යන්ත්‍රෝපකරණ ක්‍රියාවිරහිතවීම් රක්ෂණය

යන්ත්‍රෝපකරණ ක්‍රියාවිරහිතවීම් රක්ෂණය

වැඩ සඳහා යොදවා ඇති, යොදවා නැති සහ නඩත්තු කටයුතු සිදුකරමින් පවතින යන්ත්‍රෝපකරණ සඳහා ලබාදෙන රක්ෂණයක් වන මෙම රක්ෂණ සැලසුම රක්ෂිත යන්ත්‍රවලට සිදුවන අනපේක්ෂිත සහ හදිසි භෞතිහ අලාභ හෝ හානි සදහා ආවරණය සපයමින් ඒවා වහාම සහ කඩිනමින් අළුත්වැඩියා කිරීමට හෝ ප්‍රතිස්ථාපනය කිරිමට පහසුකම් සපයයි. වඩා ශක්තිමත් සහ විස්තීරණ ආවරණයක් වෙනුවෙන් කර්මාන්ත / ව්‍යාපාර පරිශ්‍ර සඳහා මෙම රක්ෂණ ඔප්පුව ගිනි රක්ෂණය මගින් තව දුරටත් පුළුල් කළ හැකිය.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
යන්ත්‍රෝපකරණ විදුලි හෝ කාර්මික හේතු නිසා ක්‍රියාවිරහිතවීම හේතුවෙන් සිදුවන අලාභ හෝ හානි මෙම රක්ෂණයෙන් ආවරණය වනු ඇත.

 

යෝග්‍යතාව
  • රක්ෂණ ඔප්පුහිමියාට වත්කම වෙත රක්ෂණීය බැඳියාවක් තිබිය යුතුය
  • රක්ෂණ ඔප්පු හිමියා ශ්‍රී ලංකා නෛතික රාමුව ප්‍රකාරව රක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීම සදහා සුදුසුකම් ඇති අයෙකු විය යුතුය
  • රක්ෂණය කරනු ලබන දේපල / වත්කම් ශ්‍රී ලං‍කාවේ භූගෝලීය සීමාව තුළ විය යුතුය
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න