තේ කර්මාන්තශාලා රක්ෂණය

තේ කර්මාන්තශාලා රක්ෂණය

ශ්‍රී ලංකාවේ තේ අංශයේ රක්ෂණ අවශ්‍යතාවන්ට පිළියම් යෙදීම සඳහා විශේෂිතව සැලසුම් කර ඇති මෙම රක්ෂණාවරණය තේ වැවිලි, තේ කර්මාන්ත ශාලා සහ ඔවුන්ගේ ගබඩා සමගින් ඔවුන්ගේ යන්ත්‍රෝපකරණ, ගොඩනැගිලි, තොග සහ නොනිමි වැඩවලට බලපාන අවදානම් ආවරණය කරයි. මෙම රක්ෂණය අංශ දෙකකට බෙදා ඇති අතර එමගින් රක්ෂණ ඔප්පු හිමියන්ට තම සිතැඟි පරිදි ඔප්පුව සැලසුම් කරගැනීමේ අවස්ථාව උදා කර දෙයි.

අංශය A: ගිනි, අකුණු, ද්වේශ සහගත හානි, පිපිරීම්, කුණාටු, සුළි සුළං, මාරුත, ගංවතුර, භූමිකම්පා, ස්වභාවික ආපදා, සොරකම්, වැඩ වර්ජන, කෝළහාල සහ සිවිල් කැළඹීම් ආවරණය ඇතුළුව ඒ හා සම්බන්ධ උපද්‍රව ගණනාවක් ආවරණය කරන අතර ත්‍රස්තවාදී ආවරණය ද පිරිනමයි.

අංශය B: අතිරේක වාරික සඳහා විකල්ප ආවරණ පිරිනමයි.

  • විශ්වස්‍යතා බැඳුම්කර ආවරණය
  • සේවකයන් සඳහා පුද්ගල අනතුරු ආවරණය
  • සේවක වන්දි ආවරණය
  • ගිනි හා ඒ ආශ්‍රිත උපද්‍රව මගින් ඇතිවන අවහිරතා හේතුවෙන් වැඩ මිල ඉහළ යාම
  • කර්මාන්තශාලා යන්ත්‍රෝපකරණ සඳහා යන්ත්‍රෝපකරණ ක්‍රියා විරහිතවීම ආවරණය
  • මුදල් රක්ෂණය (මාර්ගස්ථ, සේප්පු සහ ලාච්චුවල ඇති මුදල)
  • තේ තොග ප්‍රවාහණය සඳහා මාර්ගස්ථ භාණ්ඩ ආවරණය
  • තහඩු වීදුරු ආවරණය
  • සංඥාපුවරු ආවරණය
  • විද්‍යුත් භාණ්ඩ ආවරණය
  • මුදල් ආවරණය
  • මෝටර් හානි ආවරණය
ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
අතිරේක වියදමකින් තොරව පහත දැක්වෙන රක්ෂණාවරණ පිරිනමනු ලැබේ:

 

  • රක්ෂණ ඔප්පු හිමියා හෝ නාමිකයකු සඳහා පුද්ගල හදිසි අනතුරු රක්ෂණය
  • නෛතික බැඳීම් ආවරණය
  • සුන්බුන් ඉවත්කිරීම
  • මිනින්දෝරු / උපදේශක ගාස්තු

 

යෝග්‍යතාව
  • රක්ෂණ ඔප්පු හිමියාට රක්ෂණ දේපල සම්බන්ධව රක්ෂණීය අයිතියක් තිබිය යුතු වේ
  • රක්ෂණ ඔප්පු හිමියා ශ්‍රී ලංකා නෛතික රාමුව ප්‍රකාරව රක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීම සදහා සුදුසුකම් ඇති අයෙකු විය යුතුය
  • දේපල / වත්කම් රක්ෂණය කිරීම ශ්‍රී ලං‍කාවේ භූගෝලීය සීමාව තුළ විය යුතුය
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න