ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බිස්නස් ක්ලබ්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බිස්නස් ක්ලබ්

"ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බිස්නස් ක්ලබ්" වෙළඳ ව්‍යාපාර රක්‍ෂණය ශ්‍රී ලාංකේය ව්‍යාපාර සඳහා ඔවුන්ගේම සුවිශේෂී අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත. මෙය ව්‍යාපාරවල විවිධ රක්‍ෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා ව්‍යාපාර ස්වභාවය අනුව ලබා ගත හැකි පූර්ණ ව්‍යාපාර රක්‍ෂණ විසඳුමකි. ඔබේ ව්‍යාපාරයේ අවදානම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත භාර දී නිදහස් මනසකින් ව්‍යාපාර කටයුතු කරගෙන යන්න.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
මූලික ආවරණ

 

  • ගිනි හා අකුණු සැර
  • පිපිරීම්
  • ද්වේෂ සහගත අලාභ හානි
  • ගුවන්යානාවලින් සිදුවිය හැකි හානි
  • ඝට්ටන
  • භූමිකම්පා
  • වතුර ටැංකි පිපිරීම් හා ඉතිරීයාම
  • සුළි සුලං, කුණාටු, චණ්ඩ මාරුත
  • ජල ගැලීම්
  • ස්වභාවික විපත් (සුනාමි, දළ රළ , ගිණි කඳු පිපිරීම්, පරිසර කැළඹිලිනිසා හටගන්නා වාසුළං, හරිකේන , ටයිෆූන සැඩ සුළං , හිම කුණාටු,නිවර්තන සුළි සුළං)
  • විදුලි උවදුරු
  • ස්වයං දහනය
  • සොරකම් හා ගෙවල් බිඳීම්

කැරළි කෝලහාල, වැඩ වර්ජන ආවරණය හා ත්‍රස්ථවාදී ආවරණය, අමතර වාරික ගෙවා ලබාගත හැක.

 

මූලික ආවරණය සමග නොමිලේ ලබාදෙන ආවරණ

 

  • ආපදාවකදී සුන්බුන් ඉවත් කිරීම් සඳහා වන වියදම්
  • කුලී අහිමිවීම්
  • වාස්තු විද්‍යා, මිනින්දෝරු හා ඉන්ජිනේරු උපදේශක සේවා ගාස්තු
  • විකල්ප වාසස්ථාන සඳහා වන වියදම්
  • සේවා පහසුකම් පද්ධතීන් වලට හානිවීම් - රු. 100,000/- දක්වා
  • රක්ෂිත පරිශ්‍රයේ ඇති වත්කම් වෙනත් ස්ථානයකට තාවකාලිකව ඉවත් කිරීමේ ගාස්තු
  • ගිනි නිවීම් මෙවලම් ප්‍රතිස්ථාපන වියදම්
  • හානි වූ දේපළ ප්‍රතිපූර්ණයේදී, මහජන අධිකාරී ආයතන සඳහා දැරීමට සිදුවන ගාස්තු (කොන්දේසි වලට යටත්ව)
  • සේවායෝජකයා සඳහා පුද්ගල හදිසි අනතුරු ආවරණය - රු. 200,000/- දක්වා
  • සේවකයින් 02 ක් සඳහා වූ පුද්ගල හදිසි අනතුරු ආවරණය - රු. 50,000/- බැගින්
  • ආහාර විෂවීම් ආවරණය - රු. 100,000/- දක්වා
  • නෛතික වගකීම් ආවරණය - රු. 100,000/- දක්වා
  • සේවක වන්දි රක්ෂණ ආවරණය - සේවකයින් 5 දෙනෙකු දක්වා

 

අමතර වාරික මුදලක් ගෙවා ලබා ගත හැකි අතිරේක ආවරණ

 

  • මුදල් රක්ෂණය (මාර්ගස්ථ මුදල්, ලාච්චුවේ ඇති මුදල්, සේප්පුවේ ඇති මුදල් ඇතුළුව)
  • අහඹුමය අනතුරුවලින් වීදුරුවලට වන හානි
  • සංඥා නාම පුවරු
  • ඉලෙක්ට්‍රොනික උපකරණ (සියළු අවදානම් ආවරණය)
  • මාර්ගස්ථ බඩු ප්‍රවාහනය (පැටවීම් හා ගොඩබෑම ඇතුළුව)
  • යන්ත්‍රෝපකරණ බිඳවැටීමේ ආවරණය
  • ශිතකරණ හා අධිශිතකරණ වල ආහාර නරක්වීම
  • විශ්වාස ඇප රක්ෂණය
  • නෛතික වගකීම් රක්ෂණය
  • පුද්ගල හදිසි අනතුරු ආවරණය (සදාකාලික අකර්මන්‍යතා ඇතුළුව)
  • අවමංගල්‍ය වියදම් (රක්ෂිතයා හෝ ව්‍යාපාර හවුල්කරු)
  • සේවක වන්දි රක්ෂණය ( සේවා කාලයට අමතර ආවරණයක් ද සමගින්)
  • රෝහල් ගාස්තු ප්‍රතිපූර්ණය කිරීමේ ආවරණය

 

ඉහත සඳහන් මූලික ආවරණ, අමතර ආවරණ සහ නොමිලේ ලබාදෙන අවරණ සියල්ලම ඔප්පු කොන්දේසි වලට යටත් වේ.

මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න