Early Cash ප‍්‍රතිලාභ සැලැස්ම

Early Cash ප‍්‍රතිලාභ සැලැස්ම

ඔබගේ ජීවිත රක්ෂණය කල් පිරෙන තෙක් බලා නොසිට ජීවිතයේ සුවිශේෂි කඩඉම් වලදී ඔබට අත්වැලක් සැපයීම සදහාම විශේෂයෙන්ම සකස් කර ඇති ආකර්ෂණීය රක්ෂණ ඔප්පුවක් වන 'Early Cash’, උසස් අධ්‍යාපනය සඳහා අරමුදලක් පිහිටුවීම, ඔබගේම නිවසක්, නව වාහනයක්  මිලට ගැනීම, ඔබේ සිහින විවාහ මංගල්‍යය සිදුකිරීම  වැනි අපේක්ෂා මුදුන්පමුණුවා ගැනීම සඳහා වඩාත්ම සුදුසු රක්ෂණ සැලැස්මයි. ඔබ සහ ඔබගේ ආදරණීයයන් සඳහා පුළුල් ආරක්ෂණ සැලසුමක ප්‍රතිලාභ භුක්ති විඳින අතරම රක්ෂණ ඔප්පුව කල් පිරීමට පෙර මුලික රක්ෂිත මුදලින් 50% දක්වා ලබා ගැනීමට ඔබට හැකිය. රක්ෂිත මුදල වැඩිවන තරමට ඔබට ලැබෙන කොටස් මුදලද වැඩි වනු ඇත. 

 

කාලය

(අවුරුදු)

පළමු අදියර

(පළමු කොටස් මුදල)

දෙවන අදියර

(දෙවන කොටස් මුදල)

තෙවන අදියර

(කල් පිරීමේදී කොටස් මුදල)

10

4වන වසර අවසානයේදී මුලික රක්ෂිත මුදලින් 20%ක්.

7වන වසර අවසානයේදී  මුලික රක්ෂිත මුදලින් 30%ක්.

10වන වසර අවසානයේදී  මුලික රක්ෂිත මුදලින් 50%ක් + ප්‍රසාද දීමනා.

15

5වන වසර අවසානයේදී  මුලික රක්ෂිත මුදලින් 20%ක්

10වන වසර අවසානයේදී  මුලික රක්ෂිතමුදලින් 20%ක්.

15වන වසර අවසානයේදී මුලික රක්ෂිත මුදලින් 60%ක් + ප්‍රසාද දීමනා.

20

10වන වසර අවසානයේදී  මුලික රක්ෂිත මුදලින් 20%ක්

15වන වසර අවසානයේදී  මුලික රක්ෂිත මුදලින් 20%ක්.

20වන වසර අවසානයේදී  මුලික රක්ෂිත මුදලින් 60%ක් + ප්‍රසාද දීමනා.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
කල් පිරීමට පෙර අත්තිකාරම් ගෙවීම්

සහතික කළ මූලික රක්ෂිත මුදලින් 50% ක් දක්වා කල්පිරීමට මත්තෙන් කොටස් ගෙවිම් දෙකකින් ලබා ගත හැකිය. (10 අවුරුදු සැලසුම් සඳහා 50%ක් සහ 15-20 අවුරුදු සැලසුම් සඳහා 40%)

සමුච්චිත ප්‍රසාද ගණනය කරනු ලැබේ

කල්පිරීමේදී, මුලික රක්ෂිත මුදලෙන් ගෙවනු ලබන ඉතිරි මුදල් ප‍්‍රමාණය සමග හිමිවන මුලික රක්ෂිත මුදල මත පදනම්ව ගණනය කරනු ලබන සමුච්චිත ප්‍රසාද දීමනා 

මරණයට වන්දි

ජීවිත රක්ෂිතයාගේ හදිසි අභාවයකදී,  ගෙවනු ලැබූ කිසියම් කොටස් ගෙවීමක් ඇත්නම් ඒ පිළිබද නොසලකා යැපෙන්නන් සඳහා වන්දි වශයෙන් මුලික රක්ෂිත මුදල සමග ප‍්‍රසාද දීමනා ද ගෙවනු ලැබේ.

වාරික ගෙවීම් විකල්ප

ඔබේ අභිමතය පරිදි තෝරා ගැනීමට වාරික ගෙවීම් ක්‍රම රැසක් (මාසික, ත්‍රෛමාසික, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික) 

අමතර ආවරණ

බරපතල රෝග ආවරණය, සෞඛ්‍ය ආවරණ, කලත්‍ර ආවරණය වැනි සුවිශේෂී අතිරේක ප‍්‍රතිලාභ රාශියක් සමග ඔබේ රැකවරණය පුඵල් කර ගැනීමේ හැකියාව.

නම්‍යශීලී බව

සෞඛ්‍ය ආවරණ සදහා ඔබේ කලත්‍රයා සහ ඔබෙන් යැපෙන දරුවන් පස් දෙනෙකු දක්වා ඇතුලත් කර ගැනීමේ හැකියාව.

යෝග්‍යතාව
  • අවු 18 සිට 60 දක්වා පුද්ගලයින් සදහා මෙම සැලසුම යටතේ ඉල්ලුම් කල හැකිය.
  • දිවියේ දිගු කාලීන අරමුණු මුදුන්පමුණුවා ගැනීම අපේක්ෂා කරන තරුණ ඔබ සදහාම විශේෂයෙන් සකසා ඇත.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න