දිවි තිළිණ

දිවි තිළිණ ආරක්ෂණ සැලැස්ම

ඔබේ ජීවිතය සම්බන්ධයෙන් සිදුකරන ආයොජනයන්ට ස්ථාවර වාරික බාධාවක් වීමට ඉඩ නොදෙන්න. පූර්ණ ආරක්ෂාව සහ කල් පිරීමේ දී ඉහල ප්‍රසාද දීමනා පිරිනමන නම්‍යශීළී ගෙවීම් යෝජනා ක්‍රමයක් සහිත අද්විතිය ජීවිත රක්ෂණ විසඳුමක් වන දිවි තිළිණ ආරක්ෂණ සැලැස්ම හඳුන්වා දී  ඇත්තේ ඒ වෙනුවෙනි. සීඝ්‍රයෙන් වෙනස්වන ඔබේ ජීවන රටාවට ගැලපෙන අන්දමින්, දිවි තිළිණ රක්ෂණය සැලසුම් කර ඇත්තේ ඕනෑම ආදායම් මට්ටමකට සරිලන ආකාරයේ ඉතා නම්‍යශිලී සහ දැරිය හැකි වාරික ව්‍යුහයකට අනුකූලව වන අතර ඔබ සහ ඔබේ ආදරණීයයන්ට පරිපූර්ණ ආරක්ෂක සැලැස්මක් තහවුරු කිරීම පිණිස තවත් අමතර  ප්‍රතිලාභ රාශියක් සහ ආවරණ ඔබට ගැලපෙන සේ යොදාගෙන තව දුරටත් රැකවරණය පුළුල් කළ හැකිය.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
වාරික ගෙවිය හැකි කාල සීමාව

රක්ෂණ ඔප්පු කාල සීමාව අවුරදු 5 - 40 දක්වා වේ.

වාරික ගෙවීම් විකල්ප

ඔබේ අභිමතය පරිදි තෝරා ගැනීමට වාරික ගෙවීම් ක්‍රම රැසක් (මාසික, ත්‍රෛමාසික, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික )

ඉහළ බෝනස්

වාර්ෂික ප්‍රකාශිත ප්‍රසාද දීමනා වල එකතුවක් ලෙස ඔප්පුව කල්පිරීමේදී ආකර්ශනීය ප‍්‍රසාද දීමනාවකට හිමිකම් කීමේ හැකියාව.

අතිරේක ආවරණ සමඟ පුළුල් කළ හැකිය

බරපතල රෝග ආවරණය සෞඛ්‍ය ආවරණය කලත්‍ර ආවරණය වැනි සුවිශේෂී අතිරේක ප‍්‍රතිලාභ රාශියක් සමග ඔබේ රැකවරණය පුඵල් කර ගැනීමේ හැකියාව.

අභාවයකදී ලැබෙන වන්දි මුදල

රක්ෂිතයාගේ අභාවයකදී යැපෙන්නන් හට හිමිවන ප‍්‍රතිලාභ ලෙස යැපෙන්නන් සදහා ජිවිතාවරණයක් සමගම ඒ දක්වා උපයා ඇති ප‍්‍රසාද දීමනා

නම්‍යශීලී බව

සෞඛ්‍ය ආවරණ සදහා ඔබේ කලත්‍රයා සහ ඔබෙන් යැපෙන දරුවන් පස් දෙනෙකු දක්වා එක් කළ හැකි නම්‍යශීලීබව

යෝග්‍යතාව
  • අවු 18 සිට 65 දක්වා පුද්ගලයින් සදහා මෙම සැලසුම යටතේ ඉල්ලුම් කල හැකිය.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න