ෆ්‍රීඩම් තනි වාරික සැලැස්ම

ෆ්‍රීඩම් තනි වාරික සැලැස්ම

ඔබේ විශ්‍රාම දිවිය ගැහැටකින්ව තොරව සුපුරුදු ජීවන රටාව එක ලෙසම පවත්වාගැනීම සඳහා ඔබේ වාරිකය එක්වර ගෙවීම සිදුකර අපගේ ෆ්‍රීඩම් තනි වාරික සැලැස්ම හා එක් වන්න. විශ‍්‍රාමයේදී නිදහස් මනසකින් යුතු, ප‍්‍රිතිමත් විශ‍්‍රාම ජිවිතයක් සහතික කරමින් පොරොන්දු වු පරිදිම ඔබට හිමි මාසික විශ‍්‍රාම ආදායමක් සදහා හිමිකම් සලසා දෙනු ලැබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
එක් ගෙවීමක් පමණි

තනි වාරික ගෙවීම

විශ්‍රාමික ආදායම සහතික කිරීම

වැල් පොළී පදනම මත සහතික කළ විශ්‍රාම ආදායම 5% බැගින් සෑම වර්ෂයක් සදහාම  වර්ධනය වේ.

වාර්ෂික සෞඛ්‍ය සේවා ගෙවීම

මාසික විශ්‍රාම ආදායම මෙන් 5 ගුණයක වාර්ෂික සෞඛ්‍යරක්ෂණ ගෙවිමක් (ඔප්පුව ආරම්භයේදී මෙම ආවරණය තෝරාගෙන ඇත්නම්) සිදු කරන අතර එයද වැල් පොළී පදනම මත වාර්ෂිකව 5% බැගින් වර්ධනය වනු  ඇත. මෙම මුදල වර්ෂයකට එකවරක් ගෙවන මුදලක් ලෙස සෑම වසරකම මාසික විශ‍්‍රාමිකය භුක්ති විදින කාලය තුලදී ලබාගත හැකිවීම.

වාරික ගෙවිය හැකි කාල සීමාව

අවුරුදු 5 – 40 දක්වා ඔබේ අභිමතය පරිදි රක්ෂණ කාලය තෝරා ගැනීමේ හැකියාව.

නම්‍යශීලී බව

වාර්ෂික අවශ්‍යතාවය ප්‍රකාරව සහ සැලසුම ආරම්භ කිරීම ස්ථිර කිරීමෙන් පසුව මාසික විශ‍්‍රාමිකය භුක්ති විදින කාලසීමාව අවුරුදු 5, 10, 15 සිට 20 දක්වා ඔබේ අභිමතය පරිදි තෝරා ගැනීමේ හැකියාව.

අමතර ආවරණ

බරපතල රෝග ආවරණය, සෞඛ්‍ය ආවරණ, කලත්‍ර ආවරණය, පවුල් ආරක්ෂණ ආවරණය වැනි සුවිශේෂී අතිරේක ප‍්‍රතිලාභ රාශියක් සමග ඔබේ රැකවරණය පුඵල් කර ගැනීමේ හැකියාව.

සමුච්චිත බෝනස්

වාර්ෂික ප්‍රාසද දීමනා සඳහා සුදුසුකම් ලැබීම හා අවසාන වාර්ෂික දීමනාව ගෙවීමේදී ඒ දක්වා උපයා ඇති ප‍්‍රසාද දීමනා ගෙවනු ලැබේ. 

අභාවයකදී ලැබෙන වන්දි මුදල

මාසික විශ‍්‍රාමිකය ලැබීම ආරම්භ කිරීමට පෙර එනම් වාරික ගෙවන කාලය තුල දී රක්ෂිතයාගේ අභාවයකදී යැපෙන්නන් හට පවාරණ අගය හෝ ගෙවන ලද මුඵ වාරිකයන්ගේ එකතුව යන අගයන්ගෙන් වැඩි අගය හිමිවේ.

අභාවයකදී ලැබෙන වන්දි මුදල

මාසික විශ‍්‍රාමිකය භුක්ති විදින කාලය තුලදී සිදුවන ජීවිත රක්ෂිතයාගේ අභාවයකදී රක්ෂණ ඔප්පු උපලේඛණයේ ප‍්‍රකාරව විශ‍්‍රාම අරමුදලේ ශේෂය යැපෙන්නන් හට ලබාගත හැකිවීම.   

යෝග්‍යතාව
  • අපේක්ෂිත අවම තනි වාරිකය රුග 50,000  ට නොඅඩු විය යුතුය. 
  • අවු 18 සිට 65 දක්වා පුද්ගලයින් සදහා මෙම සැලසුම යටතේ ඉල්ලුම් කල හැකිය. 
  • ප්‍රතිලාභ හිමිවීම ආරම්භ වන වයස අවුරුදු 45 සිට 70 දක්වා අතර විය යුතුය.
  • විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් නොමැති පුද්ගලික අංශයේ සේවකයන් සඳහා උචිතය.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න