ෆ්‍රීඩම් විශ්‍රාම සැලැස්ම

ෆ්‍රීඩම් විශ්‍රාම සැලැස්ම

වඩා උචිත විශ්‍රාම සැලැස්මක ආයෝජනය කිරිම මගින් ඔබේ විශ්‍රාම දිවිය පීඩාවකින් සහ කරදරයකින් තොර බවට සහතික වන්න. නමින් හැඟවෙන පරිදි රෝහල් හෝ වෛද්‍ය බිල්පත් ඉදිරිපත් කිරීමකින් තොරව වාර්ෂික සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිලාභයක් ලෙස ඔබේ විශ්‍රාම වැටුප මෙන් පස් ගුණයක් දක්වා ලබාගැනීමේ හැකියාව සමඟින් මූල්‍යව ස්වාධීන වීම සඳහා ඔප්පු හිමියන්ට මාසික ආදායමක් සපයන මෙම විශ්‍රාම සැලැස්මෙන් අප අරමුණ කරනුයේ ඔබගේ විශ‍්‍රාම දිවියෙහි පරිපුර්ණ නිදහසයි  (ෆ්‍රිඩම්)

ඔබේ විශ්‍රාම ආදායම වාර්ෂිකව 5% කින් වර්ධනය වීම මඟින් උද්ධමනය මගින් සිදුවන මුල්‍ය අවහිරතාද අවම කර ඔබට සුවිශේෂි නිදහසක් ලබා දී ඇත. 

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
විශ්‍රාමික ආදායමෙන් 5% ක වැඩිවීමක්

වැල් පොළී පදනම මත සහතික කළ විශ්‍රාම ආදායම 5% බැගින් සෑම වර්ෂයක් සදහාම  වර්ධනය වේ.

වාර්ෂික සෞඛ්‍ය සේවා ගෙවීම

මාසික විශ්‍රාම ආදායම මෙන් 5 ගුණයක වාර්ෂික සෞඛ්‍යරක්ෂණ ගෙවිමක් (ඔප්පුව ආරම්භයේදී මෙම ආවරණය තෝරාගෙන ඇත්නම්) සිදු කරන අතර එයද වැල් පොළී පදනම මත වාර්ෂිකව 5% බැගින් වර්ධනය වනු  ඇත මෙම මුදල වර්ෂයටම එකවරක් ගෙවන මුදලක් ලෙස සෑම වසරකම මාසික විශ‍්‍රාමිකය භුක්ති විදින කාලය තුලදී ලබාගත හැකිවීම.

වාරික ගෙවිය හැකි කාල සීමාව

අවුරුදු 5 – 40 දක්වා ඔබේ අභිමතය පරිදි රක්ෂණ කාලය තෝරා ගැනීමේ හැකියාව.

නම්‍යශීලී බව

වාර්ෂික අවශ්‍යතාවය ප්‍රකාරව සහ සැලසුම ආරම්භ කිරීම ස්ථිර කිරීමෙන් පසුව මාසික විශ‍්‍රාමිකය භුක්ති විදින කාලසීමාව අවුරුදු 5,10,15 සිට 20 දක්වා ඔබේ අභිමතය පරිදි තෝරා ගැනීමේ හැකියාව.

වාරික ගෙවීමේ විකල්ප

ඔබේ අභිමතය පරිදි තෝරා ගැනීමට වාරික ගෙවීම් ක්‍රම රැසක් (මාසික, ත්‍රෛමාසික, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික)

වාර්ෂික ප්‍රසාද දීමනාව

බරපතල රෝග ආවරණය, සෞඛ්‍ය ආවරණ, කලත්‍ර ආවරණය,පවුල් ආරක්ෂණ ආවරණය වැනි සුවිශේෂී අතිරේක ප‍්‍රතිලාභ රාශියක් සමග ඔබේ රැකවරණය පුඵල් කර ගැනීමේ හැකියාව.

සහතික කල සමුච්චිත ප්‍රසාද දීමනා

වාර්ෂික ප්‍රාසද දීමනා සඳහා සුදුසුකම් ලැබීම හා අවසාන වාර්ෂික දීමනාව ගෙවීමේදී ඒ දක්වා උපයා ඇති ප‍්‍රසාද දීමනා ගෙවනු ලැබේ. 

අභාවයකදී ලැබෙන වන්දි මුදල

මාසික විශ‍්‍රාමිකය ලැබීම ආරම්භ කිරීමට පෙර එනම් වාරික ගෙවන කාලය තුලදී රක්ෂිතයාගේ අභාවයකදී යැපෙන්නන් හට පවාරණ අගය හෝ ගෙවන ලද මුඵ වාරිකයන්ගේ එකතුව යන අගයන්ගෙන් වැඩි අගය හිමිවේ.

ස්ථිර ආබාධිත ප්‍රතිලාභ

මාසික විශ‍්‍රාමිකය භුක්ති විදින කාලය තුලදී සිදුවන ජීවිත රක්ෂිතයාගේ අභාවයකදී රක්ෂණ ඔප්පු උපලේඛණයේ ප‍්‍රකාරව විශ‍්‍රාම අරමුදලේ ශේෂය යැපෙන්නන් හට ලබාගත හැකිවීම. 

යෝග්‍යතාව
  • අවු 18 සිට 65 දක්වා පුද්ගලයින් සදහා මෙම සැලසුම යටතේ ඉල්ලුම් කල හැකිය. 
  • ප්‍රතිලාභ හිමිවීම ආරම්භ වන වයස අවුරුදු 45 සිට 70 දක්වා අතර විය යුතුය.
  • විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් නොමැති පුද්ගලික අංශයේ සේවකයන් සඳහා උචිතය.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න