් (පුද්) සමාගම කොහුවල 112 852327 / 114 899860
අජිත් මෝටර්ස් හෝකන්දර දකුණ 112 760446 / 112 185446 / 777 890844
කළිඳු ඔටෝ රිපෙයාර් සෙන්ටර් (පුද්) සමාගම යක්කල 332 230885 / 777 578708
කෙන්ටාරෝ ඔටෝ ඉංජිනියරින් පැපිලියාන 112 890676 / 112 890677
ක්වික් ෆික්ස් ඔටෝමොබයිල්ස් (පුද්) සමාගම අඹතලේ 112 549606

 

අතිරේක වාරික ගෙවාපහත දැක්වෙන ආවරණ මගින් රක්ෂණය වඩා පුළුල් කිරීමට හැකිය

• රක්ෂණ ඹප්පු හිමියා / වැටුප්ලාභී රියැදුරු / මගීන් සඳහා පුද්ගලික අනතුරු ආවරණය
• කුලී / බදු කුලී ආවරණය
• මගීන් සඳහා නෛතික බැඳීම් ආවරණය
• ප්‍රවාහණය කරනූ ලබන භාණ්ඩ ආවරණය
• ඇදගෙන යාමේ ගාස්තු ආවරණය
• ආධුනික රියැදුරු / ධාවක ආවරණය
• රිය පැදවීමේ පාඩම් ආවරණය
• රියැදුරු සඳහා සේවක වන්දි රක්ෂණ ආවරණය
• වාමුවා විශේෂ ආවරණය
• වර්ජන, කෝළාහල සහ ජන කැළඹීම් ආවරණය
• ත්‍රස්තවාදී ආවරණය

යෝග්‍යතාව
  • රක්ෂණ ඔප්පුහිමියාට වාහනයට රක්ෂණීය බැඳියාවක් තිබිය යුතුය
  • රක්ෂණ ඔප්පු හිමියා ශ්‍රී ලංකා නෛතික රාමුව ප්‍රකාරව රක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීම සදහා සුදුසුකම් ඇති අයෙකු විය යුතුය
  • වාහනය / වාහන රක්ෂණය කිරීම ශ්‍රී ලං‍කාවේ භූගෝලීය සීමාව තුළ විය යුතුය

*නියම සහ කොන්දේසි අදාළ වේ

මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න