හෝටල් හිමිකරුවන් සඳහා පරිපූරණ රක්ෂණය

හෝටල් හිමිකරුවන් සඳහා පරිපූරණ රක්ෂණය

කාලයක් පුරා සංචාරක කර්මාන්තය ඊටම සුවිශේෂි වූ අභියෝගයන්ට මුහුණ පා ඇති බැවින්, ශ්‍රී ලංකාවේ හෝටල්කරුවන් සදහා විශේෂිත රක්ෂණ සැලසුමක් අපි නිර්මාණය කර ඇත්තෙමු. රක්ෂණ ක්ෂේත්‍රයේ දශක ගණනක විශේෂඥතාවයෙන් මත පදනම්ව, බාහිර සාධක සහ බලපෑම්වලට අනුකූලව රක්ෂණ ඔප්පු නිරතුරුව යාවත්කාලීන කිරී‌ම සඳහා වන අවශ්‍යතාවය අප තේරුම්ගෙන ඇත්තෙමු.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
ඉදිකිරීම් කටයුතු සහ ආශ්‍රිත උපද්‍රව සඳහා

අංශය A: ගිනි, අකුණු, ද්වේශ සහගත හානි, පිපිරීම්, කුණාටු, සුළිසුළං, මාරුත, ගංවතුර, භූමිකම්පා, ස්වභාවික ආපදා, සොරකම්, වැඩ වර්ජන, කෝළාහල සහ සිවිල් කැළඹීම් ආවරණය ඇතුළුව ඒ හා සම්බන්ධ උපද්‍රව ගණනාවක් ආවරණය කරන අතර ත්‍රස්තවාදී ආවරණය ද පිරිනමයි.

අතිරේක ආවරණ

වැඩ වර්ජන, කෝළාහල සහ සිවිල් කැළඹීම් ආවරණය හා ත්‍රස්තවාදී ආවරණය පිරිනමයි

තෙවන පාර්ශවීය බැඳීම් සහ ආශ්‍රිත උපද්‍රව

අංශය B: අතිරේක වාරික සඳහා විකල්ප ආවරණ පිරිනමයි.

 

  • විශ්වස්‍යතා බැඳුම්කර ආවරණය
  • සේවකයන් සඳහා පුද්ගල අනතුරු ආවරණය
  • සේවක වන්දි ආවරණය
  • ගිනි හා ඒ ආශ්‍රිත උපද්‍රව මගින් ඇතිවන අවහිරතා හේතුවෙන් වැඩ පිරිවැය ඉහළ යාම
  • යන්ත්‍රෝපකරණ සඳහා යන්ත්‍රෝපකරණ ක්‍රියා විරහිතවීම් ආවරණය
  • මුදල් රක්ෂණය (මාර්ගස්ථ, සේප්පු සහ ලාච්චුවල ඇති මුදල)
  • තහඩු වීදුරු ආවරණය
  • සංඥාපුවරු ආවරණය
  • විද්‍යුත් භාණ්ඩ ආවරණය
  • මුදල් ආවරණය

 

යෝග්‍යතාව
  • රක්ෂණ ඔප්පුහිමියාට වත්කම වෙත රක්ෂණීය බැඳියාවක් තිබිය යුතුය
  • රක්ෂණ ඔප්පු හිමියා ශ්‍රී ලංකා නෛතික රාමුව ප්‍රකාරව රක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීම සදහා සුදුසුකම් ඇති අයෙකු විය යුතුය
  • රක්ෂණය කරනු ලබන දේපල / වත්කම් ශ්‍රී ලං‍කාවේ භූගෝලීය සීමාව තුළ විය යුතුය
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න