ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් සැලැස්ම

ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් සැලැස්ම

ඔබ සිතන්නේ දිගුකාලීන ආයෝජනයක් පිළිබඳව නම් ඔබේ පළමු තේරීම විය යුත්තේ ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් රක්ෂණාවරණයයි. ඔබට කල්පිරීමේ දී හිමිවන සහතික කළ මුදල වාර්ෂිකව 5‍%  බැගින් ආවරණ කාලසීමාව පුරා වර්ධනය වන අතර ඔබේ වාරිකය නොවෙනස්ව පවතිනු ඇත. ඒ අනුව වසර 20ක්  සඳහා ආවරණය ලබා ගෙන ඇති රක්ෂණ ඔප්පුවක් සඳහා නම් කල්පිරීමේ දී මූලික රක්ෂිත මුදල මෙන් දෙගුණයක් ඔබට හිමිවනු ඇත. 

 

උදා: රු. 500,000 ක මුලික රක්ෂිත මුදලක් සහිත සැලැස්මක් සඳහා: 

අවුරුදු 10ක දී
ආපසු
රු. 750,000 + ප්‍රතිලාභය
අවුරුදු 20ක දී
ආපසු
රු. 1,000,000 + ප්‍රතිලාභය (මූලික මුදලින් දෙගුණයක් සහතික කෙරේ)
අවුරුදු 30ක දී
ආපසු
රු. 1,250,000 + ප්‍රතිලාභය

 

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
වාර්ෂික වැඩිවීම සහතික කෙරේ

අමතර වාරික අයකිරීමකින් තොරව රක්ෂිත මුදල 5% බැගින් වාර්ෂිකව වර්ධනය වේ.

ප්‍රසාද දීමනාව වැඩි කිරීම

කල්පිරීමේදී නිසැකවම ලැබෙන වර්ධිත රක්ෂිත මුදලට අමතරව ප‍්‍රසාද දීමනා.

ප්‍රතිපත්ති කාලය

රක්ෂණ ඔප්පු කාලසීමාව වසර 10, 15, 20, 25, 30, 35 සහ 40 දක්වා ඔබේ අභිමතය පරිදි තෝරා ගැනීමේ හැකියාව.

වාරික ගෙවීම් විකල්ප

ඔබේ අභිමතය පරිදි තෝරා ගැනීමට වාරික ගෙවීම් ක්‍රම රැසක් (මාසික, ත්‍රෛමාසික, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික)

අමතර ආවරණ

බරපතල රෝග ආවරණය සෞඛ්‍ය ආවරණ කලත්‍ර ආවරණය වැනි සුවිශේෂී අතිරේක ප‍්‍රතිලාභ රාශියක් සමග ඔබේ රැකවරණය පුඵල් කර ගැනීමේ හැකියාව.

මරණයට වන්දි

රක්ෂිතයාගේ අභාවයකදී යැපෙන්නන් හට වර්ධිත රක්ෂිත මුදල මෙන් දෙගුණයක් සමගම ඒ දක්වා උපයා ඇති ප‍්‍රසාද දීමනා හිමිවේ.

නම්‍යශීලී බව

සෞඛ්‍ය ආවරණ සදහා ඔබේ කලත්‍රයා සහ ඔබෙන් යැපෙන දරුවන් පස් දෙනෙකු දක්වා ඇතුලත් කර ගැනීමේ හැකියාව.

යෝග්‍යතාව
  • අවු 18 සිට 60 දක්වා පුද්ගලයින් සදහා මෙම සැලසුම යටතේ ඉල්ලුම් කල හැකිය.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න