ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙඩි 60 යනු රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ (වයස අවුරුදු 60) සෞඛ්‍ය රක්‍ෂණ අවශ්‍යතා රාශියක් ඉතා දැරිය හැකි මිලකට ආවරණය කරන සෞඛ්‍ය රක්‍ෂණකි. ඔබේ මුල්‍ය ආයෝජනය මත පදනම්ව පැකේජ 3කින් ඔබට වඩාත් ගැලපෙන සෞඛ්‍ය රක්‍ෂණ සැලැස්ම තෝරාගත හැක.

රෝහල්ගත වීමේ ප්‍රතිලාභ - පුද්ගලික රෝහල්
- රෝහල් සහ හෙද නිවාස නඩත්තු ගාස්තු (කාමර ගාස්තු ඇතුළුව)
- උපදේශණ සහ විශේෂඥ ගාස්තු, ශල්‍ය වෛද්‍ය සහ නිර්වින්දන වෛද්‍ය ගාස්තු
- වෛද්‍ය සහ මෙහෙයුම්, ශල්‍යාගාර වියදම් ඇතුළුව හෙද ගාස්තු. රෝහල්ගත වීමකදී විශේෂඥ වෛද්‍ය නිර්දේශය මත සිදු කරන පරීක්ෂණ සහ විශේෂ ප්‍රතිකාර වියදම්.
රෝහල්ගත වීමේ ප්‍රතිලාභ - රජයේ රෝහල්
- රජයේ රෝහල් දිනකට දීමනාව - උපරිම දින 15 (COVID 19 හේතුවෙන් රජයේ රෝහල්ගතවීම - රජයේ රෝහල් දීමනා සීමාව තුළ දිනකට රු. 1,000/- ගෙවනු ලැබේ (එක් රාත්‍රියක් දිනක් ලෙස සැලකේ)
- රජයේ රෝහලක නොගෙවන වාට්ටුවක නේවාසික රෝගියෙකු ලෙස සිටියදී මිලදී ගත් ඖෂධ සහ පරීක්ෂණ, ස්කෑන්, සහ එක්ස් කිරණ සඳහා දරන වියදම්
එක් දින සැත්කම් සදහා වියදම්
එක් දින සැත්කම් 135 ක් ආවරණය කෙරේ
අතිරේක ප්‍රතිලාභ
ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සහ COVID 19 ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර සඳහාද ආවරණය හිමිවේ.
දින 30කින් හිමිකම් පෑම සඳහා අවස්ථාව ඇත
ඔප්පුව ආරම්භයෙන් දින 30කින් හිමිකම් පෑම සඳහා අවස්ථාව ඇත. මෙය හදිසි අනතුරු සඳහා අදාළ නොවේ.
පළමු වසර බැහැර කිරීම්
පළමු මාස දොළහ තුළ සමහර විශේෂිත රෝග සහ සැත්කම් බැහැර කරනු ලැබේ.
පෙර පැවති රෝග තත්වයන්
දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ අධි රුධිර පීඩනය හැරුණු විට ඔප්පුව ලබා ගැනීමට පෙර පවතින රෝග තත්වයන් බැහැර කර ඇත.
වයස අවුරුදු 60 ත් 70 ත් අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙම රක්ෂණාවරණය ලබා ගත හැකි අතර වයස අවුරුදු 80 න් පසු එය අවසන් වේ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.