වෙල්ත් ප්ලස්

වෙල්ත් ප්ලස්

කෙටි කාලසීමාවක් සදහා වාරික ගෙවා දිගු කාලීන ආරක්ෂාව මුලික අරමුණු කරගෙන වෙල්ත් ප්ලස් රක්ෂණාවරණය හදුන්වාදී ඇත. එමෙන්ම, අසමසම ආකර්ශණිය පුර්ණත්ව ප‍්‍රතිලාභ හිමිවන සුවිශේෂි රක්ෂණ සැලසුමකි. සරල පොලී අනුපාතය යටතේ මුලික රක්ෂිත මුදල 5% බැගින් වාර්ෂිකව වර්ධනය වන අතර වසර 20 ක් සදහා වන රක්ෂණ ඔප්පුවක් සදහා කල්පිරීමේ දී මුලික රක්ෂිත මුදල මෙන් දෙගුණයක් දක්වා වර්ධිත කල්පිරීමේ ප‍්‍රතිලාභ. 

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
වාරික ගෙවිය හැකි කාල සීමාව

අවුරුදු 3, 5 හෝ 7 වාරික ගෙවීම් කාලයන් සහිත සහ අවුරුදු 10, 15 හෝ 20 දක්වා වූ ඔබේ අභිමතය පරිදි රක්ෂණ කාලය තෝරා ගැනීමේ හැකියාව.

වාරික ගෙවීම් විකල්ප

ඔබේ අභිමතය පරිදි තෝරා ගැනීමට වාරික ගෙවීම් ක්‍රම රැසක් (මාසික, ත්‍රෛමාසික, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික)

අමතර ආවරණ

බරපතල රෝග ආවරණය, සෞඛ්‍ය ආවරණ, කලත්‍ර ආවරණය වැනි සුවිශේෂී අතිරේක ප‍්‍රතිලාභ රාශියක් සමග ඔබේ රැකවරණය පුළුල් කර ගැනීමේ හැකියාව.

සහතික කළ සමුච්චිත ප්‍රසාද දීමනාව

කල්පිරී‌මේදි නිසැකව ලැබෙන වර්ධිත රක්ෂිත මුදලට අමතරව ප‍්‍රසාද දීමනා.

අභාවයකදී ලැබෙන වන්දි මුදල

රක්ෂිතයාගේ අභාවයකදී යැපෙන්නන් හට වර්ධිත රක්ෂිත මුදල මෙන් 125% ගුණයක් සමග ඒ දක්වා උපයා ඇති ප‍්‍රසාද දීමනා. හිමිවේ.

නම්‍යශීලී බව

සෞඛ්‍ය ආවරණ සදහා ඔබේ කලත්‍රයා සහ ඔබෙන් යැපෙන දරුවන් පස් දෙනෙකු දක්වා ඇතුලත් කර ගැනීමේ හැකියාව.

යෝග්‍යතාව
  • අවු 18 සිට 65 දක්වා පුද්ගලයින් සදහා මෙම සැලසුම යටතේ ඉල්ලුම් කල හැකිය..
  • අපේක්ෂිත අවම මුලික රක්ෂිත මුදල රු. 100,000 නොඅඩු විය යුතුය.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න