ජන රැකුම

ජන රැකුම පුද්ගල හදිසි අනතුරු ආවරණ රක්ෂණය

ජන රැකුම පුද්ගල හදිසි අනතුරු ආවරණය මඟින් ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයකදී සිදුවිය හැකි අනතුරුවලට එරෙහිව පුළුල් ආවරණයක් ලබා දේ. “ජන රැකුම” වෙළෙදපොලේ  ඇති අනෙකුත් සමාන රක්ෂණාවරණ වලින් වෙනස් වන්නේ, දැරිය හැකි වාරිකයක් සමඟ  පිරිනැමෙන විවිධ ප්‍රතිලාභ මෙම රක්ෂණාවරණයේ ඇති සුවිශේෂී ලක්ෂණ වන බැවිනි.

මෙම රක්ෂණාවරණයට ඇතුළත් වන්නේ,

  • හදිසි අනතුරු මරණ, පුර්ණ සහ අර්ධ සදාකාලික අකර්මන්‍යතා ආවරණය
  • හදිසි අනතුරක් හේතුවෙන් රෝහල් ගතවීමේදී වෛද්‍ය ආවරණය
  • අවමංගල්‍ය වියදම් ආවරණය
  • 24x7 ලොව පුරා ආවරණය
  • යතුරුපැදි ආවරණය (රියදුරෙකු හෝ පිටුපස ගමන් කරනා මගියෙකු ලෙස)

 

ජන රැකුම රක්ෂණාවරණයේ විස්තර

කාල සීමාව මාස 12
අවම වයස
(රක්ෂණාවරණ ලබා ගැනීමට)
අවම වයස් සීමාව-18
උපරිම වයස් සීමාව -60 (60 වන උපන් දිනයට පෙර)
කල් පිරෙන වයස අවුරුදු 70
සැලැස්මේ වර්ගය තනි පුද්ගල
වාරික වර්ගය වාර්ෂික වාරික ගෙවීම්
ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ

ජන රැකුම රක්ෂණාවරණයේ ප්‍රතිලාභ සහ වාරිකය

  සැළසුම I සැළසුම II සැළසුම III
රක්ෂණාවරණයේ වටිනාකම
(හදිසි අනතුරු මරණ, පුර්ණ සහ අර්ධ සදාකාලික අකර්මන්‍යතා ආවරණය)
Rs. 250,000/- Rs. 500,000/- Rs. 1,000,000/-
වාරිකය (බදු සහිතව) Rs. 700/- Rs. 1,250/- Rs. 2,100/-
    
*හදිසි අනතුරක් හේතුවෙන් රෝහල් දීමනා ආවරණය
(වසරකට උපරිම දින 14 ක් පමණි)
Rs. 3,500/-
(දිනකට රු. 250/- X උපරිම දින 14 ක් පමණි)
Rs. 7,000/- 
(දිනකට රු. 500/- X උපරිම දින 14 ක් පමණි)
Rs. 10,500/- 
(දිනකට රු. 750/- X උපරිම දින 14 ක් පමණි)
**හදිසි අනතුරු සහ ස්වභාවික මරණ හේතුවෙන් අවමංගල්‍ය වියදම් ආවරණය Rs. 10,000/- Rs. 15,000/- Rs. 20,000/-

 

*මෙම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා අවම වශයෙන් දින දෙකක් රෝහල් ගත වී තිබිය යුතු ය.

**සියදිවි නසාගැනීම්, තමා විසින් සිදු කරගත් තුවාල, උමතු භාවය, මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම්, ඒඩ්ස් (AIDS) සහ වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග හේතුවෙන් ඇතිවන වගකීම් බැහැර කෙරේ.

**ස්වාභාවික මරණ සඳහා ආවරණය ක්‍රියාත්මක වනුයේ මුදල් ගෙවා දින 90 කට පසුවය.

මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න