මෝටර් ප්ලස්

මෝටර් ප්ලස්

ඉහළම ප්‍රතිලාභ සහිතව ඔබ සහ ඔබගේ වාහනයට වඩාත්ම පුළුල් ආරක්ෂාව සදහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් රක්ෂණය හැර අන් කිසිවක් ඔබ සැලකිල්ලට ලක් නොකළ යුතුය. වත්මන් අභියෝගාත්මක ජීවන රටාව සමග කරට කර සිටීමට ඔබට සහායවීම පිණිස, සතියේ දින හතේම පැය විසි හතර පුරා අසමසම සේවාවක් සහ ආවරණයක් සහතික කරමින් දිවයින පුුරා වාහන නියෝජිතයන් සහ අළුත්වැඩියා මධ්‍යස්ථාන සමග මැනවින් ස්ථාපිත හවුල්කාරිත්ව හරහා ඔබ සහ ඔබගේ වාහනය සුරක්ෂිතව තබන රථවාහන රක්ෂණයක් අප සැලසුම් කර ඇත්තෙමු. එම රක්ෂණාවරණය කරදරයකින් තොරව වාහන අළුත්වැඩියා සහ නඩත්තුව සඳහා පහසුකම් සපයන අතර එහිම කොටසක් වන මෝටර් ප්ලස් ලෝයල්ටි වැඩසටහන මගින් ත්‍යාග සහ ප්‍රතිලාභ රැසක් හිමිකර දෙයි.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
දැරිය හැකි රක්ෂණ වාරික
නම්‍යශීලී ගෙවීමේ සැලසුම්

ඔබ HSBC, AMEXසහ කොමර්ෂල් බැංකුවේ ණයවර කාඩ්පත් මගින් ගෙවීම් සිදුකරනනේ නම් 0% පොළී අනුපාතයක් සහිතව වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමයක් ද ඇතුව නම්‍යශීලී ගෙවීමේ සැලසුම්

අන්තර්ජාලය ඔස්සේ අළුත්කර ගැනීම

ශ්‍රී ලංකා රක්ෂණ පාරිභෝගික පිවිසුම හරහා අන්තර්ජාලය ඔස්සේ ඔබගේ රථවාහන රක්ෂණය අළුත්කර ගැනීමේ අවස්ථාව

නිවැරදි පියවීම

මුළු රක්ෂණ ඉල්ලුම නිවැරදිව පියවීම

මෝටර් ප්ලස් රිවෝඩ්ස් වැඩසටහනට ඇතුළුවිමට හැකිවීම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම සමාගම් වෙතින් සුවිශේෂී ත්‍යාග ලබා ගැනීමේ අවස්ථාව හිමිවන මෝටර් ප්ලස් රිවෝඩ්ස් වැඩසටහනට ඇතුළුවිමට හැකිවීම

ස්ථානීය පරීක්ෂණය

වෘත්තීය සුදුසුකම් සහිත 175 කට වැඩි පිරිසකගෙන් සමන්විත අපගේ තාක්ෂණික නිලධාරී කණ්ඩායම අනතුර සිදුවූ ස්ථානයට කඩිනමින් ගොස් අළුත්වැඩියා කටයුතු සඳහා අනුමැතිය ලබාදීම පිණිස ඕනෑම තැනක ඕනෑම වෙලාවක අනතුරු හානිය තක්සේරු කරන ස්ථානීය පරීක්ෂණය

නොමිලයේ පුද්ගල අනතුරු ආවරණය

අනතුරක් නිසා සිදුවන මරණයකදී, රක්ෂිතයා සඳහා නොමිලයේ රු. 1,000,000 පුද්ගල අනතුරු ආවරණයක් සහ මගීන් තිදෙනා වෙනුවෙන් එක් අයෙකුට රු. 50,000 ක් සපයනු ලැබේ. (පුද්ගලික මෝටර් රථ සහ පුද්ගලික ද්විකාර්ය වාහන කාණ්ඩ සදහා පමණක් අදාළ වේ)

