කොම්ප‍්‍රිහෙන්සිව් D+ ප්ලෑන්

කොම්ප‍්‍රිහෙන්සිව් D+ ප්ලෑන්

දියවැඩියා රෝගය, සෞඛ්‍ය ආවරණ ලබාගැනීමට තව දුරටත් බාධාවක් කර නොගන්න. දියවැඩියාව සහිත පුද්ගලයින් සඳහාම විශේෂයෙන් සකස් කර ඇති මෙම අතිරේක ආවරණය මඟින් රෝහල්ගත වීමක් හේතුවෙන් දැරීමට සිදුවන වියදම් ප‍්‍රතිපුර්ණය කිරීම පිණිස සකස් කර ඇත.  

රජයේ රෝහලක රෝහල්ගත වී සිටියදී සිදුවන දුෂ්කරතා මගහරවා ගන්න ඒ වගේම පෞද්ගලික රෝහල් බිල්පත් පිළිබඳ තවදුරටත් සිත් තැවුලට පත්වීමට උවමනා නැත. කොම්ප‍්‍රිහෙන්සිව් D+ සැලැස්ම මඟින් ඔබට ශ්‍රී ලංකාවේ ඇති හොඳම රෝහල් ගණනාවක් මඟින් කඩිනමින් ප්‍රතිකාර ලබා ගැනීමට හැකිය. 

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දියවැඩියා රෝගීන් සඳහා මෙම විශේෂ සෞඛ්‍ය රක්ෂණය මඟින් අද්විතීය විසඳුම් පිරිනමන අතර එහිදී ඔබට දියවැඩියාව හේතුවෙන් පැන නැගිය හැකි හෘද රෝග ආඝාතය හෝ අක්ෂි ගැටලු ආශ්‍රිතව ඇතිවිය හැකි රෝගී තත්ත්වයන්ගෙන් ඔබට රැකවරණය සලසනු ඇත. 

කාණ්ඩය A:

රු. 200,000 ආවරණය

කාණ්ඩය B:

රු. 400,000 ආවරණය

කාණ්ඩය C:

රු. 600,000 ආවරණය

 

*රක්ෂණ ඔප්පුව ආරම්භයේදී රක්ෂණ කාලය අවුරුදු 5 ක උපරිම කාලසීමාවකට යටත්ව නිකුත් කරනු ලබන අතර රක්ෂණ ආවරණ දීර්ඝ කිරිම සළකා බලනු ලබන්නේ එදිනට රක්ෂිතයාගේ සෞඛ්‍ය තත්වය මත පදනම්වය.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
ප්‍රතිපත්ති කාලය

ඔප්පු කාලසීමාව අවුරුදු 5 ක් දක්වා පමණි 

ජීවිත රක්ෂණ ඔප්පු සමඟ සෞඛ්‍ය ආවරණය

මෙම සෞඛ්‍ය ආවරණය අප ආයතනය මගින් නිකුත් කරනු ලබන විශ්‍රාම සැලසුම්,ළමා රක්ෂණ සැළසුම් වැනි විවිධ රක්ෂණ සැලසුම් යටතේ ඇතුලත් කර ගැනීමේ හැකියාව

ඔබේ සහකරු හෝ සහකාරිය ඇතුළත් කරන්න

ඔබ සහ ඔබගේ සහකරු / සහකාරියගේ සෞඛ්‍ය තත්වය මත ආවරණය වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර ගැනීමේ හැකියාව ඇත.

වියදම් පුළුල් ලෙස ආවරණය කිරීම

රෝහල්ගතවීම් ප‍්‍රතිලාභය,වෛද්‍ය වියදම්,විවිධ රෝහල් සේවා සහ විවිධ සේවා සැපයීම් ගාස්තු,ගිලන්රථ ගාස්තු, රෝහල් ගතවීමට පෙර සහ පසු උද්ගත වන වියදම් සදහා වන පිරිවැය ආදි සුවිශේෂි ප‍්‍රතිලාභ රාශියක් සදහා මේ යටතේ ආවරණය සපයනු ලැබේ.  

වාරික ගෙවීමේ විකල්ප

ඔබේ අභිමතය පරිදි තෝරා ගැනීමට වාරික ගෙවීම් ක්‍රම රැසක් (මාසික, ත්‍රෛමාසික, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික)

රක්ෂණ ඔප්පුහිමියාට ප්‍රතිලාභ ගෙවිමේ පටිපාටිය:
  • පළමු වසර - මෙම රක්ෂණාවරණය මගින් උපරිමය රක්ෂිත මුදලින් 50% දක්වා ලබාගත හැක
  • දෙවන වසර - මෙම රක්ෂණාවරණය මගින් උපරිමය රක්ෂිත මුදලින් 75% දක්වා ලබාගත හැක
  • තෙවන වසර සිට - මෙම රක්ෂණාවරණය මගින් උපරිමය රක්ෂිත මුදලින් 100% දක්වා ලබාගත හැක
මුදල් රහිත කාඩ් ක්‍රමය

මෙම ආවරණය සඳහා මුදල් රහිත කාඩ්පත් ක්‍රමය අදාළ වේ.

යෝග්‍යතාව
  • අවුරුදු 30 සිට 60 දක්වා වයසේ දියවැඩියාවෙන් පෙලෙන පුද්ගලයින්ට මෙම රක්ෂණ ඔප්පුව ලබාගත හැකි අතර වයස 65 දක්වා ආවරණය සපයනු ලැබේ.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න