සොර බිය රක්ෂණය

සොර බිය රක්ෂණය

තනි නිවාස සඳහා බෙහෙවින් උචිත අපගේ සොර බිය රක්ෂණ ආවරණය ගෙවල් බිඳීම් ‍නිසාවෙන් සිදුවන දේපළ අහිමිවීම් හෝ හානිවීම් සඳහා ආවරණය සලසයි. මෙම පුළුල් රක්ෂණ ඔප්පුව, ඔබ නිවසේ සුරක්ෂිත බව සහ එහි ඇති වටිනා දේවල ආරක්ෂාව ඔබගේ වෙහෙසකර ජීවන රටාවට තව දුරටත් කිසිදු කනස්සල්ලක් ඇති නොකරනු ඇත

 

නියමයන් සහ කොන්දේසි:

  • ගොඩනැගිල්ල හුදෙක්ම පුද්ගලික වාසස්ථානයක්/ නිවෙසක් ලෙස භාවිතා කළ යුතු අතර අනෙකුත් කාර්යයන් හෝ ගෘහාශ්‍රිත කර්මාන්තයක් සඳහා භාවිතා නොකළ යුතුය
  • පරිශ්‍රය මනා තත්ත්වයකින් පවත්වා ගෙන ගොස් තිබිය යුතුය
  • ගොඩනැගිලි ව්‍යුහය ගඩොල්/ කොන්ක්‍රීට්/සිමෙන්ති බ්ලොක් ගල්වලින් තැනූ බිත්තිවලින් සමන්විත විය යුතු අතර වහලයක් තිබිය යුතුය

 

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
දේපල අහිමි වීම ආවරණය කරයි

ගෙවල් බිදුම්/ සොරකම් ආදිය නිසාවෙන් ගෘහ භාණ්ඩ, විදුලි සහ විද්‍යුත් උපකරණ, වටිනා භාණ්ඩ, සිතුවම්, පෞරාණික දෑ වැනි දේපල අහිමිවීම් ආවරණය කරයි

දේපල වලට සිදුවන හානිය ආවරණය කරයි

බලහත්කාරයෙන් ඇතුළුවීම හෝ පිටවීම හෝ ඒ සඳහා වන උත්සාහයකදී දේපලවලට සිදුවන හානි (දොරගුළු, ජනේල සහ දොරවල්) ආවරණය කරයි

පහසු විසඳුමක්

පහසු ‍හිමිකම් ඉල්ලීම් නිරවුල් කිරීමේ ක්‍රියාදාමය

යෝග්‍යතාව
  • රක්ෂණ ඔප්පු හිමියාට රක්ෂණ දේපල සම්බන්ධව රක්ෂණීය අයිතියක් තිබිය යුතු වේ
  • රක්ෂණ ඔප්පු හිමියා ශ්‍රී ලංකා නෛතික රාමුව ප්‍රකාරව රක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීම සදහා සුදුසුකම් ඇති අයෙකු විය යුතුය
  • දේපල / වත්කම් රක්ෂණය කිරීම ශ්‍රී ලං‍කාවේ භූගෝලීය සීමාව තුළ විය යුතුය
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න