වා මළු සඳහා ආවරණය

මෝටර් රථ සහ පුද්ගලික ඩබල් කැබ් සහ පුද්ගලික ද්විකාර්ය වාහන වල වා මළු සඳහා 100% ක ආවරණයක් සපයනු ලැබේ. (නිෂ්පාදිත වසරේ සිට නවතම වාහනවලට වසර 3 ක් සඳහා ද පිළිසැකසු වාහන සඳහා වසර 2ක් සඳහා ද ආවරණය වලංගු වේ)

වැඩකරන පැය 3ක් ඇතුලත ප්‍රතිපූරණය

රු. 75,000ට අඩු හිමිකම් වැඩකරන පැය 3ක් ඇතුලත ප්‍රතිපූරණය කරනු ලබන අතර අළුත්වැඩියා ඇස්තමේන්තු, අළුත්වැඩියා බිල්පත්,‍ සුන් බුන් සහ වැඩ කුලී, අළුත්වැඩියාවෙන් පසු පරීක්ෂාකිරීම් අවශ්‍ය නොවේ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හවුල්කාර ගරාජයකින් වාහනය අළුත්වැඩියා කරගැනීම

රු. 75,000 - රු. 500,000 අතර හිමිකම් සඳහා අළුත්වැඩියා බිල්පත් සහ සුන් බුන් ඉදිරිපත් කිරිමකින් තොරව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හවුල්කාර ගරාජයකින් ඔබේ වාහනය අළුත්වැඩියා කරගැනීම

මුදල් ගෙවීමකින් තොරව අළුත්වැඩියා පහසුකම

වාහනය නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 5 ක් දක්වා, හිමිකරුගේ ගිණුමක් නොමැතිව අනුමත නියෝජිතයකුගෙන් මුදල් ගෙවීමකින් තොරව අළුත්වැඩියා පහසුකම

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හවුල්කාර ගරාජයකින් ප්‍රතිලාභ අත්විඳින්න

ඔබේ වාහනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හවුල්කාර ගරාජයකින් අළුත්වැඩියා කොට පහත දැක්වෙන ප්‍රතිලාභ අත්විඳින්න.

o මුදල් ගෙවීමකින් තොර පියවීමේ පහසුකම
o ඔ‍බේ රක්ෂණ හිමිකමෙන් හිමිකාර ගිණුම් දායකමුදල් අඩුකිරීමක් නොකෙරේ
o උපරිම දින 10ක් දක්වා වාහන කුලී දීමනා

මෝටර් ප්ලස් හවුල්කාර ගරාජ
ගරාජයේ නම ලිපිනය ඇමතුම් අංකය
ක්‍රියේටිව් ඔටෝ ෂයින් කළගෙඩිහේන 332 289873 / 779 406799
ආර්.එම්. මෝටර් වර්ක්ස් මුදුන්ගොඩ 332 222867
සිලෝන් මෝටර් වර්ක්ස් (පුද්) සමාගම කැළණිය 112 917207 / 777 387300
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස් (පුද්) සමාගම කොහුවල 112 852327 / 114 899860
අජිත් මෝටර්ස් හෝකන්දර දකුණ 112 760446 / 112 185446 / 777 890844
කළිඳු ඔටෝ රිපෙයාර් සෙන්ටර් (පුද්) සමාගම යක්කල 332 230885 / 777 578708
කෙන්ටාරෝ ඔටෝ ඉංජිනියරින් පැපිලියාන 112 890676 / 112 890677
ක්වික් ෆික්ස් ඔටෝමොබයිල්ස් (පුද්) සමාගම අඹතලේ 112 549606

 

යෝග්‍යතාව
  • රක්ෂණ ඔප්පුහිමියාට වාහනයට රක්ෂණීය බැඳියාවක් තිබිය යුතුය
  • අවුුරුදු 18ට ඉහළ වැඩිහිටියන්ට රක්ෂණ ඔප්පුව ලබාගත හැක
  • රක්ෂණ ඔප්පු හිමියා ශ්‍රී ලංකා නෛතික රාමුව ප්‍රකාරව රක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීම සදහා සුදුසුකම් ඇති අයෙකු විය යුතුය
  • වාහනය/වාහන රක්ෂණය කිරීම ශ්‍රී ලං‍කාවේ භූගෝලීය සීමාව තුළ විය යුතුය

*නියම සහ කොන්දේසි අදාළ වේ

මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න