මිණිමුතු පරිත්‍යාග

මිණිමුතු පරිත්‍යාග

ඔබේ දරුවාගේ අනාගතය ආරක්ෂා කිරීමෙන් ඔබ වළක්වාලීමට ඉතා ඉහළ වාරිකවලට ඉඩ නොදෙන්න. මිණිමුතු පරිත්‍යාග ළමා රක්ෂණ සැලැස්ම මගින් ඔබට පහසුවෙන් දැරිය හැකි අඩු වාරිකයකට ඔබේ දරුවා පූර්ණ ආරක්ෂා කිරීමේ වගකීම දරා ගැනීමට අපි ඔබට සහාය වන්නෙමු. මිණිමුතු පරිත්‍යාග ළමා රක්ෂණ සැලස්ම තුළින් දීප්තිමත් අනාගතයක් පිළිබඳ සිහිනය ඔබේ දරුවාට තිළිණ කිරීමට දැන් ඔබටද හැකිය. 

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
වාරික ගෙවිය හැකි කාල සීමාව

දරුවාගේ වයස අනුව අවුරුදු 10-24 දක්වා කාලයක් සඳහා රක්ෂණ ඔප්පුව ලබා ගත හැක.

වාරික ගෙවීමේ විකල්ප

ඔබේ අභිමතය පරිදි තෝරා ගැනීමට වාරික ගෙවීම් ක්‍රම රැසක් (මාසික, ත්‍රෛමාසික, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික)

මූල්‍ය ආධාර

උසස් අධ්‍යාපනය සඳහා දරුවාට මූල්‍ය සහාය අවශ්‍ය වන්නෙ අවුරුදු 18 -25 අතර කවර කාලසීමාවේදී ද යන්න දෙමව්පියන්ට තීරණය කිරීමට හැකිය.

අභාවයකදී ලැබෙන වන්දි මුදල

වාරික ගෙවන කාලසීමාවේදි ප‍්‍රධාන ජීවිත රක්ෂිතයාගේ (මව /පියා/භාරකරු) අභාවයකදී.

සහතික කළ මුළු මුදලට දරුවා වහාම හිමිකම් ලබන අතර සියලු අනාගත වාරික ගෙවීම්වලින් නිදහස් කරනු ඇත. දරුවාට හෝ භාරකරුට රක්ෂණ ඔප්පුවේ කාලසීමාව අවසන් වන තුරු එක් එක් වසර සඳහා මුළු මුදලින් අතිරේක 15%ක් ද ලැබෙනු ඇත.

අමතර ආවරණ

බරපතල රෝග ආවරණය, සෞඛ්‍ය ආවරණ, කලත‍්‍ර ආවරණය, අවමංගල්‍ය වියදම් ආවරණය වැනි සුවිශේෂී අතිරේක ප‍්‍රතිලාභ රාශියක් සමග ඔබේ රැකවරණය පුඵල් කර ගැනීමේ හැකියාව. 

යෝග්‍යතාව
  • වයස මාස 1 සිට අවුරුදු 15 දක්වා වන තම දරුවන් වෙනුවෙන්  අවුරුදු 18 සිට 60 දක්වා වයසේ දෙමව්පියන්ට මෙම රක්ෂණ ඔප්පුව ලබාගත හැකිය. 
  • ආරෝග්‍ය ශාලා ගතවීම් ආවරණය සදහා වයස මාස 1 සිට සහ අසාධ්‍ය රෝග ආවරණය සදහා වයස අවුරුද්ද සම්පුර්ණ වීමෙන් පසුව සාමාන්‍ය පිරිවැයට ලබාගැනීමට ඔබේ දරුවා හිමිකම් ලබනු ඇත. 
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න