ජන දිරි ජීවිත රක්ෂණ සැලැස්ම

ජන දිරි ජීවිත රක්ෂණ සැලැස්ම

ඍතුමය ආදායම් ලබන පුද්ගලයින් හට වසර පුරාම රක්ෂණ ආවරණය ලබාදෙන ඔවුන් වෙනුවෙන්ම විශේෂයෙන් සැකසූ ජීවිත රක්ෂණ ඔප්පුවකි. 'ජන දිරි’ ඔබේ වාරික වසර 2ක් හිගව පැවතියද ජීවිතය සඳහා පූර්ණ ආරක්ෂාව සපයන රක්ෂණ සැලසුමකි. එනිසා කෘෂිකර්මය, සංචාරක ව්‍යාපාරය හෝ ඍතුමය ආදායම් සහිත වෙනත් ඕනෑම අංශයක් සඳහා වඩාත්ම උචිත ජීවිත රක්ෂණ සැලැස්ම 'ජන දිරි’ වේ. 

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
සහන කාලය අවුරුදු 2 කි

අවම එක් වසරක් සඳහා වාරික ගෙවීමෙන් අනතුරුව උපරිම වසර දෙකක් සඳහා වාරික හිගව පැවතිය ද රක්ෂිිත මුළු මුදල සඳහාම පුර්ණ රැකවරණය.

වාරික ගෙවිය හැකි කාල සීමාව

වසර 10-40 දක්වා ඔබේ අභිමතය පරිදි රක්ෂණ කාලසීමාව තිරණය කිරීමේ හැකියාව.

වාරික ගෙවීම් විකල්ප

ඔබේ අභිමතය පරිදි තෝරා ගැනීමට වාරික ගෙවීම් ක්‍රම රැසක් (මාසික, ත්‍රෛමාසික, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික) 

සහතික කළ සමුච්චිත ප්‍රසාද දීමනාව

කල්පිරීමේදී සම්පුර්ණ මුලික රක්ෂිත මුදල සමඟ ආකර්ෂණිය ප‍්‍රසාද දීමනා. 

අමතර ආවරණ

බරපතල රෝග ආවරණය සෞඛ්‍ය ආවරණ කලත්‍ර ආවරණය වැනි සුවිශේෂී අතිරේක ප‍්‍රතිලාභ රාශියක් සමඟ ඔබේ රැකවරණය පුළුල් කර ගැනීමේ හැකියාව.

අභාවයකදී ලැබෙන වන්දි මුදල

රක්ෂිතයාගේ අභාවයකදී යැපෙන්නන් හට සම්පුර්ණ මුලික රක්ෂිත මුදල සමග ඒ දක්වා උපයා ඇති ප‍්‍රසාද දීමනා සදහා හිමිකම් ලැබීමේ හැකියාව.

නම්‍යශීලී බව

සෞඛ්‍ය ආවරණ සදහා ඔබේ කලත්‍රයා සහ ඔබෙන් යැපෙන දරුවන් පස් දෙනෙකු දක්වා ඇතුලත් කර ගැනීමේ හැකියාව.

යෝග්‍යතාව
  • අවු 18 සිට 60 දක්වා පුද්ගලයින් සදහා මෙම සැලසුම යටතේ ඉල්ලුම් කල හැකිය.
  • ගොවීන්, ධීවරයින්, සංචාරක මෙහෙයුම්කරුවන් ඇතුළුව ඍතුමය ආදායම් උපයන්නන් සඳහා ඉතා යෝග්‍ය වේ. 
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න