මෙඩි ප්ලස්

මෙඩි ප්ලස් යනු කුමක්ද?

මෙඩි ප්ලස් සෞඛ්‍ය රක්‍ෂණ සැලැස්ම ඔබට දැරිය හැකි වාරික මුදලකට ඔබගේ සෞඛ්‍ය රක්‍ෂණ අවශ්‍යතා රැසක් ආවරණය කරන අතර විශේෂ හිමිකම් ප්‍රසාද දීමනාවක් හිමිවන අතර එමඟින් සෑම හිමිකම් පෑමකින් තොර වසරක් සඳහාම රක්ෂිත මුදල වැඩි වේ. ඔබට මුදල් රහිත හිමිකම් පියවීම් පහසුකම මගින් වඩාත් පහසු සේවාවක් ලබාදෙනු ලබන අතර ඔබේ මුල්‍ය ආයෝජනය මත පදනම්ව පැකේජ 4 කින් ඔබට වඩාත් ගැලපෙන මෙඩි ප්ලස් සෞඛ්‍ය රක්‍ෂණ සැලසුම තෝරාගත හැක.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
රෝහල්ගත වීමේ ප්‍රතිලාභ - පුද්ගලික රෝහල්

කාමර ගාස්තු,වෛද්‍ය වෘත්තිකයින්ගේ ගාස්තු, ශල්‍යාගාර ගාස්තු, ගිලන් රථ ගාස්තු, දරු ප්‍රසූතිය සදහා වන ගාස්තු ආදිය ඇතුළත් වේ. 

රෝහල්ගත වීමේ ප්‍රතිලාභ - රජයේ රෝහල්

රෝහල්ගත වීමේ දෛනික දීමනාව, රෝහල්ගත වීමකදී පිටතින් මිලදී ගන්නා ඖෂධ සහ රජයේ රෝහල්වල සිටියදී පිටතින් සිදුකරන පරීක්ෂණ සහ දරු ප්‍රසූතිය සඳහා දීමනාව ඇතුළත් වේ.

අතිරේක ප්‍රතිලාභ

ඇසේ සුද, හර්නියා, සඳහා ප්‍රතිකාර, ගර්භාෂ විච්ඡේදනය, සියලු ආකාරයේ කන්තුක ශල්‍යකර්ම, පිළිකා ප්‍රතිකාර සහ තවත් ප්‍රතිකාර රැසක් අයත් වේ.

වසංගත රෝග ආවරණය

රජයේ රෝහල් සඳහා රෝහල් දෛනික දීමනාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත පෞද්ගලික රෝහල් මගින් පවත්වාගෙන යනු ලබන පුද්ගලික රෝහල්/ අතරමැදි සත්කාර මධ්‍යස්ථාන සඳහා රෝහල්ගත වීමේ ගාස්තු.

ශල්‍යකර්ම වියදම්

පූර්ව ස‍ැලසුම් ශල්‍ය කර්ම.

හිමිකම් නොපෑමේ ප්‍රසාද දීමනා

හිමිකම් නොපෑ‍මේ ප්‍රසාද දීමනාව, හිමිකම් නොපාන සෑම වසරක් සඳහාම රක්ෂිත මූලික මුදලින් 5% සිට 50% ක උපරිමයක් දක්වා ඉහළ නැංවේ.

වෛද්‍ය වාර්තා

වයස අවුරුදු 55 සීමාව දක්වා වෛද්‍ය වාර්තා අවශ්‍ය නොවේ.

රක්ෂණාවරනයට සුදුසුකම්
  • අවුරුදු 18 සිට 60 දක්වා වැඩිහිටියන්ට මෙම රක්ෂණය ලබාගත හැකි අතර වයස අවරුදු 69 දී ආවරණය අවසන් වේ.
  • දින 180 සිට අවුරුදු 17 දක්වා වයසේ පසුවන දරුවන්ට මෙම රක්ෂණය ලබාගත හැකි අතර වයස අවරුදු 21 දී ආවරණය අවසන් වේ.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න