ස්වර්ණ ධජ

හැඳින්වීම

ශ්‍රී ලංකාවේ ජාතික රක්ෂකයා ලෙස ස්වර්ණමය 50 වසරක මෙහෙයුම් කටයුතු සමරමින්, ඔබේ ජීවිතය සහ ඔබේ ආදරණීයයන්ගේ ජීවිත රක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව සියලු ශ්‍රී ලාංකිකයන් අතර වැඩි දැනුවත් බවක් ඇති කිරීම පිණිස ස්වර්ණ ධජ ජීවිත රක්ෂණය අපි දියත් කළෙමු. ඔබගේ පාලනයෙන් තොර අනපේක්ෂිත ජීවිත සිදුවීම්වලින් ඔබ සහ ඔබේ ආදරණීයයන් ආරක්ෂා කිරීම පිණිස සහ දීප්තිමත් සහ ස්වර්ණමය අනාගතයක් සඳහා ශක්තිමත් පදනමක් සහිතව ඔබ ජීවිතවලට වටිනාකමක් එකතු කිරීම පිණිස ජීවිත රක්ෂණයක් ලබා ගැනීමට අප සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් දිරිමත් කරන්නෙමු.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
තෝරා ගැනීමේ විකල්පය

සහතික කළ මුල් මුදල ලෙස රු. 100,000 ක්, රු. 200,000 ක් හෝ රු. 300,000 ක් තෝරා ගැනීමේ විකල්පය

වේගවත් ලෙස රක්ෂණ ඔප්පුව ඔප්පු සම්පූර්ණ කිරීම

වෛද්‍ය ප්‍රකාශන පෝරමයක් සහ තනි වාරික ගෙවීමක් සම්පූර්ණ කිරීමෙන් පසු රක්ෂණ ඔප්පුව ලබා ගත හැකිය

ඔප්පු හිමියාගේ මරණය වෙනුවෙන් වන්දිය

ඔප්පු හිමියාගේ මරණය වෙනුවෙන් වන්දිය වනුයේ සහතික කළ මුල් මුදල වන අතර අනතුරක් නිසා සිදුවන මරණයකදී සහතික කළ මුදල දෙගුණයක් වනු ඇත

කල්පිරීමේ ප්‍රතිලාභයක්

කල්පිරීමේ ප්‍රතිලාභයක් ලෙස රක්ෂණ ඔප්පු හිමියා විසින් ගෙවනු ලැබූ මුළු වාරිකය පොළී රහිතව ආපසු ගෙවනු ඇත

යෝග්‍යතාව
  • ස්වර්ණ ධජ අත්තිකාරම් ප්‍රතිලාභ සැලැස්ම සඳහා අවුරුදු 18 සිට 60 දක්වා වැඩිහිටියන් හිමිකම් ලබයි. (ඔප්පුව කල් ඉකුත්වීමේදී උපරිම වයස 70 ක් වේ)
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න