කොම්ප‍්‍රිහෙන්සිව් 'හෙල්ත් ප්ලස්'

කොම්ප‍්‍රිහෙන්සිව් 'හෙල්ත් ප්ලස්'

ශ්‍රි ලංකාවේදී මෙන්ම විදේශයකදී ශල්‍යකර්ම වෛද්‍ය සහ රෝහල්ගත කිරීමේ වියදම් ආවරණය කරන පරිපූර්ණ සෞඛ්‍ය රක්ෂණයකි. කොම්ප‍්‍රිහෙන්සිව් 'හෙල්ත් ප්ලස්' රක්ෂණය ඔබට පමණක් නොව ඔබගේ කලත්‍රයා සහ ඔබෙන් යැපෙන දරුවන් 5 දෙනෙකු දක්වා රෝහල්ගතවීමකදී මූල්‍ය ආධාර සපයයි මෙම අතිරේක ආවරණය සදහා අපගේ රක්ෂණ ඔප්පුවක් සමග ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.

 

A කාණ්ඩය:

ශි‍්‍ර ලංකාව තුල පමණක්

B කාණ්ඩය:

ශ්‍රී ලංකාව, ඉන්දියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ මැලේසියාව

C කාණ්ඩය:

ඇමරිකාව සහ කැනඩාව හැර සියඵම රටවල්

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
ප්‍රතිපත්ති කාලය

අවුරුදු 5 – 40 දක්වා ඔබේ අභිමතය පරිදි රක්ෂණ කාලය තෝරා ගැනීමේ හැකියාව.

වාරික ගෙවීමේ විකල්ප

ඔබේ අභිමතය පරිදි තෝරා ගැනීමට වාරික ගෙවීම් (මාසික, ත්‍රෛමාසික, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික) 

රෝහල් ගතවීමකදී ලැබෙන ප්‍රතිලාභ

රෝහල්ගතවීම් ප‍්‍රතිලාභය,වෛද්‍ය වියදම්,විවිධ රෝහල් සේවා සහ විවිධ සේවා සැපයීම් ගාස්තු,ගිලන්රථ ගාස්තු, දරු ප‍්‍රසුතිය සදහා වන වියදම්,ප‍්‍රතිෂ්ඨාපන ප‍්‍රතිලාභය ආදි සුවිශේෂි ප‍්‍රතිලාභ රාශියක් මේ යටතේ ආවරණය සපයනු ලැබේ. 

හිමිකම් නොපෑමේ ප්‍රසාද දීමනා

හිමිකම් ලබාගෙන නොමැති වසරක් සදහා 25% බැගින් 100% උපරිමයක් දක්වා හිමිකම් නොපෑමේ ප‍්‍රසාද දීමනා ලබා ගැනීමේ හැකියාව. 

අමතර ආවරණ

අප ආයතනය මගින් නිකුත් කරනු ලබන වීශ‍්‍රාම සැලසුම්,ළමා රක්ෂණ සැළසුම් වැනි විවිධ රක්ෂණ සැලසුම් යටතේ මෙම ආවරණ ඇතුලත් කර ගැනීමේ හැකියාව.

කාඩ්පත් පහසුකම්

ශ‍්‍රි ලංකාව ඇතුලතදී සිදුවන රෝහල්ගතවීම් සදහා කාඞ්පත් පහසුකම් ද සැපයේ.

යෝග්‍යතාව
  • අවුරුදු 18 සිට 60 දක්වා වයසේ පුද්ගලයින්ට මෙම රක්ෂණ ඔප්පුව ලබාගත හැකි අතර වයස 70 දක්වා ආවරණය සපයනු ලැබේ.
  • වයස මාස 3 සිට අවුරුදු 20 දක්වා වන යැපෙන අවිවාහක දරුවන් මේ යටතේ ආවරණය කරනු ලබන අතර වයස 23 දක්වා දරුවන් සදහා මේ යටතේ ආවරණ සපයනු ලැබේ.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න