ගිනි රක්ෂණය

ගිනි රක්ෂණය

අපගේ ගිනි රක්ෂණ ඔප්පුව සම්පූර්ණයෙන් ඉදිකර ඇති හෝ ඉදිකරමින් පවතින ඔබගේ නිවාසය හෝ වාසස්ථානය ගින්නෙන් හෝ ගිනි ආශ්‍රිත උපද්‍රව ගණනාවක් සම්බන්ධයෙන් රක්ෂණය කරයි. අහම්බෙන් සිදුවන ගින්නක් හෝ ඒ හා සම්බන්ධ උපද්‍රවවලින් ‍සිදුවන මුල්‍යමය හානි සීමා කර ගැනීමට මෙමගින් නිවාස හිමියන්ට අවස්ථාව උදාවන අතර නිවස ප්‍රතිසංස්කරණය හෝ යළි ඉදිකිරීම කඩිනමින් සිදුකිරීම සඳහා උපකාරී වේ.

 

නියමයන් සහ කොන්දේසි:

  • ගොඩනැගිල්ල හුදෙක්ම පුද්ගලික වාසස්ථානයක්/ නිවෙසක් ලෙස භාවිතා කළ යුතු අතර අනෙකුත් කාර්යයන් හෝ ගෘහාශ්‍රිත කර්මාන්තයක් සඳහා භාවිතා නොකළ යුතුය
  • පරිශ්‍රය මනා තත්ත්වයකින් පවත්වා ගෙන ගොස් තිබිය යුතුය (නිමා කර ඇත්නම් සහ වාසය කරන්නේ නම්)
  • ගොඩනැගිල්ල පිළිගත් ප්‍රමිති අනුව ඉදිකර තිබිය යුතුය
ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
ගිනි රක්ෂණයෙන් පහත දැක්වෙන ගිනි හා ඒ ආශ්‍රිත උපද්‍රව ආවරණය කරයි:

 

  • ගිනි සහ අකුණු
  • කෝලාහල සහ වැඩ වර්ජන
  • ද්වේශ සහගත අලාභහානි
  • පිපිරීම්
  • කුණාටු/ සුළිකුණාටු/ චණ්ඩ මාරුත සහ ගංවතුර
  • භූමිකම්පා
  • ස්වභාවික ආපදා
  • ඝට්ටන
  • විදුලි හානි
  • ගුවන්යානා මගින් සිදුවන හානි
  • ජල ටැංකි පිපිරුම හෝ පිටාර ගැලීම
  • වඩා පහසු හිමිකම් නිරාවරණය කිරීමේ ක්‍රමවේදයක් හරහා හිමිකම් නිරාවරණය කර ගත හැක

 

යෝග්‍යතාව
  • රක්ෂණ ඔප්පු හිමියාට රක්ෂණීය බැඳියාවක් තිබිය යුතුය
  • රක්ෂණ ඔප්පු හිමියා ශ්‍රී ලංකා නෛතික රාමුව ප්‍රකාරව රක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීම සදහා සුදුසුකම් ඇති අයෙකු විය යුතුය
  • දේපල/වත්කම් රක්ෂණය කිරීම ශ්‍රී ලං‍කාවේ භූගෝලීය සීමාව තුළ විය යුතුය
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න