ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිවිසවි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිවිසවි

අප ආයතනය මගින් හදුන්වාදී ඇති මෙම දිවිසවි සැලසුම ඉතා අඩු වාරිකයක් යටතේ  සෞඛ්‍ය ආවරණ ලබා ගැනීම සදහාම විශේෂයෙන් සකසා ඇති රක්ෂණාවරණයකි. රක්ෂණ ඔප්පුව පවත්වාගෙන යන කාලය අතරතුරදී සිදුවන රක්ෂිතයාගේ අභාවයකදී හෝ රෝහල්ගතවීමකදී මේ යටතේ ආවරණය සපයනු ලැබේ. ඊට අමතරව පහත අතිරේක ආවරණයන් සමග පුඵල් රක්ෂණයක් භුක්ති විදීමේ හැකියාව.

දිවිසවි සැලසුම යටතේ පහත දැක්වෙන අතිරේක ආවරණයන් ලබාගත හැකිය.

  • ස්වර්ණ ජයන්ති ආවරණය
  • සහකරු / සහකාරිය සදහා ආවරණය (කලත‍්‍ර ආවරණය)

තවද මේ යටතේ පහත සදහන් සෞඛ්‍යාවරණයන් ලබාගත හැකිය.

  • SLIC සර්ජිකල් ප්ලෑන්
  • SLIC හොස්පිටල් කෑෂ් ප්ලෑන්
  • SLIC කොම්ප‍්‍රිහෙන්සිව් හෙල්ත් ප්ලස්
  • SLIC කොම්ප‍්‍රිහෙන්සිව් හෙල්ත් ප්ලස් - ෆැමිලි ෆ්ලෝට(ර්) ආවරණය
ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණ ආවරණයක්
ප්‍රතිලාභ
ප්‍රතිපත්ති කාලය

අවුරුදු 5 – 40 දක්වා ඔබේ අභිමතය පරිදි රක්ෂණ කාලය තෝරා ගැනීමේ හැකියාව.

වාරික ගෙවීමේ විකල්ප

ඔබේ අභිමතය පරිදි තෝරා ගැනීමට වාරික ගෙවීම් ක්‍රම රැසක් (මාසික, ත්‍රෛමාසික, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික) 

ක්ෂණික වන්දි
අතිරේක ආවරණ සමඟ පුළුල් කළ හැකිය

රක්ෂිතයාගේ අභාවයකදී මුලික රක්ෂිත මුදල යැපෙන්නන් හට ප‍්‍රතිලාභ ලෙස හිමි වේ. 

යෝග්‍යතාව
  • අවු: 18 - 65 වයසේ පුද්ගලයන්ට මෙම රක්ෂණ ඔප්පුව ලබා ගත හැක.
මගේ රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෝරාගත යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යනු වසර 60ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රමුඛතම රක්ෂණ ආයතනය වන අතර නවීන තාක්ෂණය මෙන්ම පුර්ණ රාජ්‍ය රැකවරණය හිමි විශ්වාසනීය ආයතනයකි. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලම වත්කම් සම්භාරය වන රු.බිලියන 268ටද, ඉහලම ජීවිත රක්ෂණ අරමුදල වන රු.බිලියන 152.5ක අරමුදලටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හිමිකම් කියනු ලැබේ.

වැඩිදුර ඉගෙන ගන්න
ඉක්මන් විමසුම

වැඩි විස්තර සඳහා අප අමතන්න

අමතන්න : +94 11 235 7357

ළඟම ඇති ශාඛාව සොයා ගන්න

දැන් සොයා ගන්න

වාර්ෂික වාර්තාව බාගන්න

දැන් බාගන්න