මිණිමුතු ළමා රක්ෂණ ඔප්පුව

මිණිමුතු ළමා රක්ෂණ ඔප්පුව

ප‍්‍රධාන රක්ෂිතයාගේ (මව/පියා/භාරකරු) හදිසි අභාවයකදී  මූල්‍ය ස්වාධිනත්වය සහ අතිරේක ප්‍රතිලාභ ඔබේ දරුවාට පූර්ණව සහතික කරමින් ඔබ සහ ඔබේ දරුවා  ආවරණය කරන පුළුල් රක්ෂණාවරණයකි මිණිමුතු ළමා රක්ෂණ ඔප්පුව මගින් මව පියා සහ දරුවා යන සියඵ පාර්ශවයන් රක්ෂණය කරමින් අපි ඔබට සිතේ සැනසිල්ල පිරිනමන අතර බාහිර අවස්ථානුගත තත්ත්වයන් ඔවුන්ගේ පාලනයෙන් ‌තොරවුවද  වැඩිහිටි තරුණයකු/ තරුණියකු ලෙස ඔවුන්ගේ අභිලාෂයන් සපුරා ගැනීම කෙරෙහි එකලෙසම/පෙරලෙසම කටයුතු කිරීමට ඔවුනට හැකියාව පවතිනු ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
වාරික ගෙවිය හැකි කාල සීමාව

වයස අවුරුදු 5-20 දක්වා

දෙමව්පියන් දෙදෙනාම ආවරණය කළ

මව පියා සහ දරුවා යන තුන් පාර්ෂවයම එකම රක්ෂන ඔප්පුවක් යටතේ ආවරණය කල හැකි වීම. සහ දෙවන ජීවිත රක්ෂිතයා සදහා ජිවතාවරණය අමතර වාරික ගෙවීමකින් තොරව ලබා ගත හැකි වීම. 

ආයෝජන වාසි

ඔප්පුව කල්පිරීමේ දී රක්ෂිත මුදල මෙන් 140% දක්වා වර්ධිත ආකරීෂණිය පූර්ණත්ව අගයක් සහතික කරන අතරම ඒ දක්වා උපයා ඇති ප‍්‍රසාද දීමනා සදහාද හිමිකම් ලැබෙනු ඇත.

වාරික ගෙවීමේ විකල්ප

ඔබේ අභිමතය පරිදි තෝරා ගැනීමට වාරික ගෙවීම් ක්‍රම රැසක් (මාසික, ත්‍රෛමාසික, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික)

අභාවයකදී ලැබෙන වන්දි මුදල

වාරික ගෙවන කාලසීමාවේදි ප‍්‍රධාන ජීවිත රක්ෂිතයාගේ (මව /පියා/භාරකරු) අභාවයකදී-

  • මුලික රක්ෂිත මුදල දෙගුණයක් වන අතර සියලු අනාගත වාරික ගෙවීම්වලින් නිදහස් වනු ඇත. කල්පිරීම මත සහතික කළ 140% මුදල ද අදාළ ප්‍රසාද දීමනා සමග  දරුවාට කොටස් ලෙස හිමිවේ. 
  • ප්‍රතිලාභ ගෙවන කාල සීමාව තුළ ප‍්‍රධාන ජීවිත රක්ෂිතයාගේ (මව /පියා/භාරකරු) අභාවයකදී-ඉතිරි ප්‍රතිලාභයෙන් දෙගුණයක් සදහා දරුවා  හිමිකම් ලබයි. 
  • වාරික ගෙවීම් කාලසීමාව තුළ රක්ෂිත දරුවා මියගියහොත් එම ඔප්පුව වහාම නිමාවට පත් වන අතර එම අවස්ථාවේ ඔප්පුවේ පවාරණ අගය හෝ ගෙවා තිබෙන මුලික වාරික මුදල මෙන් 125% ක් යන මෙයින් වඩා වැඩි අගය ගෙවනු ලැබේ. 
අභාවයකදී ලැබෙන වන්දි මුදල

මුලික රක්ෂිත මුදල දෙගුණයක් වන අතර සියලු අනාගත වාරික ගෙවීම්වලින් නිදහස් වනු ඇත. කල්පිරීම මත සහතික කළ 140% මුදල ද අදාළ ප්‍රසාද දීමනා සමග  දරුවාට කොටස් ලෙස හිමිවේ. 

අභාවයකදී ලැබෙන වන්දි මුදල

ප්‍රතිලාභ ගෙවන කාල සීමාව තුළ ප‍්‍රධාන ජීවිත රක්ෂිතයාගේ (මව /පියා/භාරකරු) අභාවයකදී-ඉතිරි ප්‍රතිලාභයෙන් දෙගුණයක් සදහා දරුවා  හිමිකම් ලබයි. 

අමතර ආවරණ

අසාධ්‍ය රෝග ආවරණය, ආරෝග්‍යශාලා ගත විම් ආවරණය, අතිරේක ජීවිත ආවරණය, සදාකාලික අකර්මන්‍යතා ප්‍රතිලාභ, අහඹු මරණ ආවරණය ඇතුළු තවත් සුවිශේෂී ආවරණ සහිතව පුළුල් කළ හැකිය

යෝග්‍යතාව
  • වයස මාස 1 සිට අවුරුදු 15 දක්වා වන තම දරුවන් වෙනුවෙන් සහ අවුරුදු 18 සිට 60 දක්වා වයසේ දෙමව්පියන්ට මෙම රක්ෂණ ඔප්පුව ලබාගත හැකිය.
  • ඔප්පුව කල් පිරෙන විට දරුවාගේ වයස අවුරුදු 21 නොඉක්මවිය යුතුය.
  • අපේක්ෂිත අවම රක්ෂිත මුදල රු. 100,000  ට නොඅඩු විය යුතුය. 
  • ආරෝග්‍ය ශාලා ගතවීම් ආවරණය සදහා වයස මාස 1 සිට සහ අසාධ්‍ය රෝග ආවරණය සදහා වයස අවුරුද්ද සම්පුර්ණ වීමෙන් පසුව සාමාන්‍ය පිරිවැයට ලබාගැනීමට ඔබේ දරුවා හිමිකම් ලබනු ඇත.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න