සර්ජිකල් ප්ලෑන්

සර්ජිකල් ප්ලෑන්

අනපේක්ෂිත ශල්‍යකර්මයකදී මූල්‍ය ආවරණය සපයන මෙම සැලැස්ම පුර්ව නිශ්චිත සීමාවක් දක්වා ශල්‍යකර්ම පිරිවැය ආවරණය කරන්නා වු විස්තීරණ රක්ෂණ ඔප්පුවකි. මෙම ආවරණය ඔබ ඔබේ කලත්‍රයා සහ ඔබෙන් යැපෙන දරුවන් 5 දෙනෙකු දක්වා ආවරණය කරන අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ ඔප්පුවක් සමගින් ආවරණය ලබා ගැනීමට හැකියාව පවතී. 

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
උපරිම රු. 1,000,000

වෛද්‍ය උපදෙස් අනුව සිදුකරනු ලබන ශල්‍යකර්මයකදී උපරිම රු. 1,000,000 ක් හෝ ශල්‍යකර්මයේ ස්වභාවය සහ රක්ෂණ ඔප්පුව ආරම්භයේදි තෝරාගෙන ඇති ප‍්‍රතිලාභ ප‍්‍රමාණය අනුව හිමිකම් මුදල තීරණය කරනු ලැබේ.

360+ ලැයිස්තුගත සැත්කම්

ලැයිස්තුගත ශල්‍යකර්ම 360 කට වැඩි ප්‍රමාණයක් සහ ලැයිස්තුගත නොකළ ශල්‍යකර්ම ගණනාවක් මේ යටතේ ආවරණය කෙරේ.

SLIC ශල්‍ය සැලැස්ම

SLIC සර්ජිකල් ප්ලෑන් යටතේ රක්ෂණාවරණය ලබාගෙන ඇති ප‍්‍රතිලාභ ප‍්‍රමාණයට සමානුපාතිකව ශල්‍යකර්ම වර්ගයට අනුකූලව 10% සිට 100% දක්වා ආවරණය ලබා ගැනීමේ හැකියාව පවතී.

රක්ෂිත වටිනාකමෙන් පස් ගුණයක් දක්වා

තෝරාගෙන ඇති රක්ෂණ ඔප්පු කාලසීමාව අනුව වසර 10 හෝ ඊට අඩු කාලසීමාවක් සදහා නම් අතිරේක ආවරණ රක්ෂිත මුදලින් 300% ක උපරිමයක් දක්වා සහ වසර 10 ට වැඩි කාලසීමාවක් සදහා නම් අතිරේක ආවරණ රක්ෂිත මුදලින් 500% ක උපරිමයක් දක්වා ප‍්‍රතිලාභ භුක්ති විදීමේ හැකියාව පවතී.

ශල්‍යකර්ම විදේශයන්හි සිදු කරනු ලැබේ

මෙම රක්ෂණාවරණය යටතේ  සිංගප්පුරුව  ඉන්දියාව මැලේසියාව සහ ශ්‍රී ලංකාව තුළ සිදුකරන ශල්‍යකර්ම සදහා හිමිකම් ඉදිරිපත් කරනු ලැබිය හැකිය.

ආවරණ කාලය

අවුරුදු 5 – 30 දක්වා ඔබේ අභිමතය පරිදි රක්ෂණ කාලය තෝරා ගැනීමේ හැකියාව.

යෝග්‍යතාව
  • අවුරුදු 18 සිට 60 දක්වා වයසේ පුද්ගලයින්ට මෙම රක්ෂණ ඔප්පුව ලබාගත හැකි අතර වයස 70 දක්වා ආවරණය සපයනු ලැබේ.
  • වයස මාස 3 සිට අවුරුදු 20 දක්වා වන යැපෙන අවිවාහක දරුවන් මේ යටතේ ආවරණය කරනු ලබන අතර වයස 25 දක්වා දරුවන් සදහා මේ යටතේ ආවරණ සපයනු ලැබේ.
  • ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ ඔප්පුවක් සමඟින් ලබා ගත හැකි අතිරේක ආවරණයකි.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න