මොටර් ප්ලස් ලෝයල්ටි ප්‍රතිලාභ

මොටර් ප්ලස් ලෝයල්ටි රිවෝඩ්ස් යනු කුමක්ද?

පරම්පරා ගණනාවක් මුළුල්ලෙහි ශ්‍රී ලංකාවේ වඩා විශ්වාසවන්තම රථ වාහන රක්ෂණයේ ප්‍රමුඛයා ලෙස, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තමන් කෙරෙහි විශ්වාසය තබා ඇති පූර්ණ රථවාහන රක්ෂණ ඔප්පු හිමියන්ට තම කෘතවේදීත්වය පලකරනු පිණිස ඉහළ ප්‍රතිලාභ ලබා දෙන මෝටර් ප්ලස් ලෝයල්ට් රිවෝඩ්ස් වැඩසටහන දියත් කරන ලදී.

දිනෙන් දින වර්ධනය වන අගය එකතු කළ සේවා රාශියක් සමගින් ත්‍යාග දිනුම් ඇදීම් ඇතුළුව ත්‍යාග සහ ප්‍රතිලාභ අති විශාල සංඛ්‍යාවක් මෝටර් ප්ලස් පූර්ණ රක්ෂණ ඔප්පු හිමියන්ට සැපයිමේ පුළුල් අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. මෝටර් ප්ලස් ලෝයල්ටි ප්‍රතිලාභ වැඩසටහන විශ්මිත ප්‍රතිලාභ, සති‌යේ පැය 24 පුරා අසමසම පාරිභෝගික සේවාව සහ රක්ෂණ ඔප්පු හිමියන්ගේ උපරිම පහසුව සඳහා ශ්‍රී ලංකා‌වේ ප්‍රමුඛ පෙළේ රථ වාහන නියෝජිතයන් සමග ඒකාබද්ධව කටයුතු කිරීම වැනි සේවා සපයන දේශීය රක්ෂණ වෙළදපොළේ ප්‍රමුඛතම ලෝයල්ටි වැඩසටහනයි.

Vendors
ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
යෝග්‍යතාව
  • රක්ෂණය අළුත් කරන අවස්ථාවේ හෝ නව රක්ෂණ ඔප්පුවක් ලබා ගන්නා අවස්ථාවේ මෝටර් ප්ලස් ඔප්පු හිමියන් ප්‍රතිලාභ වැඩසටහන හා එක්වීමට හිමිකම් ලබයි.
  • ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ප්‍රතිලාභ වැඩසටහනේ කවර හෝ හවුල්කාර ආයතනයකට මෝටර් ප්ලස් රක්ෂණ කාඩ්පත ඉදිරිපත් කිරීම මගින් මෝටර් ප්ලස් ප්‍රතිලාභ ලබා ගැනීමට හැකිය.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න