හෝම් ප්‍රොටෙක්ට් ලයිට්

හෝම් ප්‍රොටෙක්ට් ලයිට්

හෝම් ප්‍රොටෙක්ට් ලයිට් රක්ෂණාවරණය ගිනි සහ සොරබිය රක්ෂණාවරණයන්හි ප්‍රතිලාභයන් ඒකාබද්ධ කර සකස් කරන ලද රක්ෂණ සැලසුමකි. විශේෂිත පැකේජ 2කින් සමන්විත වන මෙම රක්ෂණ සැලසුම ඉතා පහසුවෙන් හා ක්ෂණිකව ඔබට මිළදී ගත හැකිවන අයුරින් සකස් කර ඇත

 

නියමයන් සහ කොන්දේසි:

  • ගොඩනැගිල්ල හුදෙක්ම පුද්ගලික වාසස්ථානයක්/ නිවෙසක් ලෙස භාවිතා කළ යුතු අතර අනෙකුත් කාර්යයන් හෝ ගෘහාශ්‍රිත කර්මාන්තයක් සඳහා භාවිතා නොකළ යුතුය
  • පරිශ්‍රය සොරකම් වළක්වාලීම සඳහා ආරක්ෂා කර තිබිය යුතුය
  • පරිශ්‍රය මනා තත්ත්වයකින් පවත්වා ගෙන ගොස් තිබිය යුතුය
  • ගොඩනැගිලි ව්‍යුහය ගඩොල්/ කොන්ක්‍රීට්/ සිමෙන්ති බ්ලොක් ගල්වලින් තැනූ බිත්ති වලින් සමන්විත විය යුතු අතර වහලයක් තිබිය යුතුය
ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
ප්‍රධාන පැකේජ:
පරිශ්‍රය තුළ සිදුවිය හැකි උපරිම හානිය මත පදනම්ව ප්‍රධාන පැකේජ දෙකින් එකක් ඔබේ කැමැත්ත මත තෝරාගත හැකිය:
  • තේරීම 1: රක්ෂිත මුදල උපරිම හානිය රු 1,000,000 මත පදනම් වේ
  • තේරීම 2: රක්ෂිත මුදල උපරිම හානිය රු 3,000,000 මත පදනම් වේ
විශේෂාංග:
  • පහසු‍ හිමිකම්ඉල්ලීම් නිරවුල් කිරීමේ ක්‍රියාදාමය
  • රක්ෂණය ආරම්භයේ රක්ෂිත භාණ්ඩ ලැයිස්තුව ප්‍රකාශයට පත් නොකිරීම
  • ක්ෂණිකව රක්ෂණාවරණය මිලදී ගැනීමට ඇති හැකියාව
  • දැරිය හැකි වාරික
  • අවම ලිපි ලේඛන සහ කඩිනම් සේවා සැපයුම
හෝම් ප්‍රොටෙක්ට් ලයිට් ඔබේ නිවසට එහි තිබෙන භාණ්ඩවලට පහත දැක්වෙන උපද්‍රව සඳහා රක්ෂණය සපයයි:
  • ගිනි සහ අකුණු
  • කෝලාහල සහ වැඩ වර්ජන
  • ද්වේශ සහගත අලාභහානි
  • පිපිරීම්
  • භූමිකම්පා
  • කුණාටු/ සුළිකුණාටු/ චණ්ඩ මාරුත සහ ගංවතුර/ සුනාමි ඇතුළු ස්වභාවික ආපදා
  • ජල ටැංකි, ජල නල සහ උපාංග පිපිරුම හෝ පිටාර ගැලීම
  • ගුවන්යානා මගින් සිදුවන හානි
  • සොර සතුරු රක්ෂණ ආවරණය (භාණ්ඩ සඳහා පමණි)
  • විදුලි පරිපථ ලුහුවත් වීම
  • සුන්බුන් ඉවත් කිරීම
  • වෘත්තීමය ගාස්තු
යෝග්‍යතාව
  • රක්ෂණ ඔප්පු හිමියාට රක්ෂණ දේපල සම්බන්ධව රක්ෂණීය අයිතියක් තිබිය යුතු වේ
  • රක්ෂණ ඔප්පු හිමියා ශ්‍රී ලංකා නෛතික රාමුව ප්‍රකාරව රක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීම සදහා සුදුසුකම් ඇති අයෙකු විය යුතුය
  • දේපල / වත්කම් රක්ෂණය කිරීම ශ්‍රී ලං‍කාවේ භූගෝලීය සීමාව තුළ විය යුතුය
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න