හෝම් ප්‍රොටෙක්ට් නිවාස රක්ෂණය

හෝම් ප්‍රොටෙක්ට් නිවාස රක්ෂණය

පරිපූර්ණ ගෘහ රක්ෂණයක් වන මෙම රක්ෂණාවරණය අනපේක්ෂිත සහ නොවැළැක්විය හැකි අවදානම් හමුවේ ඔ‍බේ වත්කම් ආරක්ෂා කරගැනීම පිණිස වඩාත්ම උචිත රක්ෂණයයි. කිසියම් ආපාදාවක් සිදුවුවහොත්, එමගින් ඔබේ නිවස, පවුලේ සාමාජිකයන්, ඔබේ වටිනා භාණ්ඩ සහ ‍නිවසේ සේවක සේවිකාවන් මෙම රක්ෂණ සැලසුම හරහා ආවරණය කරයි.

 

නියම සහ කොන්දේසි:

  • ගොඩනැගිල්ල හුදෙක් පුද්ගලික වාසස්ථානයක්/ නිවෙසක් ලෙස භාවිතා කළ යුතු අතර ව්‍යාපාරික ස්ථානයක් හෝ ගෘහාශ්‍රිත කර්මාන්තයක් සඳහා භාවිතා නොකළ යුතුය
  • පරිශ්‍රය මනා තත්ත්වයකින් පවත්වා ගෙන ගොස් තිබිය යුතුය
  • ගොඩනැගිලි ව්‍යුහය ගඩොල්/ කොන්ක්‍රීට්/ සිමෙන්ති බ්ලොක් ගල්වලින් තැනූ බිත්තිවලින් සමන්විත විය යුතු අතර වහලයක් තිබිය යුතුය
ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
පහත දැක්වෙන උපද්‍රවවලින් සිදුවිය හැකි හානි වෙනුවෙන් හෝම් ප්‍රොටෙක්ට් රක්ෂණ සැලසුම ආරක්ෂාව සපයයි:
  • ගිනි සහ අකුණුසැර
  • ත්‍රස්තවාදය, කෝලාහල, වර්ජන සහ ජන කැළඹීම්
  • ද්වේශ සහගත අලාභහානි
  • පිපිරීම්
  • කුණාටු/ සුළිකුණාටු/ චණ්ඩ මාරුත සහ ගංවතුර
  • භූමිකම්පා
  • ස්වභාවික ආපදා
  • ඝට්ටන හානි
  • කඩා වැටුණු ගස්, දුරකථන හෝ විදුලි කණු
  • ගුවන්යානා මගින් සිදුවිය හැකි හානි
  • සොරකම්, ගෙවල් බිඳීම් හෝ සොරකමක් සිදු කිරීමට උත්සාහ කිරීමේදී සිදුවන හානි
  • අත් කණ්ණාඩි ආදිය හැර කැඩපත් අත්වැරදීමකින් බිඳීම - හදිසි අනතුරක් නිසා කණ්ණාඩි බිඳී යාම (අත් කණ්ණාඩි ආවරණය නොවේ)
  • සවිකර ඇති හෝ තහඩු වීදුරු අත්වැරදීමකින් බිඳීම
  • මහජන වගකීම් ආවරණය
පහත දැක්වෙන දෑ රක්ෂණය කිරිම මගින් ඔබට ඔබගේ නිවස ආරක්ෂා කර ගැනීමට හැකිය:
  • ගොඩනැගිලි, ගේට්ටු, පිහිනුම් තටාක, මායිම් තාප්ප ආදිය
  • ගෘහ භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික සහ විද්‍යුත් උපකරණ
  • වටිනා භාණ්ඩ සහ ආභරණ, පුද්ගලික භාවිතය සඳහා පරිශ්‍රයේ ඇති මුදල්, මැණික්, විද්‍යුත්උපකරණ (ලැප්ටොප් පරිගණක, පුද්ගලික කැමරා, ටැබ්ලට් පරිගණක ආදිය), සංගීත භාණ්ඩ ආදී පුද්ගලික පරිහරණය සඳහා ඇති දේ
  • සිතුවම් සහ ‍ඓතිහාසික වටිනාකමක් සහිත භාණ්ඩ
ආවරණය කරනු ලැබූ අවදානම්වලදී පහත දැක්වෙන වියදම් ප්‍රතිපූරණය කරනු ලැබේ:
  • සුන්බුන් ඉවත් කිරීම
  • නැවැත ඉදිකිරීම් කාලසීමාව තුළ විකල්ප වාසස්ථාන සඳහා වියදම්
  • පරිශ්‍රය තුළ පිහිටි සේවා සැපයුම් මාර්ගවලට සිදුවූ හානි (විදුලිය, ජලය, ගෑස් සැපයුම් ආදිය)
  • වෘත්තීමය ගාස්තු (ඉංජිනේරු, මිනින්දෝරු සහ ගෘහ නිර්මාණ ශිල්පී වියදම්)
  • ලේඛන සහ ඔප්පු ආදිය නැවත සකස්කරගැනීමේ පිරිවැය
පහත දැක්වෙන ප්‍රතිලාභ ද ලබා ගැනීමට හැකිය:
  • නම්කරන ලද පවුල් සාමාජිකයන් සඳහා පුද්ගලික හදිසි අනතුරු ආවරණය (වයස් සීමාව අවරුදු 70 දක්වා)
  • ගෘහස්ථ කාර්ය මණ්ඩලයේ හදිසි අනතුරු මරණ හෝ පූර්ණ ස්ථිර ආබාධිතබව - සේවයේ යෙදී සිටියදී සිදුවූ තුවාල හේතුවෙන් රෝහල්ගත කිරීමේ දීමනා (වයස් සීමාව අවරුදු 60 දක්වා)
  • රක්ෂිතයාට පුද්ගලික හදිසි අනතුරු ආවරණය (වයස් සීමාව අවරුදු 70 දක්වා) සහ ස්වභාවික මරණ ආවරණය (වයස් සීමාව අවරුදු 60 දක්වා)
යෝග්‍යතාව
  • රක්ෂණ ඔප්පු හිමියාට රක්ෂණ දේපල සම්බන්ධව රක්ෂණීය අයිතියක් තිබිය යුතු වේ
  • රක්ෂණ ඔප්පු හිමියා ශ්‍රී ලංකා නෛතික රාමුව ප්‍රකාරව රක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීම සදහා සුදුසුකම් ඇති අයෙකු විය යුතුය
  • දේපල / වත්කම් රක්ෂණය කිරීම ශ්‍රී ලං‍කාවේ භූගෝලීය සීමාව තුළ විය යුතුය
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න