මිණිමුතු දායාද

මිණිමුතු දායාද

මිණිමුතු දායාද රක්ෂණ ඔප්පුවත් සමග ඔබේ දරුවාගේ අනාගතය සදහා ශක්තිමත් අඩිතාලමක් සැපයීම අදම සැලසුම් කරන්න. දැරිය හැකි මිලකට ඔබේ දරුවාට වඩාත් යෝග්‍යම ප‍්‍රතිලාභ හිමිවන බවට සහතික කිරීම පිණිස විශේෂයෙන් නිර්මාණය කර ඇති මිණිමුතු දායාද රක්ෂණය කල්පිරීමේ දින සිට වසර 5 ක්  පුරා විහිදෙන ගෙවුම් කාලසීමාවක් පුරා කල්පිරීම මත ආකර්ෂණීය 125% මුදලක් සහතික කරනු ඇත. 

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
කල් පිරීමේදී ලැබෙන ප්‍රතිලාභ 125%

ඔප්පුව කල්පිරීමේ දී රක්ෂිත මුදල මෙන් 125% ක ප්‍රමාණයක් ලැබෙන අතර රක්ෂිත මුදල කල්පිරීමේදී මුළු ප්‍රතිලාභය කොටස් 5කින් ගෙවනු ලැබේ.

ඔබේ දරුවා සඳහා ආයෝජනය කරන්න

ඔබගේ දරුවාගේ වයස අවුරුදු 18 සම්පුර්ණ විමේදී අදාල ආයෝජන ප්‍රතිලාභ ලැබීම ආරම්භ වේ.

වාරික ගෙවිය හැකි කාල සීමාව

රක්ෂිත කාලය අවුරුදු 5 සිට 18 දක්වා දරුවාගේ වයස මත පදනම්ව ලබාගැනීමේ හැකියාව පවතී.

වාරික ගෙවීමේ විකල්ප

ඔබේ අභිමතය පරිදි තෝරා ගැනීමට වාරික ගෙවීම් ක්‍රම රැසක් (මාසික, ත්‍රෛමාසික, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික)

රෝහල් ගත කිරීම සඳහා දිනකට රු.1,000

දෛනික රෝහල්ගතවීමේ ප‍්‍රතිලාභය (ආවරණය ලබාගෙන ඇති දරුවා සදහා පමණක් අදාල වේ.) අමතර වාරික අය කිරීමකින් තොරව දරුවා සදහා පමණක් රු. 1000/- දෛනික රෝහල්ගතවීම් සදහා ආවරනයක් සපයනු ලැබේ.

අභාවයකදී ලැබෙන වන්දි මුදල
    • අහඔු මරණ ප‍්‍රතිලාභය,(හදිසි අනතුරක් හෝ රෝගාබාධයක් හේතුවෙන් සිදුවන) දීර්ඝ කල සදාකාලික අබලතා ප‍්‍රතිලාභය යන ආවරණයන් ප‍්‍රධාන රක්ෂිතයා සදහා අමතර වාරික අයකිරීමකින් තොරව මෙම රක්ෂණාවරණය යටතේ සපයනු ලැබේ.
    • වාරික ගෙවන කාලසීමාවේදි ප‍්‍රධාන ජීවිත රක්ෂිතයාගේ (මව /පියා/භාරකරු) අභාවයකදී-

    1. ස්වභාවික මරණයක් සිදුවු අවස්ථාවකදී
  • මුලික රක්ෂිත මුදල මෙන් තුන් ගුණයක් සමග ඒ දක්වා උපයා ඇති ප‍්‍රසාද දීමනා සදහා හිමිකම් කියනු ලැබේ
  • ඉදිරි වාරික ගෙවීමෙන් නිදහස් කරනු ලැබේ.
  • ඉතිරි අනාගත වාර්ෂික ගෙවීම් තෙගුණ කරනු ලැබේ.
  • 2. හදිසි අනතුරක් හේතුවෙන් සිදුවන අභාවයකදී
  • මුලික රක්ෂිත මුදල මෙන් පස් ගුණයක් සමග ඒ දක්වා උපයා ඇති ප‍්‍රසාද දීමනා සදහා හිමිකම් කියනු ලැබේ.
  • ඉදිරි වාරික ගෙවීමෙන් නිදහස් කරනු ලැබේ.
  • ඉතිරි අනාගත වාර්ෂික ගෙවීම් තෙගුණ කරනු ලැබේ.
දෙමව්පියන්ගේ ආබාධිතභාවය

වාරික ගෙවන කාලසීමාව තුළ ජීවිත රක්ෂිතයාගේ (මව /පියා/භාරකරු) පූර්ණ සහ සදාකාලික අබලතාවයකට පත්වුවහොත් අනාගත සියලු වාරික ගෙවීම්වලින් දරුවා වහාම නිදහස් කරනු ලැබේ. අවසාන වාරික ගෙවීම සමග ප්‍රසාද දීමනා ගෙවනු ලැබේ.

අමතර ආවරණ

බරපතල රෝග ආවරණය සෞඛ්‍ය ආවරණ අවමංගල්‍ය වියදම් ආවරණය වැනි සුවිශේෂී අතිරේක ප‍්‍රතිලාභ රාශියක් සමග ඔබේ රැකවරණය පුඵල් කර ගැනීමේ හැකියාව.

යෝග්‍යතාව
  • වයස මාස 6 සිට අවුරුදු 13 දක්වා වන තම දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ට මෙම රක්ෂණ ඔප්පුව ලබාගත හැකිය.
  • ඔප්පුව කල් පිරෙන විට දරුවාගේ වයස අවුරුදු 18 නොඉක්මවිය යුතුය.
  • සහතික කරන අවම මුදල රු. 100,000 විය යුතුය.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න